ජනාධිපතිවරණ සමයෙදී කියු බොරු එළිවීම නිසා මේ වන විට ආණ්ඩුව බරපතල අභියෝගයකට මුහුණ දෙමින් සිටිනා බවත්, තුනෙන් දෙකක් ගන්න බව කී ආණ්ඩුවට සරළ බහුතරය ලබාගැනීම පවා ගැටළුවක්ව ඇති බවත් හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර පැවසීය .
පොරොන්දු වු වැටුප් වැඩි නොකිරීම නිසා රජයේ සේවකයන් කලකිරී සිටිනා බවත්, ආණ්ඩුව තමුන් රැවටූ බව ඔවුන්ට අවබෝධවීම තැපැල් ඡන්ද භාවිතය අඩුවීමට හේතුව බවත් ඔහු සඳහන් කළේය .
ඉන්ධන මිල අඩු කිරීම, භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට ඔහු මෙසේ පිළිතූරු දුන්නේය.
”තැපැල් ඡන්ද භාවිතයේ අඩුවක් අපිට පේනවා . මං හිතන්නේ අර තිබිච්ච රැල්ල නිමවෙමින් තිබෙනව . ඒ වගේම තමන් රැවටුනාදෝ කියල සමහරුන්ට තියෙන සැකයත් එක්ක වෙන්නැති මේ අඩුවීම ඇතිවෙලා තියෙන්නේ. ඒවගේම අපිට දැනෙන රජයේ සේවකයෝ තමන්ගේ වැටුප් වැඩිනොවීම පිළිබඳව කණගාටුවෙන් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තු සුන් වීමක් වෙලා තියනවා . තැපැල් ඡන්ද අඩුවීමට ඒ ඔක්කොම බලපානවා.
ඊයේ පෙරේදා ඉන්ධන මිල සංශෝධනය වුනා. ආණ්ඩුව බාරගන්න කලින් මේ අය කීවේ තෙල් වලින් රුපියල් දෙසීයක් ඇමතිවරයාගේ සාක්කුවට යනවා කියල . දැන් තියෙන ප්‍රශ්නෙ තමයි මේ ඉන්න ඇමතිවරයාත් එහෙමනං ලීටරයකින් රුපියල් දෙසීයක් සාක්කුවට දාගන්නවද කියන එක. නැතිනම් තමන් බොරු කිව්ව කියන එක දැන් පිළිගන්න බැරුව උත්තරයක් දීගන්න බැරුව ඉන්නවද කියන එක .
අපි කියන්නේ යථාර්ථය පැහැදිලි කරන්න කියලා. තෙල් මිල රුපියල් දෙසියකින් අඩු කරල සියයට, එකසිය පනහට තෙල් ලබාදෙන්න . රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඇමති කංචන ගෙනාපු මිල සූත්‍රයම නම් මේ අයත් පාවිච්චි කරන්නේ මොකක්ද ඒකේ තේරුම. කලින් අපි මිල සූත්ත්‍රය පාවිච්චි කරනකොට ඒක වැරදියි . මේ අය කරන කොට හරි. එහෙමද ආණ්ඩුව හිතන් ඉන්නේ. අපි නොවේ සමාජ මාධ්‍යයේ මිනිස්සුමයි ප්‍රශ්ණ කරන්නේ .
Sri News Media