38 . සප්සද / සස්සද = Aristolochia indica / Sapsadha ඉංග්රිසි භාෂාවෙන් Indian bi…

0
3


38 . සප්සද / සස්සද = Aristolochia indica / Sapsadha

ඉංග්රිසි භාෂාවෙන් Indian birthwort හා සංස්කෘත යෙන් ඊෂ්වරී [ Eishwarie] යන නමින් හැදින්වෙන අතර සර්ප විකර්ෂනීය හැකියාවක් ඇතැයි පැවසේ. වසරකට වරක් මල් හටගන්නා අතර දුර්ගන්ධයකින් යුතුය. වියලි කලාපීය හා මධ්ය ප්රදේශවල ඇති කැලෑවලදී විශේෂයෙන්ම දැකිය හැකි අතර අතීතයේදී ඉතා සුලභව දක්නට ලැබුනද දැනට තරමක් විරල ගණයේ වැලකි. ලංකාව , ඉංදියාව හා බංගලිදේශයේද ආදී රටවල ව්යාප්තිය දැකිය හැකිවෙයි. දේශීය ශාකයක් සේ සප්සද ලතාව ඒ අනුව හදුන්වනු ලැබෙයි .

සප්සඳ වැලේ ස්වරෑපය නම් ඉතා දිග සිහින් කඳකින් යුතු බහු වාර්ෂික වල්ලිමය පැළෑටියකි. එනම් ගස්වල එතෙමින් වැඩෙන වැලකි. පත්ර සරලයි . ඒකාන්තරයි. පත්ර ප්රමාණයෙන් විවිධත්වයක් දරයි. පලල් පත්ර 10 cmක් පමණ දිගින්ද 7.5 cmක් පමණ පළලින්ද යුතු වන අතර සිහින් පත්ර 3 – 10 cm ක් පමණ දිගින්ද 1.3 – 2.5 cm ක් පමණ පළලින්ද යුතුය. පත්ර හැඩයෙන් රේඛීය ලන්සාකාර සිට ආයත අණ්ඩාකාර හැඩය දක්වා වෙනස් විය හැකිය. පත්ර දාරය සම්පුර්ණ වන අතර කෙලවර උල්වී පිහිටයි . පත්ර මතුපිට තද කොළ පැහැතිය වන අතර පත්ර යටිපැත්ත ලා කොළ පැහැති. මෙහි හටගනු ලබන මල් කුඩාවන අතර කොල පැහැයට හුරැ සුදුපාටය. ඒවා කක්ෂීය අතුවල පිහිටා ඇත.මල් පෙති දම් පැහැ වන අතර හොරණෑකාරව තාරාවෙකුගේ හැඩයට සමවෙයි. මෙහි අණ්ඩාකාර ගෙඩි හටගන්නා අතර ඒවා සෙ.මී. 2 – 4 පමණ දිගින් යුතු කපාට 5 කින් යුතු ස්පොටිකාවකි. යට සිට උඩට පැලෙන ගෙඩියක් තුල පියාපත් සහිත බීජ රාශියක් පිහිටන අතර බීජ පැතලි බැවින් යුතුය. මෙම ලතාවේ මල් හටගනු ලබනුයේ සැප්තැම්බර් , ජනවාරි කාලා සීමාවේදීය. මෙම උද්භිද ගණයටම අයත් Aristolochia bracteolata යන උද්භිද නාමයෙන් හඳුන්වන තවත් දේශීය සස්සඳ විශේෂයක් ඇති අතර වෙදකමට සම්බන්ධ මූලාශ්රවල එය “කීටමාරී” යනුවෙන් හඳුන්වා ඇත. සාපේක්ෂව තරමක් විශාල පත්ර සහිත එය, වැලක් ලෙස බිම දිගේ වර්ධනය වෙයි. සස්සඳ සොයා ගැනීමට නොමැති විට ඒ වෙනුවට ඖෂධ සඳහා මෙම කීටමාරී ශාකය භාවිතා කිරීමට සුදුසු බව පොතපතෙහි දක්වා ඇත. සස්සඳ විශේෂ Aristolochiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන්ය.

