45 . ගොටුකොළ / Centella asiatica / Gotukola ගොටුකොළ පලා වර්ග අතුරින් රසවත් ගුණව…

0
5


45 . ගොටුකොළ / Centella asiatica / Gotukola

ගොටුකොළ පලා වර්ග අතුරින් රසවත් ගුණවත් පලාවකි. ගොටුවක් වැනි හැඩයක් සහිත කොළයක් ඇති නිසා ගොටුකොළ නමින් හඳුන්වයි. ගොටුකොළයේ හැඩය ගත්විට එය මිනිස් මොළයේ හරස්කඩක හැඩය සමග සම වෙයි. ඒනිසාම ගොටුකොළ මොළයට ඉතාම හිතවත් කියා විශ්වාසයක් තිබේ. සංස්කෘත භාෂාවෙන් මණ්ඩූක පර්ණි නමින් හඳුන්වයි. ගෙම්බාගේ පිට වගේ උඩට රැළි සහිත නිසා මණ්ඩූක පර්ණි නමින් එය හැඳින්වීමට හේතුවෙයි. තව ද සංස්කෘතයෙන්ම මණ්ඩූක යන නමින්ද හදුන්වනු ලබන්නේ මැඩියා පැන යන ආකාරයට සිහින් නූල් ඇඳුනූ ආකාරයෙන් ගොටුකොළ වැඩෙන නිසාය. ආයුර්වේදයට අනුව ගත් කල මොලයේ හැඩයට සමාන හැඩයෙන් යුතු කොල ඇති මෙම ශාකය බ්රාහ්මී ලෙස හදුන්වන අතර මොලයට හිතකර වූවක් වන මෙය ඉතාමත්ම වටිනා වූ ශාකයකි. ලංකාව , අප්‍රිකාව , මැඩගස්කරය ආදි රටවල බොහෝ සරුවට වැඩෙන ශාකයකි. ගොටුකොළ වර්ග කිහිපයක් ප්‍රධාන වශයෙන් දැකිය හැකිය . APIACEAE කුලයට අයත් වන ශාකයකි ගොටුකොළ .

හීන් ගොටුකොළ , වැල් ගොටුකොළ හා පෝච්චි ගොටුකොළ ඒ අතරින් ප්‍රධාන වේ. නමුදු මේ අතරින් ඖෂධීය ගුණයෙන් ඉහළ වන්නේ බිම දිගේ වැඩෙන හීන් වැල් ගොටුකොළය. රබර් වතුවල පොල් වතුවල යටි වගාවක් ලෙස ඉතා සරුවට හැදෙන ගොටුකොළය. මෙය ලංකාවට ආවේණිකය. PH අගය 6-7 ක් අතර පවතින සුළු වශයෙන් ආම්ලික වු , ජලවහනය යහපත් මට්ටමක ඇති පසක ගොටුකොළ හොදින් සරුසාරව වැඩෙයි.

* විශාල ප්‍රමාණයේ පත්‍ර ඇති වර්‍ග (යෝධ ගොටුකොළ) –
පත්‍රයක දිග සෙ.මී. 5.5 ක් හා පළල සෙ.මී. 8.5 ක් පමණ වේ. එක පඳුරකින් ධාවක 4 – 6 ක් පමණ හට ගනි. නටුවක දිග සෙ.මී. 15 ක් පමණ වේ. පඳුරු වර්‍ගයට වඩා වර්‍ධන වේගය වැඩි අතර, භූමි ඒකකයකින් ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය ද වැඩිය. මේරූ විට රසය අඩුවන අතර ඉක්මනින් අස්වැන්න නෙලාගත යුතුය.

* මධ්‍යස්ථ ප්‍රමාණයේ පත්‍ර ඇති වර්‍ගය (මීරිගම වර්‍ගය) –
මෙම වර්‍ගයේ පත්‍රයක දිග සෙ.මී. 2.5 ක් සහ පළල සෙ.මී. 4 ක් පමණ වේ. නටුවක දිග සෙ.මී. 10 – 15 ක් වේ. එක් පඳුරක පත්‍ර 30 ක් පමණ ඇති අතර , පඳුරකින් ධාවක 4 – 6 ක් පමණ හට ගනී. වාණිජමය වශයෙන් වගා කිරීමට සුදුසු වර්ගයක් වෙන අතර අනෙක් වර්ග වලට වඩා රසයෙන් වැඩිය. අපනයන සඳහා ද භාවිතා වේ.

