32 . කටු අනෝදා / Annona muricata / Katu Anodha ඉංග්‍රීසියෙන් Soursop ලෙස…

0
6


32 . කටු අනෝදා / Annona muricata / Katu Anodha

ඉංග්‍රීසියෙන් Soursop ලෙසින්ද දෙමළෙන් මුල්ලුසීතා , පුල්ලිප්පලා ලෙසට හදුන්වන්නේ කටු අනෝදාය. ආත්තා හා අනොනා යනුවෙන්ද හඳුන්වන්නේ ද අනෝදාමයි. අනෝදා වර්ග 03 ක් සදහන් වන අතර ඒවා නම

01. කටු අනෝදා
02. වැලි අනෝදා
03. සීනි අනෝදා (මැටි අනෝදා) වෙයි.

මෙහිදී විශේෂයෙන් පෙන්වන්නේ කටු අනෝදා පිලිබඳවයි. අනෝදා වල පවතින විශේෂම ගුණය වන්නේ මුත්‍රාගල් දියකිරීම සහ මුත්
‍රාගල් ඇතිවීම වැළැක්වීමේ හැකියාවයි.
මීට අමතරව අනෝදා වල තවත් සුවිශේෂී ගුණ රාශියක් අන්තර්ගතයි. ඒ නිසාම අනෝදා වලින්ම නිෂ්පාදනය කරන බෙහෙත් වර්ග පවා අද නිෂ්පාදනය කෙරෙයි. දේශීය වෙදකමේදී අනෝදා ශාකයේ ගෙඩි , ගසේ පොත්ත , මුලේ පොත්ත , පත්‍ර , බීජ සහ මල් ප්‍රධාන වශයෙන් ඔසු පිණිස භාවිතා කරයි.

අනෝදා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් :-

අනෝදා 200g ක විටමින් C, විටමින් B12, විටමින් B1 වැඩි වශයෙන් අන්තර්ගත වේ. කැලරි 148 , පොටෑසියම් 625mg , ආහාර තන්තු 7.5g , ප්‍රෝටීන 2.2g වශයෙනි.

පිළිකා වළක්වන බහු රෝග නිවාරකයකි කටු අනෝදා කියන්නේ , පිළිකාවලට ඇති රසායන ප්‍රතිකාර වලට වඩා ප්‍රබල පිළිකා නාශක ශක්තිය ඇතැයි සඳහන් වන පලතුරකි.
එහි ඇති annonacin නම් පිළිකා නාශකය රසායන ප්‍රතිකාර වලදී දක්නට ලැබෙන කෙස් වැටීම, බර අඩුවීම, වැනි අතුරු ආබාධවලින් තොරවම වෙනත් නිරෝගි සෛලවලට හානි නොකරම රෝගය මැඬලීමට උපකාර වන බව සඳහන් වෙනවා.

