දින නියම වූ තවත් පෙත්සමක්!

0
11


පෙබරවාරි 24 සහ 25 යන දිනවල දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය නියම කළ තිබෙන බව සඳහන් වේ.

එම පෙත්සම් කොළඹ අගරදගුරු හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 08ක් ඉදිරිපත් කර තිබුණි .

පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේ මෙහි වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

ඒ අනුව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දුන් අතර ,අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු මෝසමක් ගොනු කර තිබුණි.

ඊට එරෙහිව පෙත්සම්කාර පර්ශ්වද තවත් මෝසම් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here