42 . වැටකොළු / Luffa / Wetakolu වැටකොලු වර්ග කිහිපයක් ලංකාවේ දක්නට ලැබෙන අතර එය…

0
8


42 . වැටකොළු / Luffa / Wetakolu

වැටකොලු වර්ග කිහිපයක් ලංකාවේ දක්නට ලැබෙන අතර එයින් වර්ග දෙකක් බහුලව දැකිය හැකිය .

1. දාර වැටකොළු – (Luffa acutangula)
2. නියං වැටකොළු – (Luffa aegyptiaca )

පෙර කල තදබල උණක් සැදී නැගිටගන්නට අසීරුවන තරමට දුර්වල වූ ලෙඩකුට පහසුවෙන් දිරවාගෙන ශක්තිය ලබා ගත හැකි වැටකොළු වැනි එළවළුවක් සමග බෙරි බතක් උයා දී නැගිටුවන්නට හැකිවුණා. 90%ක් ඉක්මවූ ඖෂධීය ජලයෙන් යුතු වැටකොළු වල ඇති ප්රතිශක්ති ගුණය ගැන මෑත කෙරුණු පර්යේෂණවලින් හෙළිදරව්ව ඇත. එය සිරුරේ සමබරතාව රැකදී නිරෝගිකර , ආයුෂ ද වර්ධනය කර දෙන්නක් බව කියවෙයි.

දාර වැට කොළු , නියං වැට කොළු , (දිය වැටකොළු) හා තිත්ත වැටකොළු වශයෙන් ශාක ප්රභේද තුනක් පවතිනවා. කුකර් බිටේසි කුලයට වැටකොලු අයිතිය. තිත්ත වර්ගය ඖෂධ සඳහා යොදාගනු ලබන්නක්.

1 . දාර වැටකොලු

වර්තමානයෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දාර දහයක් යන අරුතින් දහදාර ලෙස හැඳින්වෙන දාර වැටකොළු විශේෂයයි.
ඒවායේ ජලය හැරුණුවිට විටමින් B රයිබොප්ලේවින් ආහාරමය තන්තු හා සින්ක් බහුලව අඩංගු වනවා. ඒ හැරුණුවිට විටමින් C යකඩ පොටෑසියම් , සෝඩියම් හා වෙනත් ඛණිජ වර්ගත් අඩංගුයි. සිසිල් ගුණයෙන් යුක්තයි.

වැටකොළු , ආයුර්වේදය හඳුන්වා දී ඇත්තේ පිත සමනය කෙරෙන්නක් , පණුවන් නසන්නක් , හා මුත්රා රෝග දුරු කරන්නක් ලෙසයි. හතිය , උණ , කැස්ස රෝගීන්ට සුදුසු ආහාරයක් ලෙස සැළකෙනවා. ඒවායේ ඇති තන්තු නිසා මලබද්ධය දුරු කරන්නක් ලෙසත් සැලකෙනවා. අක්මාවට ගුණදායකයි. අකලට හිස කෙස් පැසීම වළකාලන අතර රුධිරය පිරිසිදු කිරීමේ ශක්තියෙන් යුක්තයි. දියවැඩියාව , වකුගඩු රෝගවලට එරෙහිව ක්රියා කරන්නක් සේම ඇස් පෙනීම වර්ධනය කරන හැකියාවෙන් ද යුක්තයි.

වැටකොළු කොළ කොටා සවස දියේ දමා තබා පසුදින උදෑසන එම දියෙන් සේදීමෙන් අර්ශස් ගෙඩි මර්දනය වන බව සඳහන්වෙනවා.
දාර වැටකොළු වල දාරය සහිත පොත්තද ගුණවත්. එය යන්තම් තම්බා බැදුමක් සලාදයක් වෑංජනයක් ලෙස හෝ පොල් දමා මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගත හැකියි.

