40 . උලුහාල් / / Uluhal මුළුතැන්ගෙයි කුළුබඩු අතර වෑංජන රසවත් කිරීමට උදව්වන උ…

0
4


40 . උලුහාල් / / Uluhal

මුළුතැන්ගෙයි කුළුබඩු අතර වෑංජන රසවත් කිරීමට උදව්වන උළුහාල් අතීතයේ පටන්ම ආහාර රසකාරකයක් සේ යොදාගෙන ඇත. ආහාර රසකාරකයක් සේ උලුහාල් අතීත මිනිසුන් යොදාගෙන තියෙන්නේ රසගැන්වීමට එහා ගිය ඖෂධීය බවක් එහි තිබෙන බව නිසායි. ඖෂධීය වශයෙන් ප්‍රයොජන රාශියක් තිබෙන උලුහාල් ගස් වශයෙන් වැඩෙන අතර එහි හටගන්නා කරල් තුල උලුහාල් බීජ හැදෙයි. උළුහාල් කටුක හා උෂ්ණ ගුණයෙන්ද. රත්පිත් කුපිත කරවන අතර අරුචිය නැති කරයි. දීප්තිකරයි. වාතය නසයි. ගිණි වඩන අට්ගර මේ ගුණයන් නිසාම එහි ඖෂධීය භාවිතය බොහොම ප්‍රබලවෙයි. ඖෂධීය බව පිලිබඳව දැනුවත් වන්න.

* මෙහි අඩංගු සංයෝග මගින් ඉන්සියුලින් නිපදවීම වර්ධනය කෙරෙන බැවින් දියවැඩියාව පාලනය කිරීමට මනා පිටුබලයක් ලැබෙයි .

* හිසකෙස් වල හිස්සොරි නැති කිරීමට
* සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් බැහැරකර සන්ධි වේදනා මැඩ පැවැත්වීමට
* සිරුර නොයෙක් රෝගවලට ගොදුරු,
කරන තරබාරුව පාලනය කරීමට
* කෙඳි සහිත බැවින් මල බද්ධයට නැති කර ආහාර දිරවීම පහසු කරවීමට
* මෙහි ඇති වස විස ඉවත් කිරීමේ ශක්තිය නිසා බඩවැල් පිළිකා සෑදීම වැළකීමට
* ෆෝලික් අම්ලය නිසා උළුහාල් කිරි දෙන මවුවරුන්ටත් ඉතා පලදායකයි. අළුත් මවකට පහසුවෙන් කිරි එරෙන අතර, දරු උපතින් ඇතිවන වේදනා තත්ත්වයන් ඉක්මනින් දුරුකිරීමට සමත් වීම.
* දරු උපත් පමාවන අයට ගර්භාෂගත රෝග දුරු කරමින් දරු සම්පත් ලබාගැන්මට උපකාරිවීම.
* මොළය නිරෝගි කරමින් බුද්ධිය හා කල්පනා ශක්තිය වර්ධනය කරීමට
* චර්ම රෝග බැහැරකර, සම පැහැපත් කිරීමට
* උළුහාල්වලින් ඇතිවන නිරෝගීවීම් හරහා තරුණ පෙනුමක් ලැබීමත්, තරුණ ජවයක් ලැබීමට උපකාරී වෙයි.

* උළුහාල් වලින් ආයුර්වේද ප්‍රතිකාර

* හිස්සොරි ඇතිවිට –
දෙහි සමග තම්බා හිසේ ගෑම, උළුහාල් තේ හැඳි 3 ක් රැයේ පෙඟෙන්නට තබා උදේ අඹරා හිස ගල්වා සම්බාහනය කර පැයක් පමණ තබා සෝදා හැරීම.

* පොල්තෙල්වලට උළුහාල් දමා රත්කර හිස ගල්වා මනා කෙස් කළඹක් වවා ගැනීම

* දියවැඩියා රෝගීන්ට රුධිරගත සීනි පාලනයට
උළුහාල් කබලේ බැද කුඩුකර අසුරා තබාගෙන තේ හැන්දක ප්‍රමානයක් දමා තේ මෙන් උණු දියෙන් සකසාගත් කෝප්පයක් , උදේ හිස්බඩ බීම. උළුහාල් රැයෙහි පෙඟෙන්නට තබා එම දිය උදෑසන හිස්බඩ පානය කිරීම (උළුහාල් ද සපා කන්න)

* තරබාරුව පාලනයට මඳක් රත්කළ උළුහාල් කුඩුකර මීපැණියෙන් අනා කෑම. උළුහාල් හොදින්, තම්බා පෙරා, මීපැණි සමග පානය කිරීම.

* කොලෙස්ටරෝල් පාලනයට ආහාර ගැන්මෙන් පසු උළුහාල් ඇට කීපයක් සපා කෑම

* උළුහාල් කොටස් දෙකකට, කළුදුරු, ගොරකා, කුරුඳු , කරපිංච දලු කොටස් එක බැගින් ද ගම්මිරිස් ඉඟුරු, කොටස් බාගය බැගින්ද ,දමා ලුණු ස්වල්පයක් එක්කර අඹරා ගන්නා සම්බෝලයෙන් නෙල්ලි ගෙඩියක ප්
‍රමාණයක් බත් සමග කෑම. (මෙය තරබාරුව පාලනයටත් සුදුසුයි.)

* වාත අමාරු, බඩ පුරවා දැමීම් වලදී උළුහාල් සුදුළූනු සමග තම්බා බීම.

* තරුණ පෙනුම හා ජවය ලැබීමට උළුහාල් පිටි කර කැඳ සකසා බීම.

