64 . මුස්සැන්ද / Mussaenda frondosa / Mussendha ආයුර්වේදයේ ශ්‍රිවතී ලෙස …

0
5


64 . මුස්සැන්ද / Mussaenda frondosa / Mussendha

ආයුර්වේදයේ ශ්‍රිවතී ලෙස හැඳින්වෙන අතර
Vellai- yilal , White lady , white flag bush , wild mussaenda , bangkok rose , bedina ආදි තවත් නම් රාශියකින් හඳුන්වනු ලබන මුස්සැන්ද ශාකය 2 -3m ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික පඳුරු ශාකයක් වෙයි. මෙහි පත්‍ර ඔවාලාකාර වන අතර පත්රවල සියුම් බූවක් සහිතව 15cm ක් පමණ දික් වෙයි. තාරකා හැඩැතිව කුඩාවට දීප්තිමත් තැඹිලි පැහැයෙන් මල් හටගන්නා අතර ඉන්පසුව කොළ පැහැයෙන් ගෙඩි හටගනියි. ගෙඩි බූව සහිතව පොකුරු වශයෙන් දක්නට ලැබේ. මුස්සැන්ද ශාකයේ මනාව පෙනෙන විශාල සුදු පැහැති මණිපත්ර පිහිටා ඇති අතර ඒවා කීප ආකාරයකට සකසා ආහාරයට ගත හැකිය. Rubiaceae කුලයට අයත් ශාකයකි මුස්සැන්ද.

මුස්සැන්ද ලංකාවට දේශිය ශාකයක් වන අතර මිට අමතරව ඉන්දියාව , නේපාලය , ඇසැම් , කාම්බෝජය , වියට්නාමය , මලයාසියාව, හා ඉන්දුනීසියාව අදි රටවල හමු වේ. මුස්සැන්ද ශාකය ප්‍රාදේශීය වශයෙන් වෙල් බුත්සරණ නමින්ද තවත් සමහරුන් වල් බුත්සරණ නමින්ද මුස්සැන්න නමින්ද හදුන්වනු ලබයි. මෙය පුරෝගාමී ශාකයකි. (Pioneer species) එ කියන්නෙ ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් නිසා විනාශ වු බිමක මුලින්ම හට ගන්නා ශාකයකි. එම නිසා හිරු එළියට වඩාත් ප්රිය කරයි. එසේම දුර්වල පාංශු ඛාදනයට ලක් වු පසෙහිද වර්ධනය විය හැකිය.

සෙංගමාලය , දැවිල්ල , වණ , ඇදුම , උණ , උදරාබාධ , ඇස් රෝග , මකුළු දෂ්ට කිරීම් , ස්නායු පද්ධතියේ රෝග , සුදු ලාඳුරු , උන්මාදය , ක්ලාන්තය , ශීර්ෂ රෝග , පිපාසය , පාණ්ඩුව , කල්ගතවූ තුවාල ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරන බව සඳහන් ය. මෙහි කොළ , මල් , මුල් , ඇට සහ සම්පූර්ණ ශාකයමත් ඔසු සඳහා ගන්නා අවස්ථාවන් දැකිය හැකිය. මුස්සැන්ද කමොද්දීපක , මුත්‍රකාරක , ධාරණ ශක්තිය වඩවන ආදී ගුණයන් සහිතය. විටමින් A C ඇතුළු විවිධ පෝෂක , සිරුරට හිතකර රසායන , අම්ල , හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින්ද යුක්තයි. ශාකයේ මල් මුල් කොළ පොතු ඇට ආදි සියලු කොටස් තුන් දොස් සමනය කරන ඔසු ගුණයෙන් යුක්ත යි.

