36 . ඉරමුසු / Hemidesmus indicus / Iramusu ඉරමුසු පොළව දිගට හෝ වෙනත් ශාකයක් මත…

0
6


36 . ඉරමුසු / Hemidesmus indicus / Iramusu

ඉරමුසු පොළව දිගට හෝ වෙනත් ශාකයක් මත එතෙමින් වැඩෙන අර්ධ පඳුරුමය කාෂ්ඨීය වැල් ශාකයකි. පොළවෙහි ගැඹුරට යන කාෂ්ඨමය මූල පද්ධතිය සුගන්ධවත්ය. ලපටි කඳෙහි බූවක් ඇත. මේරූ කඳ බූව රහිත වන අතර කිරි සහිතයි. සම්මුඛව පිහිටන සරල පත්ර ආයත – ඕවලාකාර සිට රේඛීය දක්වා විවිධ හැඩයන්ගෙන් දැකගත හැකිය. පත්රයක් සෙ.මි. 3.8 සිට 6.6 දක්වා දිගු වන අතර පත්රයේ මැද නාරටිය දිගේ දක්නට ලැබන සුදු පැහැති ඉර ඉරමුසු හඳුනා ගැනීමේ අනන්ය ලක්ෂණයක් වුවද එය නොපිහිටන අවස්ථාද හමුවෙයි. කක්ෂීය බහු අක්ෂ මත පිහිටන තද දම් පැහැති මල් ද්වීලිංගික ය. ඵලය කොටස් දෙකක් සහිත වරාවකි. හීං ඉරමුසු සහ මහ ඉරමුසු යනුවෙන් ප්රභේද (හෝ විශේෂ) දෙකක් ඇති අතර මෙරට වැවෙන වර්ගය හීං ඉරමුසු ලෙසත් ඉන්දියානු වර්ගය මහ ඉරමුසු ලෙසත් හඳුන්වයි. දේශීය ශාකයක් වන ඉරමුසු පෙර Apocynaceae සහ Asclepiadaceae උද්භිද කුලයන්ට අයත්ව තිබී වර්තමානයේ Periplocaceae කුලය යටතේ වර්ගීකරණය කර ඇත.

අතීසාර, ප්රවාහිකා, වාතරක්ත, උපදංශ,ථීරංග, බරවා, ගණ්ඩමාලා, කුශ්ඨ, විසර්ප, තුවාල, මව්කිරි නිසිලෙස ස්රාවය නොවීම, අහාර අරුචිය, ස්ත්රි සහ පුරුෂ වඳ බව, මුත්ර ගල්, මුත්ර ආසාදන, ශරීරයේ දැවිල්ල, ඇදුම ඇතුළු ස්වසන ආබාධ, විදුරුමස් දියවීම, උගුරේ සෙම්ගෙඩි, සන්ධි වේදනා, පණු රෝග, උදරාබාධ, අකලට හිසකෙස් වැටීම, නින්ද නොයාම, මුහුනේ සම අවපැහැ වීම, අර්ශස් ඇතුලු රෝග රැසක් සඳහා ප්රතිකාර කිරීමට ඉරමුසු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. ඉරමුසු කුෂ්ඨ, දද, ශරීරයේ දුගඳ, කැස්ස, ඇදුම, රක්ත දෝෂ, අතීසාර, පිපාස, දාහ දුරලන ගුණ සහිතයි.

