5 . පීනට් බටර් ෆෘට් / Bunchosia armeniaca ඇප්‍රිකට් , සීනි වෙරලු , ගස් ත…

0
7


5 . පීනට් බටර් ෆෘට් / Bunchosia armeniaca

ඇප්‍රිකට් , සීනි වෙරලු , ගස් තක්කාලි , කොලොස්ටරෝල් ගෙඩි ගස් ආදී ලෙසට නම් රාශියක් ප්‍රාදේශීය වශයෙන් හදුන්වනු ලබනවා . ඒ සියලූම නාමයන් මේ විදේශීය ශාකයට ආරෝපණය කලේ පැල තවාන්කාරයො විසිනි. බොහොම ඉක්මනින් බීජ පැලවන නිසාත් හොද වාණිජමය ලාභයක් ලබා ගත හැකි නිසාත් සමාජයට පිලලයක් වන් මේ ශාකයට බොරු ඖෂධීයතාවයක් පෙන්වමින් ගස් මාෆියාව මිනිසුන් රවටා සිය අරමුන මුදුන්පත් කර ගෙන ඇති බවට සාක්ෂි ඇස්පනා පිටම දැකිය හැකිය. දියවැඩියාවටලු , කොලොස්ටරෝල් වලටලු මෙකි නොකි ලෙඩ රාශියකට හොදයි ලු කවුද දන්නේ නෑ කීවේ නේද ??? ඇප්‍රිකට් රැල්ලට නොගොස් සොයා බැලිය යුතුය මේ ආක්‍රමනික ශාක ත්‍රස්තවාදියා පිලිබඳව …..

කෙටියෙන්ම කීවොත් මේ පීනට් බටර් ෆෘට් නම් විදේශීය පලතුරු ගසකි. මේ ඇප්රිකට් නම් නෙමෙයි කිසිසේත්ම . ඇප්රිකට් කියනා අයට කිවයුක්තක් නම් මතකේ තබා ගන්න ඔබලා හොරට ගස් විකුණන ජාවාරම්කාරයෙකුට හසු වී ඇති බවයි. වාණිජකරණයට ලොල්වී ඇති සමාජයෙන් මෙලෙස දේවදාර , සැන්සවේරියා , පීනට් බටර් ෆෘට් , ප්‍රානජීව ආදී ශාක රාශියක් අතිශයොක්තියෙන් වර්නනා කරමින් විකුණන අයුරු දක්නට ලැබෙයි. වාණිජකරණයට ලොල්වූ සමාජය තුල ඇත්තට වඩා බොරුවට මුල් තැන කුමන අයුරින් ලැබෙනවාද යන්නට හොදම නිදසුනකි පීනට් බටර් ෆෘට් නම් විදේශීය ආක්‍රමනික වෙමින් පවතින මේ ශාකය . මෙය ආක්‍රමනිකයි යන්නට හේතු නම් පීනට් බටර් ෆෘට් බීජ පැල වීමේ ප්‍රතිශතය 80/90% ක සම්බාවිතාවක් තියෙනවා . එවගේම දියවැඩියාවට කොලොස්ටරෝල් ආදී රෝග සදහා ඔසුවක් කියා මිනිසුන් මුලාවි පැල නිවෙස්වල වගාකරගන්නා රැල්ලට අනුවද ඉදිරියේදී ආක්‍රමනික ගනයට අයත් වෙනවා . තවම නම් ආක්‍රමනික නැත.

සමහරුන් මෙය දියවැඩියාවට හොදයි කියති. සත්‍ය නම් මේවනතෙක් මේ පලතුර දියවැඩියාවට හොදයි කියා තහවුරු වුනු කිසිම පරීක්ෂණයක් නොමැත. ඔබට සොයා බැලිය හැකිය මා මේ කියු කාරනය සත්‍යද අසත්‍යද කියා. මෙසේද අදහසක් දැනගන්නට ලැබුනා පීනට් ගෙඩි වැඩි පැණි රසකුත් නෑ එවගෙම සීනි ගතියත් අඩුයි ඒ නිසා දියවැඩියාවට අගුනයක් නොමැති බව දියවැඩියාවට අගුනයක් නැත්තේ ලේවල සීනි ගතිය අඩුවෙන්නෙත් නෑ වැඩිවෙන්නෙත් නොමැති නිසා එසේ නැතිව ඖෂධීය බවක් ගෙඩියේ තියෙන නිසා නොව….. කොලොස්ටරෝල් පිලිබඳවද කිව යුත්තේද මුලින් කී ආකාරයටමයි පරීක්ෂණයකින් ස්ථාවරවී නොමැත ඖෂධීය ගුනයන් ඇති බවට . නමුත් වකුගඩුවලට හානිකරනවා කියා නම් මතයක් තියෙනවා . එ මතයත් සත්‍ය අසත්‍ය අතරයි තවම තියෙන්නේ පිලිගත හැකි බවක් තවම ථාවර වී නොමැත . මේ ගස ඖෂධීය ශාකයක් සේ ප්‍රකාශ කරන්නේ වෛද්‍යවරුන්වත් වෙනත් අංශයක ප්‍රමානාතමකයින් නම් නොව බඩගොස්තරවාදී පැල තවාන් කරනා උදවියයි. සමස්ථ පැල තවාන් කරන අයටම කරන චෝදනාවක්ද නෙමෙයි මේ චෝදනාව .

පීනට් බටර් ෆෘට් කියන්නේ මේවාට.මේ ගසක් ගෙදරක හදාගන්නවාට වඩා 100%ක්ම හොදයි වෙරලු ගහක් ඇබිල්ල පැලයක් ගෙදර සිටුවා ගැනීම ඒවා ගුණයි රසයි පීනට් බටර් ෆෘට් කියන විදේශීය ආක්‍රමනික මේ ගසට වඩා නම්.

මේ පලතුර කිසිම වැඩකට නොමැති බවත් ගෙඩිවල ඖෂධීය බවක්ද නොමැති බව 2013 වසරේදී බ්‍රසීලය විසින් සිදුකර ඇති පරීක්ෂණයන් තුලින් කියවේ. සොයා බැලිය හැකිය කාහටත් පසු විපරමක් ලෙසට… පුන්චි හෝ ගුනයක් වටිනාකමක් ලෙසට ඇතැයි සැලකෙන්නේ විටමින් A ඇති බව පමණි. හෘද රෝග සදහා යම් ප්‍රමාණයක් ගුණයි කියනවා. එහෙත් පොදු වශයෙන් ගත්තොත් ගුණයන්ට වඩා අගුණ වැඩි බව කියවෙයි. ආක්‍රමනික ශාකයක් සේ පිලිගත් විදේශීය ශාකයකි පීනට් බටර් ෆෘට් කියන්නේ …….

බ්‍රසීලයේ හා ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවන් බලන්න …

ජාත්‍යන්තර පිලිගැනීම මෙසේය ….
This exotic fruit is easy to grow and requires low maintenance, but it’s not widely cultivated in Hawaii yet because it doesn’t have any commercial or agricultural value.

2013 බ්‍රසීලයේ වාර්තාව ….
Nutritional Value
In 2013 the Peanut Butter fruit was the focus of a study in Brazil to determine the fruit’s antioxidant potential. Studies proved the fruit to be an excellent source of carotenoids, specifically lycopene offering nearly ten times that found in tomatoes.

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here