එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවිය යුතු බවත් රත්නායක මහතා කියා සිටියි.
”යම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් සිදු වුවහොත් එම ඡන්ද පොළේ ඡන්ද විමසීම ශුන්‍ය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගන්නවා. විශේෂයෙන්ම නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා. ඒ වගේම ඕනෑම හදිසි අවස්ථාවක කැඳවීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටිනවා. ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව නිවෙස්වල රැඳී සිටින්න. ඔබ විසින් ප්‍රකාශ කළ ඡන්දය නිවැරදිව ගණන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටිනවා. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබන්න. ආරක්ෂක අංශ අවශ්‍ය ආරක්ෂාව සපයනවා.”
මේ අතර හෙට දින පෙරවරු 07.00ට ජන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නියමිත අතර එය පස්වරු 04.00දක්වා පැවැත්වීමට නියමිතයි.]
ජන්ද ප්‍රකාශ කිරීම අවසන් වූ පසු පස්වරු 04.15 තැපැල් ජන්ද ගණන් කිරීම ආරම්භ කරන අතර ජන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත ලැබීමෙන් පසු පස්වරු 07.15 පමණ වන විට එම ජන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media