50 . ගස්ලබු (පැපොල්) / Carica Papaya / Gaslabu ඉහල පෝෂණ ගුනයෙන් යුතු පලතුරක් ලෙ…

0
6


50 . ගස්ලබු (පැපොල්) / Carica Papaya / Gaslabu

ඉහල පෝෂණ ගුනයෙන් යුතු පලතුරක් ලෙසට හා පලතුරු අතරත් ඉදිරියෙන්ම ඇති පැපොල් විටමින් A , C , K , E , B … බීටා කැරොටීන් , තයමින් , යකඩ , කැල්සියම් , කාබෝහයිඩ්රේට් ආදී පෝෂණ වර්ග ගණනාවක් අන්තර්ගත අතර ප්රතිඔක්සිකාරක ගුනවලින් ද යුක්ත වෙමින් ප්රතිශක්තිය වඩවමින් ශරීරය නිරෝගි කර ගැනීමට ගස් ලබු ප්‍රතිබල සම්පන්නයි.

කොලොස්ටරෝල් පාලනය කිරීමට .ලේ කැටිගැසීම වලක්වා ගැනීමට රූමැටික , ආතරයිටිස් , දැවිලි , ඉදිමුම් ආදියට ගුනදායකයි. පිළිකා රෝග පාලනයට සුදුසු පලතුරකි. ජීර්න පහසුව ඇති කරවා මළබද්ධය වළකයි. සම නිරෝගි කර රැලිවැටීම් පාලනය කරවයි. හිසකෙස් වැඩීමට තරුණ පෙනුම රැකීමටද ගස් ලබු සමත්ය. නිතර ගස්ලබු කෑමෙන් විවිධ රෝගවලින් මිදෙන්නටද හැකියාවක් ඇත. අර්සස් , උගුරු අමාරු , වකුගඩු , පනුරෝග , ආදියට ගුනදායකය.

* ඩෙංගු රෝගයටද කොල යොදා රක්තානු වැඩි
කිරීමට සමත් බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
* ශරීරයේ බර සමබර කරගැනීමට ගස් ලබු උපයෝගී කර ගනියි.
* අක්මාවේ හා වකුගඩුවල විෂ ඇත්නම් දුරුකිරීමට සමත් වෙයි.
* පිලිකා සෛල මන්දගාමි කරවීමේ ශක්තියක් පැපොල්වලට තිබෙනවා.
* ඉස් හොරි සදහා ඉදුනු මද සම්බාහනය කර සෝදාගැනීමෙන් සුව වේ.
* සම පැහැපත්ව තබාගැනීමට පැපොල් මද , මී පැණි , දෙහි යුෂ මිශ්රණය ආලේපකර
රුව වැඩි කර ගැනීමට භාවිතයි.
* මනා කෙස් කලබකට නම් ඉදුනු ගස්ලබු කෝප්ප බාගයක් පොල්කිරි කෝප්ප කාලක් මී පැනි තේ හැන්දක් හිස ගල්වා විනාඩි
තිහකින් සෝදන්න අලංකාර දීප්තිමත් කෙස්කලබක් ලැබේවි.
* රසවත් බීමක් සදහා ඉදුනු පැපොල් , දෙහි
, සීනි , ලුණු , වතුර දමා බ්ලෙන්ඩ් කරගනිමින් පානය සකස් කර ගත හැකිය .

ගස් ලබු වලින් ආහාර …
අච්චාරු , ගස්ලබුමැල්ලුම , කොසැට සමග නියබලාව , ගස්ලබු මාලුව ආදිය ද

පලතුරු සලාදය..
අන්නාසි අඹ ආදි පලතුරු එකතු කර පැපොල්
දමා රසවත් අතුරුපසක්
සාදාගත හැකිය…

අන්තර්ජාලයෙ ලිපි ඇසුරින් ..

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here