සර්ප විෂ, වණ නිසා හටගත් ඉදිමුම්, සන්ධිවාත, ආමවාත, කුසගිනි මදිකම, උදර වේදනා, ග්රහණි, කෘමි රෝග, විසූචිකා, ළදරු දන්ත රෝග, ළදරු ප්රතිශ්යාව සහ කැස්ස, වේදනාකාරී දරු ප්රසූති, සූතිකා උණ ඇතුළු උණ රෝග, හෘද දුර්වලත්වය, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, පිස්සු බලු විෂ, මී විෂ, මුත්ර අඩස්සිය ආදී රෝගාබාධ රැසක් සඳහා ප්රතිකාර කිරිමට සස්සඳ ශාකයේ කොළ සහ මුල් භාවිතා කරයි. සස්සඳ රුධිරය පිරිසිදු කරන, හෘදය උත්තේජනය කරන, ඉදිමුම් නසන, ගර්භාෂය සංකොචනය කරන, මුත්රකාරක, ස්වේදජනක, විශබීජ නාශක ආදී ගුණයන් සහිතයි.

* උණ, ආමවාත, සන්ධි ඉදිමීම ආදියට සස්සඳ මුල් චූර්ණය යොදා ප්රතිකාර කරයි.
* සුදු කබර රෝගයට මුල් චූර්ණය මී පැණියෙන් අඹරා ආලේප කරයි.
* ළදරු මලබද්ධයට කොළ අඹරා යටි බඩේ ගෑ යුතුය.
* වේදනාකාරී දරු ප්රසූතියෙන් පසුව ගර්භාෂය හැකිලවීම සඳහා තිප්පි සමඟ යොදා ප්රතිකාර කරයි.
* සර්ප, ගෝනුසු මී ආදී විෂ සඳහා මෙම මුල් මිරිස් සමඟ අඹරා කොළ යුෂින් පොවනු ලැබේ.
* මෙම මුල් කැබැල්ලක් ලඟ තබාගෙන සිටීමෙන් වසංගත රෝග අවස්ථාවන් හිදී බෝවන රෝග වැලඳීමෙන් වැලකී සිටීමට හැකි බවත්, සර්පයින් අසලට ඒමෙන් වැලකෙන බවත් සඳහන්ව ඇත.

මෙම ශාකයෙහි ප්රධාන ක්රියාකාරී රසායනික සංඝටකයක් ලෙස පවතින අරිස්ටෝලෝචික් අම්ලය (Aristolochic acid) අධිමාත්රාව වකුගඩු ආශ්රිතව අහිතකර ලෙස ක්රියාකරන බව අන්තර්ජාල මූලාශ්රවල සඳහන්ව ඇත. පසුගිය කාලයේ ඇතමුන් එම කරුණ හුවා දක්වමින් ශ්රී ලංකාවේ රජරට ප්රදේශයේ පැතිර යන වකුගඩු අකර්මණ්ය වීමේ රෝගයට දේශීය වෛද්ය ප්රතිකාර සඳහා යොදා ගන්නා සස්සඳ හේතුවන බව කියමින් කෘෂි රසායන සමාගම් ගලවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙනු දක්නට ලැබුනි. කෙසේ වෙතත් එම රෝගය සඳහා සස්සඳ ශාකය වගකිවයුත්තෙක් නොවන බව පසුව හෙලි විය. විෂ සහිත ශාක හඳුනාගෙන ඒවා ඖෂධ සඳහා භාවිතා කරන විට සම්මත ක්රමයන්ට අනුව විෂ මරා හෝ වෙනත් ඖෂධ සමඟ සංයෝග කර විෂ ස්වභාවය දුර්වල කිරීමට දේශීය වෛද්යවරු පුරාණයේ සිටම දැන සිට ඇත. දේශීය ශාකයක් වන සස්සඳ බොහො කලක සිට මෙරට වෛද්යවරු ඖෂධ සඳහා භාවිතා කර ඇති අතර රජරට වකුගඩු රෝගය කෘෂි රසායන භාවිතය ඉහලට යෑමට සමාන්තරව දශක දෙකකට ආසන්න කාලයක සිට මෙරට ව්යාප්ත වන්නකි.

දේශීය සමනල් විශේෂ ( Crimson rose , common rose , Sri Lanka birdwing butterflies )
කිහිපයක යැපුම් ශාකයක්ද වන, අලංකාර මලක් හට ගන්නා හෙයින් විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි ඖෂධීය සස්සඳ වැලක් ගෙමිදුලෙහි වවා ගැනීම අතිශයින්ම වැදගත් වෙයි.

සැකසුම ආයුර්වේද ඔසු සංග්රහය , දේශීය වෛද්ය ශබ්ද කෝෂය සබැදි ග්‍රන්ථ සහ අන්තර්ජාලයෙනි.

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here