IMF  වැඩසටහනේ තුන්වන සමාලෝචනය ළඟදීම!

0
5


අද (17) දින IMF  වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා වන සාකච්ඡා පැවැත්වීමට විශේෂ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණෙන බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම ලබන 23 වනදා දක්වා මෙරට රැඳී සිටින බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ වාරිකය ලබා දීමට නියමිත බව පැවසේ.

IMF දූත කණ්ඩායමක්  ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා සහ කණ්ඩායම් සමග එහිදී ඵලදායි සාකච්ඡාව පැවැත්වීමට හැකි වූ බවයි

IMF වැඩසටහනේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතයක් අත්කරගෙන ඇති බවද ශ්‍රීනිවාසන් එහිදී සඳහන් කළ අතර, ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ලබාගත් සාර්ථකත්වය මත ගොඩනැගිය යුතු බව ඔහු තවදුරටත් පෙන්වා දුනි



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here