ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක SIGNATURE

0
50


රටක ක්‍රීඩාව ලෝකය ජය ගැනීම කියන්නෙ රටේ හැම කේෂ්ත්‍රයකටම ජයග්‍රහණය කරා පාර පෙන්නීමක්.දිනන දේ සොයා ගෙන ඒ සමඟ ඉදිරියට යාමේ ගුණය සොයා ගැනීම කියන දේ කරන්න හොඳ ව්‍යාපාරික බුද්ධියක් අවශ්‍යය වෙනවා.මෙන්න මේ කරුණු දෙකේ අපූරු පෑහීමක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී සිඳු වුණා.

පළමු වරට සිඳු නොවුණ ද,විවේචන ගැරහුම් මැද ගෙවෙන නරක කාලයත්,හොඳ කාලයත් නොසළකා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සිටි SIGNATURE යළිත් මේ මොහොතේ තමන්ගේ සබැඳීයාව කාන්තා සහ පිරිමි කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් නිල සහ සාමාන්‍ය අවස්ථාවන් සඳහා පෙනී සිටීමේ මොහොතවල්වලට SIGNATURE වස්ත්‍රයන්ගෙන් සැරසෙන්නට නිල වශයෙන් ගිවිසුම් ගත වීම සිඳු වුණා.

සිග්නේචර් වෙන,එහෙම නැත්නම් තනි දෙයක් තමයි.ඒත් ඊට වඩා හමීඩියා හෙවන යට ආශිර්වාදය,රැකවරණය මෙන්ම මඟ පෙන්වීම සමඟින් ඉන්න නිසා ඒ හෙවනැල්ලෙ ආවරණය සිසිලක් දනවන සවියක් වෙලා තියෙන බව පැහැදිළියි.ඒ නිසා හමීඩියා කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසීල් හමීඩ් වගේම සිග්නේචර් අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ් ද මේ අවස්ථාවෙ සිය ආයතනික අනන්‍යතාවය තහවුරු කරන්න පෙරමුණේ අසුන් ගෙන සිටියා.

ක්‍රිකට් බ්‍රෑන්ඩ් එකක් විදිහට ව්‍යාපාරික කේෂ්ත්‍රයට අදාළ වචනයෙන් හඳුනා ගත්තම මේ වැඩේ බ්‍රෑන්ඩ් දෙකක හමුවීමක් හැටියට ගන්නත් පුළුවන්.මේ බ්‍රෑන්ඩ් එක ක්‍රිකට් පැත්තෙන් ගත්තම ඉස්සර වගෙ ගෑණු පිරිමි කියලා දුර නැහැ.දක්ෂතා ගත්තත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද ලංකාවෙ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව තරමටම ලෝකය දන්නවා.දැන් ඒ නිසා ලංකාවෙ තියෙන්නෙ ස්ත්‍රී පුරුෂ කියා ප්‍රබේද කරපු ක්‍රිකට් ක්‍රීඩාවක් වෙනුවට ශ්‍රී ලාංකේය ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එක විතරයි.

ඒත් මේ ශරීරවල පිහිටීමේ හැඩය වෙනස්.ඒක ඉතිං ජෛව විද්‍යාත්මකව නිර්මාණශීලීව සිඳු වූ දෙයක්.ඒකෙ ඊ ළඟ පලය කැමත්ත ඉක්මවා ව්‍යාපාරයක් වෙන තැනට සිග්නේචර් රැඟෙන ඇවිත් කියන කාරණය වෙනස්ම විදිහකට කතා කරන්න වටින වැඩක්.ඒ මේ සබඳතා ජාතික වශයෙන් එක් එක් පාර්ශවයන් වෙනස් කරමින් අලුත් කරමින් කීර්තිය පළල් කිරීම සඳහා දෙන දායකත්වය නිසයි.

සිග්නේචර් පිරිමි වැඩක්.ඒවා නිර්මාණය වෙන්නෙ පිරිමි සඳහා.ඒත් ක්‍රිකට් කියන්නෙ ලිංග බේදයකින් දෙපැත්තකට කරලා තියන්න බැරි ක්‍රීඩාවක්.එහෙම නිසා සිග්නේචර්ට සිඳු වෙනවා කාන්තා ඇඳුම් මහන්න.මේ කණ්ඩායම් දෙකට කාන්තා ඇඳුම් මහන ප්‍රවීනයන් කැඳවා ආයෙ යන්න කියන්න සහ එන්න කියන්න කියන ප්‍රායෝගික කාරණාවට වඩා ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයක් තියාගන්න එක වැදගත්.එහෙම වුණාම රට ලෝකෙට අරගෙන යන ක්‍රීකට් ක්‍රීඩකයන්ගෙ ඇඟේ දැවටිලා තමන්ගේ ක්‍රිකට් ආදරය පමණක් නෙමෙයි,ව්‍යාපාරයත් යන බව ඔවුන් දන්නවා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here