* කුඩා පත්‍ර ඇති වර්‍ගය/වෙල් ගොටුකොළ
පත්‍රයක දිග සෙ.මී. 1.5 ක් සහ පළල සෙ.මී. 2.5 ක් පමණ වේ. එක් පඳුරක පත්‍ර 10 ක් පමණ ඇති අතර, එක පඳරකින් ධාවක 3 – 5 ක් දක්වා හට ගනියි. නටුවක දිග සෙ.මී. 6 – 8 ක් පමණ වේ. මෙය වෙල් ගොටුකොළ නමින් ද හැඳින්වේ. වෙළඳපොළේ මේවා සඳහා විශේෂ ඉල්ලුමක් ඇත. කැඳ සෑදීම සඳහා මෙම වර්ගය වැඩි වශයෙන් භාවිතා වේ.

ගොටුකොල 100 gක අඩංගු පෝෂක වශයෙන්
ශක්තිය කැලරි 3g , කාබොහයිට්ඩ්‍රෙට් 6g , යකඩ 62.8 mg , බීටාකරොටින් 3600 mic. g , ප්‍රෝටීන් 2.1 g , කැල්සියම් 224 mg , විටමින් C 40-60 mg , ක්ෂූද බණිජලවණ (ක්‍රෝම්යම් , කොපර් , සින්ක් , කොබෝල්ට් , මංගනීස් , සොලිනියම් , සෝඩියම් අඩංගුය.)

ගොටුකොළ ආහාරයට ගැනීමෙන් හදවතට හිතකරයි. එය මනා රුධිර සංසරණයට දායක වෙමින් අධිරුධිර පීඩන තත්ත්ව පාලනය කර දෙයි. රුධිරය පිරිසුදු කරනවා. රුධිර වර්ධක ගුණයෙන් නීරක්තියත් දුරු කරනවා.
මතක ශක්තිය වැඩි කිරීමටත් , මොළයේ සෛල නැවත වර්ධනයටත් , ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත් , ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත් , ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා.
චර්ම රෝග වලකමින් සම පැහැපත් කරයි.

* මව් කිරි වඩවයි.
* ශරීරයේ විෂ ඉවත් කර තරුණ බව රැක දෙයි.
* උන්මාද , අපස්මාර වැනි රෝග වලට ඔසුවකි.
* අක්ෂි රෝග සදහා ගුණදායකයි.
* අර්ශස් නාසකයි.
* ආයු වර්ධකයි.
* කටහඩ මිහිරි කරයි.
* සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරමින් සම පැහැපත් කරයි.
* හිස කෙස් නිරෝගී කරයි.
* ඇස් පෙනීම වර්ධනය කරයි.
* දාරණ ශක්තිය , ස්මරණ ශක්තිය වර්දනය කරන අතර බුද්ධි වර්ධනය කරයි.
* ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය.
* අක්මාව ආරක්ෂා කරයි.
* පිළිකා මර්දධනය කරයි.
* ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
* ප්‍රතිදාහ ගුණ සහිතය.
* ප්‍රතිශක්තිය ඉහල නංවයි.
* LDL කොලස්ටරෝල් , Triglyceride අඩු කරයි.
* කුෂ්ඨ රෝග සදහාද ගුණදායකයි.
* ශාරීරික දුර්වලත්වයට හිතකරයි.
* රක්ත දෝෂ සදහා හිතකරයි.
* දියවැඩියා රෝගීන්ට ගුණදායකය.
* වකුගඩු ආරක්ෂා කරයි.
* ක්ෂය රෝගීන්ට ඔසුවකි.
* ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරීවේ.
* පීනස් රෝග සදහා ගුණදායකයි.
* පාද වල වෙරිකොස් රෝගයට ගුණදායකයි.

මීට අමතරව,
* ගොටුකොල එලකිරෙන් අඹරා එයට තල තෙල් දමා හිසේ ආලේප කිරීම මගින් හිසකෙස් ඝනව වැඩේ.
* බල වර්දක වේ.
* මුත්ර කාරක වන අතර මුත්රාශයට සම්බන්ද ඉන්ද්‍රීය පද්ධතියට හිතකරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපි හා අන්තර්ජාලය ඇසුරින් සැකසුනකි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here