රන් වටින රනිත්මාට සූරතාවය මඟ හැරුණත් අගය අඩු නැත

0
2


ශ්‍රී ලංකාව ඉමහත් බලාපොරොත්තු තබා සිටි බහරේන් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ කාන්තා කේවල සූරතාවය රනිත්මා ලියනගේ අතින් ගිලිහි ගියාය.අප ඒ සම්බන්ධව තරගයට පෙර ලියන ලද සටහනට මෙතනින් පිවිසිය හැකිය.
https://bit.ly/3Of5FRe

එහි අප සඳහන් කළ පරිදිම ලෝකයේ අති දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් නිර්මාණය වන සංස්කෘතියක් සහිත ඉන්දීය පොළවේ රනිත්මා හා සම වයසේ සිටින ප්‍රක්රිටී භාරත් රනිත්මාට එරෙහිව ලකුණු 21 – 13 ක් සහ 21 – 17 ක් ලෙස අවසාන තරගය ජය ගත්තාය.අත්දැකීම් බහුල ක්‍රීඩක පෞරශයන් සමග නිරන්තර පුහුණුවට ඇති ඉඩෙන් ප්‍රක්රිටී ලබා ඇති ආභාෂයන් මේ තරගයේදී කදිමට දැක ගන්නට ලැබිණ.

රනිත්මා අතින් අනවශ්‍යය ලෙස පිටියෙන් පිටතට එල්ල වූ පහරවල් ප්‍රමාණය වැඩි විය.එය කළමණාකරණය කරන්නට ඇය වෙනුවෙන් රැදී සිටින්නට අවශ්‍යය විශේෂඥ ඥාණයක් අසළ නොවිණි.ඊට හේතු ඇත.ලංකාව බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් හැකියාවන්වලට වඩා භෞතික දුප්පත්කමෙන් පෙළෙන රටකි.රනිත්මා වැනි ක්‍රීඩිකාවකගේ පොහොසත් හැකියාව මේ තරම් හෝ පලදායක කර ගැනීමට හැකි වී තිබෙන්නේ රොහාන් ද සිල්වා ගේ පෞද්ගලික ධන කැපකිරීම පදනම් කර ගෙනය.
රජය මේ තත්ත්වයන්ට පිළිතුරක් ලෙස මේ ක්‍රීඩකයන්ට රජය මඟින් වියදම් කරමින් සංචාරයෙන් සංචාරයට යොමු කරන්නට අප යෝජනා කරන්නේ නැත.එහෙත් ලංකාවේ තිබෙන ප්‍රධාන වානිජ වටිනාකම් ඇති ව්‍යාපාර සඳහා ක්‍රීඩාවට ආධාර කිරීමෙන් ලැබෙන බදු සහන වැනි දේවල් ආකර්ශණීය වන්නේනම් ඔවුන් සිය ලාභයේ කොටසක් බවට ක්‍රීඩාවේ ජයග්‍රහණ පත් කර ගන්නට ඉදිරියට එනු නිසැකය.

රනිත්මාගේ පිටියෙන් පිටත පතිත කිරීම් මෙන්ම පාදවල ඇදීමේ දුර්වලතාවයක් ද තිබිණ.එම stretching ගැටළුව නිසා ඇයට පහරකින් පහරකට යොමු වීමට යම් ප්‍රමාදයක් ඇති වන ආකාරයක් ද දකින්නට ලැබිණ.තරගය තුළ වැඩි වේලාවක් ඉන්දීය ක්‍රීඩිකාව රඳවා ගැනීමට තිබුණානම් ප්‍රතිපලය වෙනස් වන්නට තිබිණ.එසේම යම් ඉලක්කයක් සහතික කිරීමෙන් ඉනික්බිති රනිත්මා යම් සැහැල්ලු තත්ත්වයකට පත්වන ආකාරයක් දකින්නට ලැබිණ.ලකුණු 21 මිස ප්‍රතිවාදිණිය තමන්ට ඉදිරියෙන් සිටින ලකුණු ප්‍රමාණය සම කිරීමෙන් තෘප්තිමත් නොවිය යුතු බවට ඇයට නිතර හිතට කා වැද්දිය යුතුව ඇත.
මෙය පුහුණුකරුගේ භෞතික පුහුණුව ඉක්මවා ගිය මානසික අභිප්‍රේරකයෙකුට පැවරිය යුතු තත්ත්වයක් වන අතර ක්‍රීඩාව කෙරෙහි එවැනි නැඹුරුවකින් රැකියාව පටන් ගෙන මේ වන විට එහි තවත් පෙදෙස් ආක්‍රමණය කර තිබෙන භාතිය අර්ථනායක වැන්නෙකුගේ ක්‍රීඩා ප්‍රේමය යම් ආකාරයක කේවල් කිරීමක් කර රනිත්මා සතුව ඇති දුර ගමණට ඔහු වැන්නෙක් සම්බන්ධ කර ගැනීමට හැකිනම් වැදගත්ය.

රනිත්මාට මඟ හැරුණේ එක සූරතාවයක අවසාන තරගය පමණි.ඇයට ඇති දිගු ගමණේ ලංකාවට ඇයව අත අරින්නට බැරි තරම් සූරතා දිනා දිය හැකි ක්‍රීඩිකාවක්ය.රය අවිවාදිතය.එහෙත් තරගයෙන් තරගය අනෙකා පරාජය කිරීම තරමටම තමාගේ නිවැරදි විය යුතු තාක්ෂණික දෝෂ සහ සිතුවිලි පෙළ ගැස්ම ඔස්සේ ඇයව මෙහෙයවීමට වැඩ සැළසුමක් අවශ්‍යය බව පැහැදිළිය.
‘සමහර විට පරණ ක්‍රීඩිකාවකට හෝ ක්‍රීඩකයෙකුට අපිට ඔය මොකුත් නැහැ පැලෙන්න ගැහැව්වා‘ කියා කියන්නට හැකියාව ඇත.එහෙත් බැඩිමින්ටන් ක්‍රීඩකයා යනු මේ මොහොතේ ඒ ක්‍රීඩා කරන සීමාව ඇතුළත දකින තනි පුද්ගලයා පමණක් නොවේය.ඔහු පෝෂනය කළ විවිධ පුද්ගලයන්ගේ සංකලනයක සාර්ථකත්වය ය.

රනිත්මා අපි දිනමු ඔබ රන් වටී යන්න අපි ලියා තබන්නේ ඇය ඇය ගැන උනන්දු වන තරමට ඇයගේ වගකීම් සහ ක්‍රීඩාවේ අනාගතය ගැන වගකීම් ගත යුතු සියල්ලමත් ඇය ගැන උනන්දු වනු ඇතැයි විශ්වාසයෙන්ය.ශ්‍රී ලංකා බැඩිමින්ටන් ෆේස් බුක් පිටුවෙන් මේ තරගය ඔබට මේ අකුරු එක්ක සසඳමින් කියවන්නට අප එය ද මෙහි අමුණා තබන්නට තීරණය කළෙමු.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here