47 . හීං බිංකොහොඹ / Andrographis paniculata / Heen Binkohomba හීං බිංකොහොඹ යනු…

0
6


47 . හීං බිංකොහොඹ / Andrographis paniculata / Heen Binkohomba

හීං බිංකොහොඹ යනුවෙන් හදුන්වනු ලබන්නේ කුඩා දේශීය පැළෑටියකි. සිංහලෙන් වල් බිංකොහොඹ ලෙසින්ද කොහොඹ පෙනුමෙන් සමාන නිසා භූනිබ්බ යනුවෙන්ද , විශාල ප්රදේශයක පැතිරී වඩෙන විට කළු වලාකුලක් බඳුය යන අර්ථයෙන් කාලමේඝ යනුවෙන්ද හඳුන්වා ඇත. ඇතැම් විට කිරාත තීක්ත යනුවෙන්ද හඳුන්වන්නේ අධික තිත්ත බවක් ඇති හෙයිනි. මෙම ශාකය 75 cm පමණ උසට වැඩෙන චතුරශ්රාකාර කඳකින් යුතු අතර සම්මුඛව ඇති පත්ර අණ්ඩාකාර , ඉලිප්සීය සිට ඉලිප්සීය , ලංසාකාර ය. පත්රයක් 8.5cm දක්වා දිගු විය හැකිය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැති වන අතර දල පත්රවල දම් පැහැති පැල්ලමක් දැකගත හැකිය. ඵලය පැලෙන කරලකි. විසිතුරු ශාකයක් ලෙස වැවීමටද සුදුසු හීං බිංකොහොඹ ශාකය Acanthaceae කුලයට අයත් ය.

ඖෂධ වට්ටෝරුවල භූනිබ්බ ලෙස සඳහන්ව ඇති විට දේශීය ආයුුර්වේද වෛද්යවරු මෙම හීං බිංකොහොඹ ශාකයත්, ඉන්දියාවේ වැවෙන කිරාත (Swertia chirata) පැළෑටියත් භාවිතා කර ඇති අතර පාරම්පරික වෛද්යවරු දේශීය බිංකොහොඹ ශාකය භාවිතා කර ඇත. කුසගිනි මදිකම , අක්මාව ඉදිමීම ඇතුළු අක්මා රෝග , විබන්ධතා , පණු රෝග , රුධිරගත රෝග , ඉදිමුම් , චර්ම රෝග , ශාරීරක දුර්වලතාවය ආදිය සඳහා ප්රතිකාර කිරීමට හීං බිංකොහොඹ සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. කාලමේඝ චූර්ණය, කාලමේඝ ක්වාතය , කාලමේඝ සුරාසවය , කාලමේඝ ක්ෂාරය හීං බිංකොහොඹ යොදා නිපදවන ඖෂධයන් ය. හීං බිංකොහොඹ අක්මාව උත්තේජනය කරන, පණුවන් නසන , රුධිරය පිරිසිදු කරන , ඉදිමුම් නසන , දහදිය ගන්වන , කුෂ්ඨ නසන ආදී ගුණයන් සහිතයි.

* අක්මා රෝග සඳහා සම්පූර්ණ හීං බිංකොහොඹ පැළෑටියම තම්බා බීම ගුණදායක ය.
* උග්ර මැලේරියා තත්වයක් ඇති විට හීං බිංකොහොඹ මරිච චූර්ණය දෙයි. මැලේරියාව අසාද්ය වූ විට ඇති වන ප්ලීහාව ඉදිමීම සඳහා හීං බිංකොහොඹ කේවල කෂාය යොදා ප්රතිකාර කරයි.
* හීං බිංකොහොඹ පැළෑටිය සහමුලින් ගෙන තම්බාගත් වතුර අඬුකෝප්පයක් (ළමුන් සඳහා අඬුකෝප්ප භාගයක්) සීනි ස්වල්පයක් මුසු කොට උදේ සවස පානය කිරීමෙන් පීනස , නිතර සොටු දියර ගැලීම , ඉරුවාරදය , හතිය (පපුවේ මහන්සිය) සෙම් ගෙඩි , ලේ වල සෙම , හිස බරගතිය , නිතර පවතින ප්රතිශ්යාව , නාසයේ මස් දලු ඇති වීම ආදී කල්ගත වූ කොතෙකුත් ප්රතිකාර කළත් සුව නොවන සෙම් රෝග නිට්ටාවටම සමනය කල හැකිය.
* ගැමියන් තමන්ට දියවැඩියාව වැළඳී ඇති බව දැන ගත් පසු අත් බෙහෙතක් වශයෙන් හීං බිංකොහොඹ ශාකයේ පත්රයක් බැගින් දිනපතා උදේ සවස හොඳින් සපා ගිල දැමීම මඟින් වෙනත් ප්රතිකාරවලින් තොරවම එම අසනීපය සුව කර ගනී. හීං බිංකොහොඹ දියවැඩියාව සඳහා ඉතාමත් ප්රතිඵලදායක ඖෂධයක් බව මෑකතදී කරන ලද පර්යේෂණ මඟින්ද තහවුරු කර ඇත.
* හීං බිංකොහොඹ කොටා මිරිකා ගත් යුෂ තේ හැඳි භාගයක් මී පැණි දමා උදේ සවස පානය කිරීමෙන් මුත්ර ගල් වැටී මුත්රාශ්වරී රෝගය සුව වෙයි.
* හීං බිංකොහොඹ ශාකය ගෙවත්තේ වවා ගැනීමෙන් නිතර දර්ශනය කිරීමෙන් ස්පර්ශ කිරීමෙන් සහ සුදුසු ක්රමවේද හරහා සේවනය කිරීමෙන් අඟහරු ග්රහයාගෙන් වන අපල උපද්රව දුරු කර ගත හැකි බව පැරණි විශ්වාසයක්ද වෙයි.

හීං බිංකොහොඹ ශාකය ප්‍රාදේශීය වශයෙන් කිරාත කියා හදුන්වනු ලබනවා. එහෙත් කිරාත ලෙසට පිලිගත් ශාකය Swertia chirata නම් ශාකයයි. කිරාත ශාකය ඉන්දියාවේ දක්නට ලැබෙන ශාකයකි ඖෂධීය බාවයෙන් අනූන වූ. ඒ ශාකය ලංකාවේ දක්නට නොලැබෙන්නකි. එ අනුව කිරාත හා හීං බිංකොහොඹ යනු එක් ශාකය නොව ශාක දෙකක් බවට උද්භිත විදුවන් විසින් පෙන්වා දෙයි. එහෙත් හීං බිංකොහොඹ ශාකය කිරාත කියා හදුන්වනු ලබන දේශීය මූලාශ්‍ර ද නැතුවාමත් නෙමෙයි … කිරාත ශාකය ගැන විස්තර බලන්න … https://m.facebook.com/story.php?story_fbid=857807954756050&id=271220920081426 …

බිංකොහොඹ හා හීං බිංකොහොඹ පින්තුර බලන්න comment bar එකේ තියෙනවා .

ඖෂධීය ශාක සංග්රහය ඔසු පැල දෙපාර්තමේන්තුව පිටුවේ මෙන්ම අන්තර්ජාලයෙ තොරතුරුද ගෙන සැකසූවකි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here