* කොළ දඬු මුල් තම්බා සකසා ගන්නා ඉරමුසු පානයෙන් සිරුරේ වා පිත් සෙම් යන තුන් දොස ම දුරුවන බව සඳහන්.
* ශරීර ඌෂ්ණයට සහ මුත්ර දැවිල්ලට මුල් තම්බා බීමත් කැඳ සාදා බීමත් ගුණදායකය.
* අභිෂ්යන්දී නම් අක්ෂි රෝගයේදී ඉරමුසු ස්වරසය ඇසට යොදයි.
* වකුගඩු රෝග සඳහාත් මුත්රා දැවිල්ල සඳහාත් ප්රතිකාරයක් වන ඉරමුසු මනාව මුත්රා පෙරාදීමේ කාර් ය යට ද උර දෙනවා.
* ශරීරයේ දැවිල්ල සහ ඉදිමුම් අවස්ථාවන්ට මුල් අඹරා බාහිරින් ආලේප කරයි.
* ඉරමුසු මුල් තැම්බූ ජලයෙන් සේදීමෙන් වණ ශෝධනය වෙයි.
* මී විෂට ඉරමුසු මුල් කෂාය ලෙස ගෙන සාදාගත් සෘත යොදයි.
* ඉරමුසු මුලෙහි හා කඳෙහි ඇති ඖෂධීය ගුණ නිසා සන්ධිගත රෝග සන්ධි තදවීම් වළකිනවා .
* ඉරමුසු කෂාය දින හතක් පමණ උදය හවස පානය කිරීම වඳබව නැසීමට උපකාරී වෙයි.
* ඉරමුසු දරු සම්පත් බලාපොරොත්තුවන යුවලකට බෙහෙවින් උපකාරි වන්නක්. එය පිරිමියාට දරුපල ලබාදීමේ හැකියාව ගුණාත්මකව වර්ධනය කර දෙනවා. කන්තාවගේ කුසෙහි ඇති වන දරුගැබද ආරක්ෂාකර දෙනවා. ගබ්සාවීම් වලට ඇති ඉඩත් අවුරනවා. එසේම උපදින දරුවාට ආහාරය වන මවු කිරද පිරිසුදු කර දෙනවා.
ඉරමුසුවල ඇති මේ පිරිසිදුකරදීමේ ගුණය නිසා ඒවා පරි හෝජනය කරන ඕනෑම කෙනකුගේ ලේ ආශ්රිත රෝග තත්ත්වයන් පාලනය වෙනවා. ලෙයෙහි ඇති විෂ වර්ග විනාශවී ලෙය පිරිසිදුවනවා.
* ඉරමුසු චූර්ණය ජලයට මිශ්රකර පානය කිරීම මුත්රා ගල්, කුෂ්ඨ රෝගය සහ ස්ත්රි පුරුෂ වඳ භාවය නැති කිරීමය සමත් ය.
* ඇදුම , අසාත්මිකතාව , කැස්ස , සෙම් ප්රතිශ්යා , ශ්වසන ආබාධවලට මෙන්ම ආහාර අරුචිය අතීසාරය ජීර්ණ පද්ධතියේ ගැටළු වලටද ඉරමුසු යහපත් පිළිතුරු සපයනවා.
* ආමවාත , වාතාබාධ , ප්රසව රෝග , කාන්තා රෝග, දිය වැඩියාව අධිරුධිර පීඩන තත්ත්වයන්ට ද ඉරමුසු ගුණදායකයි.
* අම්ල පිත්ත රෝගයට හා උදරයේ ඇතිවන තුවාලවලට සුවය සලසනවා. එසේ ම සිරුර ශක්තිමත් කිරීමටත් එය උපකාරි වනවා.
* පෙණහලු ආශ්රිත රෝග, සෙම තදවීම සහ ඇදුම වැනි රෝගවලින් පෙළෙන විට ඉරමුසු කොළ කොටා සාදාගත් කැඳ පානය ගුණය.
* විදුරු මස් දියවීම, කටේ සෙම්ගෙඩි හටගැනීම, උල්ලෝගම් ඒම (සුදු පැහැ පුස් ලප වර්ගයක්) වැනි මුඛය ආශ්රිත රෝග සඳහා ඉරමුසු වැල තැම්බූ වතුරින් සේදීමෙන් සුවය ලැබෙයි. එයට සීනක්කාරම් ස්වල්පයක් දැමීම වඩාත් ප්රතිඵලදායක වේ.
* සර්ප විෂ, ගෝනුසු විෂ සහ මී විෂ ආදී විවිධ විෂ වර්ග ශරීරගත වූ විටදී ඉරමුසු මුල් තම්බා කෂායක් සාදාගෙන ඒ කෂාය නැවතත් එළඟි තෙල් සමඟ රත් කර පානය කළ යුතුය.
* අතීසාරය, කෑම අරුචිය වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ගුණදෙන වටිනා ඔෟෂධයක් නිවෙසේ සිටම සාදාගැනීමට ඉරමුසු, වියළි ඉඟුරු, කලාඳුරු අල සහ කෙලිඳ හාල් ග්රෑම් 15 බැගින් ගෙන වතුර කොප්ප 8ක් මිශ්රකර කොප්ප 1කට සිඳගෙන එය හොඳින් පෙරා පානය කරන්න. කෑම රුචිය වැඩිකිරීමටත් අතීසාරය දුරුකිරීමටත් එය ඉතාමත්ම ගුණදායක ඔෟෂධීය පානයකි.
* පණු අමාරුව සහ උදරය ආශ්රිතව හටගන්නා විවිධ වේදනාවලදී ඉරමුසු ශාකය ඇල්වතුරෙන් අඹරා එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද මිශ්රකර හොඳින් ඝනවන තුරු අඹරන්න. ඉන්පසු කුඩා ගුළි ලෙස සාදාගෙන හොඳ ඇසුරුමකට දමා තබාගන්න. උදරය ආශ්රිතව හටගත් වේදනාවකදී ඒ ගුළිය බැගින් මඳ රස්නය ඇති වතුර සමඟ පානය කරන්න.
* අකලට හිසකෙස් වැටෙන විට ඉරමුසු ශාකය කොටා දිනපතා ඒ යුෂෙන් හිස සෝදන්න. දින කිහිපයකින් හිසකේ ගැලවී යෑම නවතී.
* ඉරමුසු කොළ සහ දෑසමන් කොළ ස්වල්පය බැගින් සමව ගෙන තම්බා ඒ ඔෟෂධීය දියෙන් පැසවූ තුවාලය දින තුනක් පමණ සේදීමෙන් තුවාලය ඉක්මනින් සුව වේ.
* මුහුණේ දුර්වර්ණවීම් ඇති විට ඉරමුසු කොළ හොඳින් කොටා දිනපතා උදෑසන එම යුෂ මුහුණේ ආලේප කර විනාඩි පහළොවකින් පමණ සෝදා හරින්න.
* ඉරමුසු ශාකය සම්පූර්ණයෙන් ගෙන කටරොළු මුල් හා අඹරා කල්කයක් සාදාගෙන එම කල්කය මැටි බඳුනක පතුලේ තවරා රත් කර වියළුණු පසු එයට මෝරු (මුදවපු කිරි කොටස් එකකට වතුර කොටස් 4ක් දමා මිශ්ර කර මෝරු සාදා ගන්න) දමා හොඳින් මිශ්ර කර එය පානය කරන්න. අර්ශස් රෝගීන්ට එය ඉතාමත්ම ගුණදායකයි.
* දේශීය වෛද්යවරුන්ට උපදංශ වැනි සමාජ රෝග වලට ප්රතිකාර කිරීමට ද ඉරමුසු උපකාරිවනවා.
* මනස සාමකාමීව පවත්වා ගැනීමටත්, සිත සන්සුන් කර ගැන්මටත් උදව් වන ඉරමුසු මානසික සෞඛ්යය ද නංවාලන්නක්.
* සමට බෙහෙවින් හිතකර ඉරමුසු සම නිරෝගිකර පැහැපත් කර දෙනවා. එය විවිධ රූපලාවණ්ය නිෂ්පාදන සඳහාත් යොදා ගැනෙනවා. හම රැලි වැටීම , කළු පැල්ලම් ඇතිවීම, කුරුලෑ , හා ශරීර දුර්ගන්ධ වළකන ආලේපනත් , හිසකේ සඳහා ෂැම්පු ,හෙයා ජෙල් , කන්ඩිෂනර් , තෙල් වර්ග සෑදීමට ඉරමුසු උපයෝගී කරගන්නවා.
*මෙහි කොළ යොදා සම්බෝලයක් සකසා ගන්නත් හැකියි.
* වටී , ක්වාත ,ලෞහ , තෛල , ලේප ආදී ඉරමුසු යොදා නිපදවන ඖෂධ රැසක් ද ඇත.

