90 ගණන්වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු – Sri News

0
7

21වෙනි ශතවර්ෂයේ හුළං පාර වැදි වැදී ආතල් එකේ ඉන්නවා වගේ පෙන්නුවාට අද කාලේ ළමා ළපටින්ට තියෙන්නේ මෙලෝ රහක් නැති ළමා කාලයක් කියලා තේරුම් ගන්න කොරන්න තියෙන්නේ අපේ ළමා කාලය දිහා හැරිලා බලන එක විතරයි. දැන් කාලේ තරම් ගැජමැටික්ස් නොතිබ්බ කාලේ අපිට සතුටින් සෙල්ලම් කරන්න තිබුණ එක එක අරුමෝසම් සෙල්ලම් බඩු අද තියෙන සංකීර්ණ දේවල් එක්ක බලද්දි නම් පට්ට සූපින් වගේ පේනවා. ඒත් ඒවායෙන් සෙල්ලම් කරලා ගත්තු සතුට රියැලිටි ෂෝ බලන පැංචෙක් ලබන සතුටට වඩා දාහෙන් සම්පතයි. අද වෙළඳපොළේ මේ සමහරක් දේවල් දකින්නත් නැති තරම්. බලන්න මතකද කියලා.

 

90s Popular Toys in SriLanka

දැන් කාලේ පොඩ්ඩෝ ගේම් ගහන්නේ ස්මාට් ෆෝන් වලින්නේ. ඒත් ඒ දවස්වල අපේ ස්මාට් ගැජට් එක වුණේ මෙන්න මේක. එක එක පාටවලින් තිබුණා. ගේම් සීයක් වගෙත් තිබුණා. බ්‍රික් ගේම් කියලා කිව්වේ හැම ගේම් එකක්ම නිර්මාණය කරලා තිබුණ ඝනක ආකෘතිය නිසයි.

 

90s Popular Toys in SriLanka

මේකෙන් සෙල්ලම් කරන්න පටන් ගත්තට ඕවා මුල්ම කාලේ ගෙවල්වලට ආවේ සැරසිල්ලක් විදියට. කුරුලු ආකෘතියක් තියනවා. ඒ කුරුල්ලාගේ හොට මොකක් හරි පෘෂ්ඨයක තිබ්බම සමබරතාව තියාගෙන කුරුල්ලා පියාඹනවා වගේ දකින්න පුළුවන්. එක එක කුරුලු වර්ග ඒ දවස්වල හිටියා. ගෙවල්වල වීදුරු කැබිනට් අස්සේ ලස්සනට පේන්න තිබුණ කුරුල්ලෝ නම් හිටියේ ත්‍රිකෝණාකාර කුළුනකට හොට තියාගෙන.

 

90s Popular Toys in SriLanka

සෙල්ලම් තුවක්කු සංස්කෘතියේ මුල් කාලේ පොඩ්ඩෝ අතර සෑහෙන ජනප්‍රිය වුණ ඇටබෝල තුවක්කුවල බුලට් එකකට අහු වුණා කියන්නේ මරණාසන්න අත්දැකීමක්. ලොකු පීඩනයකින් එළියට විසිවෙන හින්දා ඇඟක වැදුණම වෙඩි තිබ්බ එකාගේ දෙමාපිය නෑදෑ පිරිවරම මතක් වෙන තරමට රිදෙනවා. අහුවෙන ඕනි දෙයක් කටේ දාගන්න පුංචිම දරුවෝ එක්ක නම් මේ වැඩේ අමාරු වුණා.

 

90s Popular Toys in SriLanka

ඇට බෝල තුවක්කුව එන්න කලින් අපි අතර ෆේමස් වෙලා තිබ්බ භාණ්ඩෙ තමයි කැප් රෝල් හෙවත් කාටිස් පිස්තෝලෙ. මේකට වෙඩි බෙහෙත් පුරෝපු පුංචි බුබුලු සහිත රෝලක් එනවා පිස්තෝලෙට ඇතුළු කරන්න. වෙඩි තිබ්බම වෙඩි බෙහෙත් ගඳයි, වෙඩි සද්දෙයි එක්ක නියම ෆීල් එකක් තමයි එන්නෙ. රුපියල් විස්සට වගේ ලාබෙට මේ කැප් රෝල් පිස්තෝලයක් ගන්න පුළුවන්කම තිබ්බා. රුපියල් තිස් හතලිස් ගාණක් වෙද්දි නියම අශ්ව හිස සහිත මිටක් තිබ්බ ලස්සන පිස්තෝලෙකුත් තිබ්බා. තුවක්කුවට කැප් රෝල් වෙඩි බෙහෙත් ගන්න ළඟ කඩේට යන්න වුණ ඒ කාලෙ තමයි කාලෙ.

 

90s Popular Toys in SriLanka

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here