54 . එල පිටවක්කා / Phyllanthus debbillis / Ela Pitawakka පිටවක්ක කිව්වම අහල පුර…

0
3


54 . එල පිටවක්කා / Phyllanthus debbillis / Ela Pitawakka

පිටවක්ක කිව්වම අහල පුරුදු ඒත් අදුරන්නේ නැති ඖෂධ පැලෑටියක් අපේ මිදුලේ දක්නට තිබෙන අපි වල් පැලෑටියක් යැයි විනාශ කරන නමුත් අපිට නීරෝගීව ඉන්න ස්වබාව ධර්මය විසින් දායාදකල වටිනා ඖෂධයක් වන මේවා
ගෙම්දුළු වටා සුලබව වැඩෙමින් අපගේ නිරෝගිතාව වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් ඉටුකරන පිටවක්කා නෙල්ලි ශාකයට නෑකම් කියන නිසාදෝ බිම් නෙල්ලි නමින්ද හැඳින්වෙනවා.

මෙම ශාකය 60cm ක පමණ ඉහලට වැඩෙන වාර්ෂික ශකයකි. පක්ෂවත් සංයුක්ත සිහින් පත්ර ඇති නාරටිය පිටුපසින් කුඩා මල් පේලි සැදී පල ගැන්වී එම බීජ මගින් . එළ (සුදු ) හා රතු වශයෙන් පිටවක්කා වර්ග දෙකක් ඇති අතර වඩා ප්රයෝජනයට ගැනෙන්නේ එළ වර්ගයයි. එය Euphorbiaceae කුලයට අයත්ය. ලංකාව , ඉන්දියාව , භූතානය වැනි රටවල බහුලව දක්නට ලැබෙන අතර stone breaker , Thaamalaki , Drhapadia නම්වලින් ද හඳුන්වනු ලබන්නේ එළ පිටවක්කා ශාකයයි.

ආයුර්වේදයේ බොහෝ රෝග සඳහා පිටවක්කා යොදාගන්නා අතර ඒ සඳහා කොළ , මුල් , ඇට මෙන්ම ගස සහමුළින්මත් උපයෝගිකර ගන්නවා. පිටවක්කා විෂ නාශකයක් මුත්රාකාරකයක් , ලේ පිරිසිදු කරන්නක් , මෙන්ම ආහාර රුචිය වර්ධනය කරන්නක් ලෙස ද සැළකෙනවා. පීනස , කැස්ස , ඇදුම , උණ , ඇස් රෝග , සෙංගමාලය , අක්මාරෝග , ක්ෂය රෝග , ඉදිමුම් , පාන්ඩුව , විසප්පු , හොරි , දද , තුවාල , චර්ම රෝග , මල බද්ධය , අම්ලපිත්තය , අස්ථි බිඳුම් , මුත්රා රෝග , ආර්තව ගැටළු , ගර්භාෂ රෝග , ගොනෝරියා , නාග විෂ වැනි අවස්ථා රාශියක දී ප්රතිකාර සඳහා පිටවක්කා යොදාගනු ලබනවා.
එසේම ඖෂධ විෂවීම් මධ්යසාර විෂවීම් දුරුකිරීමටද බෝවන රෝග හා බෝ නොවන රෝග වළකාලීමටද පිටවක්කා උපකාරීවනවා. දරුවන්ගේ ප්රති ශක්ති , වර්ධනය කරදීමේත් , පණු රෝග මර්දනය කිරීමේත් හැකියාව එහි පවතිනවා. මුත්රා ගල් දිය කිරීමේ ගුණයෙන් ද යුක්තයි. අක්මා ප්රදාහ , සර්ප විෂ , පිත්තාශ රෝග , ජීර්ණ පද්ධතියේ ක්රියාකාරිත්වය , තයිරොයිඩ් ග්රන්ථි ක්රියාකාරිත්වය , ඖෂධ මධ්යසාර විසවීම් , ආමාශයික තුවාල , අම්ලපිත්ත , ශ්වේත ප්රදර වැනි අවස්ථා ගණනාවක් සඳහාත් , අධි රුධිර පීඩන , කොලෙස්ටරෝල් තත්ත්වයන් පාලනය කිරීම සඳහාත් , මේදය බැහැර කිරීම හා රුධිරය පිරිසිදු කිරීම සඳහාත් කෘෂ භාවය දුරුකර ශක්තිය වැඩීම සඳහාත් පිටවක්කා කැඳ ඉතා යෝග්යයි. කැඳ මෙන් ම මැල්ලුම , ශාකය තැම්බු දිය නිතර ආහාරපාන වශයෙන් යොදා ගැනීමෙන් ශාකයේ ප්රතිලාභ බොහෝ සෙයින් ලබාගත හැකියි.