2 . නියං වැටකොළු

අතීතයේ හේන්වල පලගත් වැටකොළු නියං වැටකොළු ලෙස හැඳින්වෙන අතර ඒවා බාහිරින් රටා වැටුණු සුමුදු පොත්තක් සහිතයි. පතෝල කරලක හැඩය ගන්නවා. නියං වැටකොළු නියං කලක වුව පහසුවෙන් වැවී පලදාව ලබා දෙන ශාකයක් වෙයි. පොටෑසියම් , යකඩ , කැල්සියම් , කොපර් , මැන්ගනීස් , තන්තු ආදි පෝෂකවලින්ද විටමින් B C K සහ A 260 iu සංචිතයකින් යුතු ශාකය ප්රතිශක්ති , ප්රතිජීවක , ප්රති ඔක්සිකාරක වෛරස් නාශක හා වේදනා නාශක ගුණ සහිතයි.
එහි ළපටි කරල් අමුවෙන් සලාදයක් ලෙසත් ආහාරයට ගතහැකියි. කැරටොනයිඩ බහුල ශාකය සමට ඉතා හිතකරයි. එය C විටමින් හා එක්ව සම නිරෝගි කර දෙනවා. කුරුළෑ ඉදිමුම් වණ තුවාල සුවපත් කරනවා. කරලින් ලබාගන්නා කොස්ස ද සම පිරිසිදු කිරීමේ වටිනා උපකරණයක්. සබන් ස්වල්පයක් යොදා එය සමෙහි ඇතිල්ලීමෙන් සමේ මළ කොටස් ඉවත්ව සම මනාව පිරිසිදුවනවා. සිනිඳුවනවා.
ගෙඩිය හොඳින් පැසුණු පසු එහි දෙපැත්ත කපා දින තුනක් පමණ ජලයේ තබා මද ඉවත්කර තලාගත් විට එම ස්පොන්ජය ලබාගත හැකියි.
බොහෝ රටවල එය වෙළඳ භාණ්ඩයක් ලෙස මිලදී ගෙන භාවිතා කෙරෙන අතර එනිසා ම ශාකය vegetable sponge නමින්ද හැඳින්වෙනවා. ශාකයේ නිජබිම් ආසියානු අප්රිකානු වුවත් මෙවලම සම පැහැපත්කරන නිසාදෝ එය හඳුන්වනු ලබන්නේ white people’s sponge ලෙස යි.

නියං වැටකොළු වාතය සමනය , කරන රත් පිත් දුරලන ඖෂධිය ආහාරයක් ලෙසට ආයුර්වේදය සඳහන් කරනවා.
මුත්රා කාරක විරේචන ගුණෙන් යුතු එය ආයුර්වේදයේ පංච කර්ම ප්රතිකාර සඳහා ශෝධකයක් ලෙස යොදාගන්නවා.
වසක් පෙවුණු විට එය ඉවත්කිරීමට වමනකාරකයක් ලෙසද යොදාගන්නා බව සඳහන්. එය ලේ පිරිසිදුකර වර්ධනය කරමින් නීරක්තිය දුරලන්නක්. අභ්යන්තර රුධිර ගලන පාලනය කරන්නක්. පොටෑසියම් බහුලතාවත් සමග හදවත රකිමින් හර්ද කපාට ආසාදනවලට එරෙහිව ක්රියාකරන්නක්. රුධිර පීඩනය පාලනය කරන්නක්. කැලරි අඩු බැවින් බර අඩුකර දෙන්නක්. හිසකෙස් නිරෝගිකර වර්ධනය කර දෙන්නක්. අක්මාව නිරෝගි කරමින් එය ආශ්රිත සෙංගමාලය වැනි රෝග දුරලන්නක්. එසේ ම කාන්තා පිරිමි දෙපක්ෂයේම ප්රජනන පද්ධති ආශ්රිත රෝග දුරලීමේ හැකියාවෙන් ද යුක්තවූවක්. ශාක පත්ර ඉදිමුම් දුරුකිරීම සඳහා බාහිර ආලේපනයක් සේ යොදා ගන්නවා. ඇස් රෝග පාලනයටත් බාහිරව යොදනවා
ආතරයිටිස් , මැලේරියා උණ මිග්රේන් හිසරදය , මල බද්ධ අර්ශස් , පණුරෝග , මුත්රා අඩස්සි කාස ආදි රෝග ගණනාවක් පාලනය කිරීමටත් ශාකය උපකාරවෙනවා.

එසේ ම එහි ඇති විටමින් B මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් ගේ දුර්වලවූ මොළය නිරෝගි කිරීමට ද සහාය වනවා.

නිර්මාණ අයිතිය – Indra Rathnayake

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here