අනුර ප්‍රමුඛ NPP ඉල්ලු ශක්තිමත් ආණ්ඩුව ජනතාව පිළිගනියි – රටපුරා වාර්තා ගත ලෙස NPP ඉදිරියට!

0
2


ඒ අනුව මහ මැතිවරණයේ ජයග්‍රහණය තාහ්වුරු කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙන අතර යාපනය, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල සම්ප්‍රදායික දේශපාලන උඩුයටිකුරු වන ප්‍රතිඵලයක් ලැබී තිබීමද විශේෂත්වයක්.

එම නිසාම මෙම ජයග්‍රහණය ජාතික ජන බලවේගයට සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර සමස්ත රටේම එකඟතාව ඔවුන් වෙත හිමිව තිබේ.

ප්‍රකාශිත අවසන් නිල ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයේ ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 406,428ක් වන අතර එහි ප්‍රතිශතය 68.07%ක් ලෙසදැක්වෙයි.

ඒ අනුව ඔවුන්ට දිස්ත්‍රික්කයේ ආසන 7ක් හිමිව ඇත.

මාතර දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමටත් ජාතික ජන බලවේගය සමත්විය. ඒ ඡන්ද 317,541ක් ලබා ගනිමිනි. එහි ප්‍රතිශතය 69.83%ක් වන අතර ආසන 6ක් හිමිකර ගැනීමටත් ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

සම්පූර්ණ දකුණු පළාතේම බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙන අතර හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයට එහි ආසන 5ක් හිමිවිය. ඒ ඡන්ද 234,083ක් ලබාගනිමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here