* විටමින් සී හා පොටෑසියම් වලින් පොභොසත්, යකඩ කැල්සියම් සින්ක් කොපර් සෙනිලියම් ඛනිජ වර්ග තයොමින් මියසින් ෆෝලික් අම්ලය වැනි පෝෂක අඩංගු, උළුහාල් ඈත අතීතයේ සිට ම රෝග නිවාරණයට යොදා ගෙන තිබේන බව ඖෂධීය ග්‍රන්ථ තුල සදහන් වෙයි. තවද උලුහාල් රුපලාවණ්‍ය කටයුතු සදහාද බොහො සේ භාවිතා කරයි..

* උලුහාල් හා ආහාර සාදාගන්නා ආකාර=

* උලුහාල් මාලුවට අවශ්ය දේ —

උළුහාල් කෝප්ප බාගයක් ,කුඩාවට කපා ගත් රටලූනු ගෙඩියක් , සුදුලුනු බික් 2ක් කපා ගත් අමු මිරිස් කරල් 2ක් රම්ප , කරපින්චා , සේර , කුරුදු කැබැල්ලක් කහ , තුනපහ , මිරිස්කුඩු ස්වල්පයක් , කෑලි මිරිස් අවශ්ය පමණ , ලුනු , පොල්තෙල් ස්වල්පයක් , දියකිරි සහ මිටි කිරි

සාදන අයුරු
උළුහාල් කබලක දමා බැද ගන්න.ගොඩක් වෙලා කලුවෙන්න බදින්නේ නෑ එතකොට තිත්ත රස එන නිසා. ගොඩක් ලාවට තමයි බැදගන්න ඕන. ඊට පස්සෙ වතුර දාල පෙගෙන්න තියන්න පැය බාගයක් විතර.දැන් වතුර බේරල කහ,මිරිස්කුඩු,තුනපහ කුඩු සහ ලුනු දමන්න.( මිරිස් කුඩු අවශ්යම නැහැ ) තෙම්පරාදුවටත් ඉතිරි කරල රටලූනු,සුදුලූනු සහ අමු මිරිස් දාන්න. කුරුදු , කරපින්චා , රම්පෙ , සේරත් ටිකක් දාන්න. තෙම්පරාදුවටත් මේ සේරම දාන නිසා ටිකක් දාන්න. ගොඩක් දාන්න අවශ්ය නැහැ. දැන් දියකිරි දමා ලිපේ තියන්න.හරියට පරිප්පු හදනව වගේ. දැන් දියකිරි වලින් තැම්බුනාම මිටිකිරි එකතු කරන්න.හොදින් තැම්බෙන්න තියන්න. කිරි ටිකක් හිදිල එනකොට ලිප නිවල තෙල් තාච්චියක් ලිපේ තියල තෙම්පරාදුවකට ඇති තරමට තෙල් දාන්න. තෙල් රත් වන විට ඉතිරි සුදුලූනු,ලූනු,රම්ප,කරපින්චා,සේර,කුරුදු කැබැල්ලක් දාන්න. මේකට කෑලි මිරිස් දාන්න නම් අමතක කරන්න එපා.තෙම්පරාදුවට කෑලි මිරිස් දැම්මම රසයි.දැන් උළුහාල් දාල තෙම්පරාදු කරන්න. මේක හදන්නෙ පරිප්පු වගේ උනාට පරිප්පු වගේ ගොඩක් කන්න බැහැ.බත් එක්ක අනිත් එළවලුත් එක්ක මේස හැන්දක් වගේ විතරයි කන්න පුලුවන්. ඒ වගේම උළුහාල් බැද ගන්න කොට ගොඩක් වෙලා කබලේ බදින්නත් එපා. එතකොට තිත්ත රසක් එනවා.කැමති නම් උම්බලකඩ එකතු කරන්නත් පුලුවන්.

* ලුහාල් ආනම….
අවශ්‍ය දේ :- උලුහාල් මේස හැදි 2 2/1 ( විනාඩ් 15 වතුරේ පොගවා වතුර බේරා ගත් )
රතු ලූනූ 150g දිගට කපා ගත් අමු මිරිස් , කරපිංචා අතු කීපයක් , සිහින්ව ලියාගත් සුදුලූනූ බික් 6-7ක් , උකු සියබලා යුශ 50ml , උකු පොල්කිරි 200ml , ලුණු පදමට මිරිස්/ කරි කුඩු තේහැදි 1 1/2 , තෙල් අවශ්‍ය ප්‍රමාණයෙන්

සාදාගන්නා ආකාරය

උකු පොල්කිරි හා උකු සියබලා යුෂ වෙන වෙනම සාදාගෙන තියාගන්න. භාජනය ලිපේ තියා තෙම්පරාදුවට අවශ්‍ය පමණ පෙල් තෙල් දමා රත් වේගෙන එනවිට ලූනු , සුදුලූනු දමා ලාවට තෙම්පරාදු කරගෙන එයට උලුහාල් ටික හා කරපිංචා එක් කර අවශ්‍ය පමණ තෙම්පරාදු වූ පසුව කපාගත් අමු මිරිස් එකතු කර අවශ්‍ය පමණ මිරිස් කුඩු ටිකක් කලු කුඩු ටිකක් හා මුලින් සාදාගත් සියබලා යුෂ එකතු කරගන්න. ගින්දර දමා පැහී ගෙන එනවිට මිටි කිරි දමා අවශ්‍ය පමණ ලුනු එක්කර හොදින් පැසුනු පසු ආහාරයට ගැනීමට පුලුවන් …

උලුහාල් කොල පරිප්පු දමා ආහාරයට එක් කරගත හැකි ඖෂධීය ශාකයක්ද වෙයි .

ඉරෝෂා ලක්මාලිගේ උපුටනයකින් හා පොත පත ඇසුරින් සැකසූවකි..

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here