ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵලයට වඩා දීප්තියක් අද මහ මැතිවරණ ප්‍රතිඵලයට වැටී තිබෙන්නේම ඒ නිසාවෙනි.
යාපනය දිස්ත්‍රික්කය තුළ ජාතික ජන බලවේගය ජන්ද 80830ක් ලබාගෙන මන්ත්‍රී ආසන 03ක් ද දිනාගන්නේ එහි සම්ප්‍රදායික දේශපාලන බල කඳවුර දෙවැනි තුන්වැනි තැන්වලට පසුබස්වමිනි. එනයින් පිළිඹිඹු වන්නේ ජනතාව වෙලා සිටි අපේක්ෂාවන් ය. පසුගිය කාලය පුරාම දේශපාලන වේදිකාවට සීමා වී තිබූ ජනතාවගේ සතුට, අයිතිවාසිකම්, ජීවිතය ඔවුනගෙන් උදුරා ගෙන තිබීමත් ඒ නිසාම ඔවුන් එම පරිශ්‍රයෙන් ක්‍රමයෙන් ඉවත් වීමත් අද මහ මැතිවරණ ජන්ද ප්‍රතිඵලය විසින් සංකේතවත් කර තිබේ. නුවරඑළිය, බදුල්ල ජන්ද ප්‍රතිඵල විසින්ද කියනු ලබන්නේ සැබෑ ලෙසම ඔවුන් දේශපාලනය තුළ වෙනස් වෙමින් සිටින බවත් දේශපාලන සාක්ෂරතාව ඔවුන් වෙත කාන්දුවෙමින් තිබෙන බවත් නොවේද?
විශේෂයෙන් උතුර තුළ සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා,ශ්රිධරන්ලා,මාවෙයිලා නොමැතිව රනිල්ට,සජිත්ට එහි ජයග්‍රහණයක් ගැන සිතිය නොහැකි වුවත් එකී දේශපාලනය අද ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක ප්රමුඛ මාලිමාව විසින් වෙනස් කර තිබේ. ඒ අනුව උතුරේ සහෝදර ජනතාව වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ සැබෑලෙසම ”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන් නොවේද? එහෙයින්ම ඔවුන් තරයේ වැළඳ ගැනීම මෙන්ම එම විශ්වාසය රැකීමද අද ජාතික ජන බලවේගය සතු පරම වගකීමය. උතුර නැගෙනහිර පමණක් නොව රටම අද මලිමාවට අවශ්‍ය බලය ලබා දුන්නේ එකී පොදු අරමුණෙනි. එහෙයින් මැතිවරණ ජයග්‍රහණ තුළ මෙතෙක් කාලයක් පැවති පෞද්ගලික පරමාර්ථ ඉටුකරගැනීම වෙනුවෙට අද එය පොදු අරමුණක් වෙනුවෙන් විතැන් වී තිබේ. ”පොහොසත් රටක්.ලස්සන ජීවිතයක්” තුළ සෑබ ලෙසම ජනතාව තුටින් වසනු ඇත. එකී පොදු මහජන බලාපොරොත්තුව එලෙසම රැකෙනු ඇතැයි හෙට දවස වෙනුවෙන් අද මැතිවරණ ප්‍රතිඵලය දෙස බලමින් සමස්ත රටක් අපේක්ෂාසහගතව පසුවෙයි. එය යතාර්ථයක් කිරීම ජනාධිපති ප්රමුඛ නව ආණ්ඩුවට භාරය. ඊට අවශ්‍ය සහය පොදු ජනතාවගෙන් නොඅඩුව ලැබෙන බවද මැතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්වා දී ඇති හෙයින් දැන් මාලිමාවට ජනතාවත් සමඟම එකමිටට කෙළින්ම වැඩට බැසිය හැකිය.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media