පිටවක්කා වලින් අත් බෙහෙත්..

* පීනසට – පිටවක්කා මුල් තම්බා ගත් දියට මීපැණි මිශ්ර කර බීම , පිටවක්කා කැඳ බීම
* සොටු ගලන පීනසට – ශාකය වියළා කුඩුකර ඉන් තේ හැඳි බාගයක් සහ කහ කුඩු ස්වල්පයක් උතුරා ගත් උණවතුර කෝප්පයකට දමා නිවුණු පසු මීපැණි දමා බීම
* දියවැඩියාවට – ශාකය වියළාගත් කුඩු තැම්බූ ජලය බීම හා කැඳ පානය
* සැරව ගලන තුවාල වලට- ශාකය තැම්බූ දියෙන් සේදීම
* විසප්පුවලට – පැළෑටිය ඇල්දියෙන් අඹරා ගෑම
* අජීර්ණයට අතීසාරයට හා ලේ අතීසාරයට මෙන්ම ආහාර විෂවීම්වලට ශාකය කොටා පොට්ටනි බැඳ වංඩුවේ තම්බා මිරිකූ යුෂ පානය.
* ගෙඩි පැසවීමට – ශාකය කැකුළු හාල් සමග ඇල්දියෙන් අඹරා ගෑම
* පැණිරස ආහාර අධිකව ගැන්මෙන් පසු රුධිරගත සීනි පාලනයට වියළා කුඩුකර තේ හැඳි බාගයක් යොදා තේ මෙන් පානය කිරීම
* රක්ත ප්රදර ‍රෝගයට හා ශක්තිය වැඩීමට
පිටවක්කා නිවුඩු හාල් වතුරෙන් අඹරා යුෂ මිරිකා බීම
* මුත්රා ගල්වලට – නීරමුල්ලිය සමග එකට තැම්බූ දියපානයයි.

මෙම ශාකය මුල් සමගම ගලවා වේලා කුඩු කරගෙන තේ වෙනුවට අතිරේක පානයක් සේ භාවිතා කල හැකි ඖෂධයකි. මෙහි රසය ඉරමුසුවලට සමයි. මෙවා පොල්කිරි නොදා සාදාගන්නා කොල කැද එකත් ඉතාමත් ගුනයෙන් ඉහලයි. කවලම් පලා මැල්ලුමක් සාදනවනම් පිටවක්ක අනිවාර්ය කරගන්න. ගමේ වැල් ගොටුකොළ මිටක්,පිටවක්කා, රතුලූනු හා ගම්මිරිස් ඇට දෙකක් දමා සාදාගන්නනා මැල්ලුම හෝ කැද පීනසයට ඉතාමත් ගුනයි. තාමලක්යාදී කෂාය මෙම පිටවක්කා ශාකයෙන් පීනස් රෝගය සදහා සාදනු ලබයි.

එළ පිටවක්කා කැද සාදන අයුරු
සුදු (එළ) පිටවක්කා කොළ කැද සදහා අවශ්ය ද්රව්ය නම් පිටවක්කා ගස් පිටින්ම දෙමිටක් පමණ , පොල් කිරි කෝප්ප 2ක් රතු කැකුළු හාල් කෝප්ප ½ ක් රතු ළූණු ගෙඩි කීපයක් හා
ලුණු අවශ්‍ය පදමට. සාදන ක්රමය වන්නේ හාල් සෝදා ගරා ලිප තබා පිටවක්කා ගස් හොදින් කොටා මිරිකා ගන්න. හොදින් බත ඉදුණු පසු පොඩි කර ලියා ගත් රතුළූණු ද පොල් කිරි සහ පිටවක්කා යුෂ ද දමා අවශ්ය පමණ ලුණු එක් කර විනාඩි කීපයක් පිස ගන්න. යම් යම් රෝග සදහා පොල්කිරි නොදමාද පිටවක්කා කැද සාදා ගනු ලබනවා..

අන්තර්ජාලයේ ලිපි හා ආයුර්වේද ඖෂධ සංග්රහය ඇසුරින් සැකසුනකි … ඔසු භාවිතයට පෙර උපදෙස් ලබා ගන්න

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here