* ධාරණ ශක්තිය වර්ධනයට මුස්සැන්ද මුල් ක්වාතය හෝ මුස්සැන්ද ඇට චූර්ණය මී පැණියෙන් දීම ඔසුවකි.
* දිවි මකුළු විෂට මුසුසැන්ද ශාකය සහමුලින් ගෙන කොටා ගත් ඉස්ම උදෑසන තුනක් බොන්නට දී එම රොඩු මලවා සතා කෑ තැනට බැඳීම සිදුකරයි.
* සෙංලමාල රෝගය සඳහා මුස්සැන්ද කොළ කැඳ කිතුල් හකුරු සමඟ බීමට දීම සරල ප්‍රතිකාරයකි.

සිසිල ගුණැති මුස්සැන්ද දැවිල්ල දුරුකරන්නක් . පිපාසය නිවන්නක් මෙන්ම අම්ල පිත්ත රෝගය ද පාලනය කරන්නකි. එය අක්මාවට ඉතා හිතකර අතර අක්මාව අකර්මණ්යවූ විට ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා. සෙංගමාලය හෙපටයිටිස් වැනි අක්මා රෝග පාලනයට සහායවන අතර ශාකයේ පත්ර හෝ පස්පංගුව කැඳ ලෙස සකසා කිතුල් හකුරු සමග පානයට ලබා දෙනවා. විෂ හරණ ශාකයක් ලෙස හඳුන්වන මුස්සැන්ද නාග දෂ්ට ඇතුළු සත්ත්ව විෂ දුරු කිරීමට සහාය වන්නකි. ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්රියාකාරිත්වයට උපකාරවන මෙම ශාකය උදරාබාධ දුරුකරන්නකි
ආහාරගත් විගස මලපහ කිරීමට ඇතිවන අවශ්යතාව පාලනය කර දෙන්නක් වෙනවා.
මෙහි පත්‍රවල ඇති ශක්තිය පටිපණු ඇතුළු පණු රෝග දුරුකරනවා. පාචනයට ප්‍රතිකාර සඳහා ශාකයේ පොතු යුෂ යොදාගන්නා අතර
පොතු වේදනානාශක ගුණයෙන්ද යුක්තයි.
මලබද්ධය සුවකිරීමටත් මුස්සැන්ද ශාකය ගනියි. ඒ සඳහා කොළ මලවා කෑමට දෙනු ලබනවා.

මුස්සැන්ද මල් hyperin , rutin , sinapic acid ආදියෙන් පොහොසත් වන අතර මුත්රා කාරක ගුණ සහිතයි. ශාකයේ යුෂ ඇස් රෝග සමනයට යොදාගන්නා අතර ඉන් පෙනුම වර්ධනය වනවා. සම නිරෝගි කිරීමට මනා දායකත්වයක් ලබාදෙන මුස්සැන්ද ගෙඩි වණ කල් ගිය තුවාල සුවකර දෙනවා. ඒ සඳහා කොළ හා මල් බාහිර ආලේපනයට යොදා ගන්නවා. ශාක මුල් සුදු ලාදුරු රෝගයට ප්රතිකාර කිරීමට යොදා ගන්නවා .
ශාකය ස්නායු පද්ධතියේ රෝග වළකමින් එහි මනා ක්රියාකාරිත්වය ට සහායවන්නක්.
එය සිරුරේ ඉදිමුම් බැහැරකරනවා. පාන්ඩුව දුරුකරනවා.

මෙහි ඇති සුදුපැහැති මනිපත්‍ර පොල්කිරි මිශ්ර හාල් පිටිවල බහා පොල්තෙලෙන් බැද සකසා ගන්නා පපඩම් වැනි ආහාරය කුඩා දරුවන්ගේ ධාරණ ශක්තිය වඩවන බව “දේශීය වෛද්ය ශබ්ද කෝෂයෙහි” සඳහන් වේ. තවද මුස්සැන්ද ලපටි කොළ මැල්ලුමක් ලෙස සකසා ආහාරට ගත හැකිය. කොල කැද සදහාද භාවිතා කරයි එසේම මුස්සැන්ද ගෙවතු අලංකාර කරන විසිතුරු අලංකාර ශාකයක් ලෙසට වවනා ශාකයක් ලෙසටද දැකගත හැකිය.

දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය හා ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලය ඇසුරිනි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here