70 . දිය තිප්පිලි / 𝘗𝘦𝘱𝘦𝘳𝘰𝘮𝘪𝘢 𝘱𝘦𝘭𝘭𝘶𝘤𝘪𝘥𝘢 / Dhiya Thippili 18 වන සියවසේ දී පමණ මෙ…

0
5


70 . දිය තිප්පිලි / 𝘗𝘦𝘱𝘦𝘳𝘰𝘮𝘪𝘢 𝘱𝘦𝘭𝘭𝘶𝘤𝘪𝘥𝘢 / Dhiya Thippili

18 වන සියවසේ දී පමණ මෙම ශාකය අපට හඳුන්වා දුන් බව කියවෙයි. ගෙවතු වල , තෙත් පාෂාණවල , ඉවුරුවල සහ මීටර් 500 ක් පමණ උස තෙත් පහත් බිම්වල පාර අයිනේ ඇති ගස්වල මෙය හොදින් වර්ධනය වෙයි. සාමාන්‍යයෙන් 45cm පමණ උසයන වාර්ෂික පැළෑටියකි. දේශීය වියළි කලාපයේ දකින්නට ලැබීම ටිකක් දුර්ලබයි. අවුරුද්ද පුරාම මල් පිපීම මේ ශාකයෙන් සිදු වෙයි. ලා කොළ පැහැති හෘදයාකාර පත්ර බොහෝ සේ මාංසලය. කඳෙහි විනිවිද පෙනෙන සුළු ස්වභාවයක් දක්නට ලැබෙන අතර මංසල බවින් යුක්තය. කරලක් මෙන් දිස්වන සිහින් දිගැටි පුෂ්ප මංජරියෙන් කුඩා ඵල රාශියක් හටගනී. මෙම ශාකය ප්‍රාදේශීය වශයෙන් ආහාරයට ගන්නා අතර සලාද වලටද භාවිතා කරනවා. තවද කොල කැද සදහා දිය තිප්පිලි භාවිතා කරන ප්‍රදේශයන්ද දක්නට ලැබෙනවා. බොහො දෙනා මෙම ශාකයේ වටිනාකම නොදැන කලුලෑලි මකන්නට භාවිතා කිරීම පමණක් කර ඇති හෙයින් මෙම ශාකයේ අගය අවම ලෙසට තබා කතා කරනු ලැබෙයි.

අතීසාරය, පාචනය, මුඛයෙහි ඇතිවන ආසාදන, අංශබාගය, මීමැස්මොර, සමේ රෝග, අම්ලපිත්තය ආදී රෝග සඳහා ප්රතිකාර කිරීමේදී මෙම සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. දිය තිප්පිලි ශාකය විෂබීජ නාශක ගුණයෙන්ද යුක්තය.

* අම්ලපිත්ත හෙවත් ගැස්ට්රයිටීස් රෝගයෙන් පීඩා විදින අයට දිය තිප්පිලි ශාකයේ යුෂ අඬු කෝපයක් පමණ දින කිහිපයක් උදෑසන (හිස්බඩ) පානය කිරීම බොහෝ සේ ගුණදායක බව කියැවේ.
* සන්ධිගත වාත රෝග ( ආතරයිටිස් ) සදහා ආහාරමය ඖෂධයක් විදියට භාවිතය සුදුසුය.
* ඇදුම, ශ්වාසනාල ප්රදාහය (bronchitis) තත්ව වලදි ශාකය තැම්බු වතුර හෝ කෂාය භාවිතා කරයි.
* උණ රෝගයට හා ප්රදාහයට ලබා දෙන Aspirin ඖෂධය හා සමාන ක්‍රියාකාරිත්වයක් මේ ශාක සාරය තුල තිබෙන බව පර්‍යේෂනාත්මකව සනාථ කරවා ඇත.
* පිලිස්සීම් තුවාල සදහා ආලේප කිරීම ඉක්මන් සහනයක් ගෙනදෙයි.
* කුරුලෑ සදහා ආලේපයක් විදියට ඇල්වතුර සමග මිශ්‍ර කර ආලේපය මුහුණේ ගෑම ගුනදායකය.
* සැරව බිබිලි , සැරව ගලන තුවාල වලටත් මතුපිට ආලේපනයක් ලෙස යොදා ගත හැකියි.

දිය තිප්පිලි ශාකයේ අන්තර්ගත පදාර්ථ අතර පොටෑසියම් , කැල්සියම් , කාබෝහයිඩ්‍රේට් , බීටා කැරොටීන් හා ජලය එයින් ප්‍රධාන වෙයි.

ප්‍රාදේශීය වශයෙන් නාමයන් රාශියක් මේ ශාකය සදහා භාවිතා කරනවා. දිය බුලත් , දිය තිප්පලි , වතුර ගස් , දිය නිල්ල ආදී නාමයන් ඉන් කිහිපයකි.

ආහාරයට ගත හැකි ක්‍රම –

$$$ දිය තිප්පිලි දඩු සමඟ කඩා ගෙන සෝදාගෙන කැබලිවලට කඩා ගෙන හෝ කපා ගෙන අමු මිරිස්, ⁣ගාගත් පොල්, ලුණු, ආදිය එක්කොට කලවම්කර (ගොටුකොළ සම්බලයක් සේ සකසා )ආහාරයට ගැනීමට සුදුසුයි.

$$$ නිවිති , මුකුනුවැන්න සදන ආකාරයට සෑදිය හැකිය. වතුර අඩුවෙන් තියා තැම්බුනු පසුව මිටිකිරි දමා ගත හැකිය. දිය තිප්පිලිවල ජලය ඇති නිසා වතුර අඩුවෙන් තබා උයා ගැනීම වඩාත් සුදුසුයි…….

අන්තර්ජාලයෙන් හ ඔසු පැල සංග්‍රහය ඇසුරින් සැකසුනකි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here