7 . කස්තුරි දෙහි / Triphasia trifolia / Kasthuri Dhehi සිංහලෙන් කස්තුරි දෙහි නම…

0
4


7 . කස්තුරි දෙහි / Triphasia trifolia / Kasthuri Dhehi

සිංහලෙන් කස්තුරි දෙහි නමින්ද ඉංග්රීසියෙන් Lime Berry නාමයෙන් හඳුන්වන මෙම ශාක විශේෂය විද්යාත්මක වර්ගීකරණයේදී Rutaceae පවුලට අයත් Triphasia කුලයේ T. trifolia විශේෂයට අයත්වන අතර Triphasia trifolia යන විදයාත්මක නාමයෙන් හැදින්වේ.

කස්තුරි දෙහි සාමාන්යයෙන් 1 – 3m ක් පමණ උසට වැඩෙන අතර ඇතැම් විට 7m ක් දක්වා විශාලත්වයක් සහිතව වැඩෙන බව දැකිය හැකිය. හොඳින් හිරු එලිය වැටෙන ස්ථානවල සාර්ථකව වැවෙන අතර අර්ධ වශයෙන් සෙවන ලද ස්ථානවලද වැඩේ. කොම්පෝසට් සහිත වැලි පස්තුල වැවෙන අතර මන්ධගාමීව වැඩෙන ශාකයක් වේ. මෙම ශාකය තියුණු කටු වලින් සමන්විත අතු පෙළකින් වන අතර පත්ර කුඩා රවුම් හැඩයක් ගනී. බොහෝ විට වසරේ සෑම කාලයකම පාහේ සුදු පැහැති මල් හටගනී. Cmකට ආසන්න විශාලත්වයක් සහිත කොළ පැහැති ඵලයක් හට ගන්නා අතර ඉඳුනු විටදී රතු පැහැයක් ගනී. මාංසල ගතියක් ඇති මෙම ඵලයේ එයටම ආවේණික මිහිරි රසයක් ඇති අතර ඇලෙන සුලු බවක්ද ඇත. ආවේණික රසය නිසාම සූලු ගෙඩි ප්රමාණයක් ආහරයට ගත හැකිය. ගෙඩි කහට ගතියකින්ද යුක්ත වේ. පලතුරු අච්චාරු දැමීම හෝ ජෑම් දෑමීම සිදු කල හැකිය.

මෙම ශාක විශේෂය ආයුර්වේද වෛද්ය විද්යාවේදී ඉහළ වටිනාකමක් ඇති බව සදහන් වෙයි.
👉 පාචනය සහ සමේ රෝග සඳහා ප්රතිකාර කිරීමේදී කොළ ශරීරයට යොදනු ලබයි.
👉 හිසරදයට පිළියමක් ලෙස නැවුම් කොළ තලා හිස්කබලට යොදනු ලබයි.
👉 තද කැස්ස සහ සෙම් රෝග ලිහිල් කිරීම සඳහා ඵලය දෙහි මෙන් සීනි සහ ජලය සමඟින් සකසා ගෙන පානය කරනු ලබයි….

ඔසු පැල හදුනාගනිමු සමූහයෙන් මෙන්ම අන්තර්ජාලයෙන්ද තොරතුරු මතින් සැකසුනකි ..

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here