ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා පැහැදිලිවම වැඩි ඡන්ද ප්‍රමාණයක් මහමැතිවරණයේදී ලබාගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ප්රශ්නය – ඔබතුමා හිතනවාද පහුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙවර ලැබෙයි කියලා ?
“පැහැදිලිවම වැඩිවෙනවා … පැහැදිලිවම”
ප්රශ්නය – ඇයි ඒ ?
“කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ජනාධිපති මැතිවරණය අපි ජයග්‍රහණය කරන්නෙ නෑ කියලා හිතලා සමහරු ඡන්දෙ දාන්න ගියෙ නෑ. ඒත් අද ඒ අය ඡන්දෙ දාන්න යනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල දිහා දැකලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතුවෙන විශාල පිරිසකුත් ඉන්නවා. ඒ වගේම අපිව අතහැරලා ගියපු, සිලින්ඩරය වගේ අනෙකුත් පක්ෂ එක්ක සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් නැවත වතාවක් අපේ පක්ෂය එක්ක එකතු වෙනවා”
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 30) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
Sri News Media