ඉරමුසුවලින් අත් බෙහෙත් ——-
* කැසීම් පලු දැමීම් වැනි අසාත්මිකතාවලට
ඉරමුසු මුල් තම්බා බොන්න. මුල් කුඩුකර තේ මෙන් සකසා බීම
* දැවිල්ල ඉදිමුමට ඉරමුසු ඇල් දියෙන් අඹරා ගෑම.
* සෙම් ගෙඩි උල්ලෝගම් වැනි මුඛය ආශ්රිත රෝගවලට ඉරමුසු වැල තැම්බූ දියෙන් මුඛය සේදීම.
* මී විෂ , සර්ප , හා ගෝනුසු විෂට මුල් තම්බා කෂායකර , එය නැවත එළඟි තෙල් සමග රත්කර බීම.
* ශරීරයේ වැඩි උෂ්ණත්වයට ඉරමුසු නැටි තලා උළුහාල් සූදුරු සමග තම්බා මඳ උණුසුමින් පානය කිරීම
*උදර වේදනා වලට ශාකය ඇල්දියෙන් අඹරා ගම්මිරිස් කුඩු එක්කර ගුලි සාදා අසුරා තබාගෙන ගුලියක් මඳ උණුසුම් දිය සමග ගැනීම
* මුත්රා දැවීල්ල හා වේදනාවෙන් වරින්වර මුත්රා පහවීමට වියලි ඉරමුසු මුල් තම්බා බීම.
* දරු සම්පත් අහිමි අයට එය ලබාගැනීම සඳහා ඉරමුසු කෂාය දින හතක් උදේ සවස බීම.
*ශරීර ශක්ති වර්ධනයට පැළෑටිය පොල් සමග කොටා මිරිකා දමා කැකුළු හාලෙන් කැඳ සකසා බීම
*මුහුණ පැහැපත් කර ගැන්මට ඉරමුසු කොළ කොටා ආලේපකර විනාඩි 15 කින් සෝදා හැරීම.

සැකසුම අන්තර්ජාලයෙන් හා දේශීය වෛද්‍ය මූලාශ්‍ර හා සබැදි පොත්පත් තුලින් . ඔසු භාවිතය ගැන අවබෝධයක් ඇතිව භාවිතා කල යුතුය …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ ….




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here