පියොයුරු හා අක්මා පිළිකා මර්දනය කිරීමේ විශේෂ හැකියාවක් ඊට ඇති බවද සඳහන් වන අතර කටු අනෝදා ආහාරයට ගන්නා මෙක්සිකෝවේ පළාත්වල පිළිකා ඇතිවීම් අවම වී ඇති බවයි සදහන් වෙන්නේ , විටමින් B සංකීර්ණයේ 1 2 ඇතුළු තවත් ප්‍රභේද C , E විටමින ෆෘක්ටෝස් කැල්සියම් පොස්පරස් ඇමයිනෝ අම්ල සහිත පෝෂක ගණනාවක් සමග ප්‍රතිඔක්සිකාරක ගුණ ගෙනෙන කටු අනෝදා ප්‍රතිශක්තිය වඩන්නක්ද වෙනවා.
සීත ගුණයෙන් යුක්ත වන අතර එහි ඇති සිසිල් ගුණයත් සමග එය අම්ලපිත්ත රෝගයට වටිනා ඔසුවක්ද වෙනවා. පොටෑසියම් මැග්නීසියම් එක්ව හදවතට හිතකරව ක්‍රියා කරනවා. අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් ආදි හදවත ආශ්‍රීත රෝග පාලනයට සහායවනවා. එය වකුගඩු හා මුත්‍රාශ ගල් දිය කිරීමටද ප්‍රබල දායකත්වයක් සපයනවා.
මනාව මුත්‍රා පෙරාදීමේ කාර්‍යය ඉටුකරන අතර මුත්‍රා දැවිල්ල මුත්‍රා අඩස්සිය වැනි අනෙකුත් මුත්‍රා රෝගවලට එරෙහිවද ක්‍රියා කරනවා.
රුධිරගත සීනිත් පාලනය කරදෙනවා
කටු අනෝදා ආහාර මාර්ගය ආශ්‍රිත අජීර්ණ මලබද්ධ අර්ශස් පාචනය ආදි රෝග පාලනය කරන්නක්ද වෙනවා. එය පණු රෝග දුරු කරන්නක්.ආහාර රුචිය වර්ධනය කර දෙන්නක්. එසේම මැලේරියා වැනි උණ රෝගත් පාලනය කරනවා. මිග්‍රේන් හිසේ අමාරු දුරු කරනවා. කටු අනෝදා කිරි දෙන මවුවරුන්ට ඉතා හිතකර වන අතර එහි ඇති රුධිරානු වර්ධන ගුණයෙන් නීරක්තිය දුරලනවා. මවුකිරි වර්ධනය කර දෙනවා. එය කාන්තා රෝග වැළැක්වීමේ ගුණයෙන්ද යුක්තයි. කටු අනෝදා විදුරුමස් දියවීම ලේ ගැලීම මුඛ තුවාල ආදියට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්සේද භාවිතයි. පිත්තාශ රෝගවලට මෙන් ම අක්මාව ආශ්‍රිත සෙංගමාලය වැනි රෝගවලට ගුණදායකයි.
මාංශ පේශි වර්ධනය කරන අතර චර්ම රෝග පාලනය කරමින් සමත් පැහැපත් කර දෙන්නක්
එය ස්නායු පද්ධතිය නිරෝගි කරනවා.
මතක ශක්තිය වැඩීම, මානසික ආතතිය අඩුකිරීම , සුවපත් නින්දක් ලබාදීම වැනි කාර්යයන් රැසක් සිරුරට ඉටුකර දෙනවා.
කැල්සියම් මැග්නීසියම් සහිත කටු අනෝදා අස්ථි ශක්තිමත් කර නිරෝගී කරනවා
වේදනා නාශකයක් සේ ක්‍රියා කරන එය පල්පයක් කර ගැල්වීමෙන් සන්ධි වේදනා , තුවාල ආදියට සුව සැළසෙන බවත් සඳහන්
ආතරයිටිස් , ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග වැළැක්වීමට එය උපකාරවනවා.
අභ්‍යන්තර බාහිර පරපෝෂිතයන් විනාශ කිරීමේ ශක්තිය කටු අනෝදා ඇට සතුයි.
ශාකයේ කොළ පැහැති පොත්ත තුවාලවල ඇතිල්ලීමෙන් ලේ ගැලීම් නවත්වා ගත හැකියි
අනෝදා කොළත් පියොයුරු පිළිකා රෝග පාලනයට දායක වන්නක්.එය පුරස්ථි ග්‍රන්ථි හා පියොයුරු පිළිකා මර්දන හැකියාවෙන් යුක්තයි
බැක්ටීරියා දිලීර නාශක ගුණ සහිතයි. ඉදිමුම් බැහැර කරන්නක් එසේ ම සන්ධි ප්‍රදාහ , නිදන් ගත කොන්දේ වේදනා ආදියට ද සහන සලසන්නක්.ඉන්සොම්නියා රෝගයට එරෙහිවෙමින් සුව නින්දක් ද ලබා දෙන්නක්
අමු කොළ මෙන්ම වියළා කුඩුකළ කොළ ද ඖෂධීය තේ පාන සැකසීමට යොදගනු ලබනවා..
.
අනෝදා කොළ 10ක් පමණ ගෙන වතුර මුට්ටියක දමා , කෝප්පයක් වන තුරු සිඳුවා මසකට දෙතුන්වරක් පානය කරන්නේ නම් පිළිකා ඇතුළු රෝග ගණනාවකින් මිදීමට අත්වැලක් වෙනවා. එය දිනකට දෙවර බැගින් දින කීපයක් ගන්නේ නම් රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය පාලනය කරගත හැකි බවත් සඳහන් වන අතර ඉන් මුත්‍රා දැවීල්ල ද දුරුවනවා. එසේ ම කොළ අඹරා සමේ ගැල්වීමෙන් එක්සීමා වැනි චර්ම රෝග දුරුකරගත හැකියි. කොළ අඹරා හිස ගැල්වීමෙන් ඉස්සොරි , උකුණන් , හිසකේ වැටීම වැනි උවදුරුවලින් මිදී මනා කෙස් කළඹක් ද වවාගත හැකිවෙනවා.

අනෝදා අත්බෙහෙත් ලෙස භාවිතයන් :-

• ඉදිමුම ඇති අවස්ථා වලදී අනෝදා කොළ වලින් සකස් කරගත් කෂාය බීමට ලබාදෙයි.
• ශරීරයේ ඇතිවන විසර ගෙඩි සඳහා අනෝදා අමු කොළ, එළඟිතෙල් සමඟ මිශ්‍රකර අඹරා ආලේප කිරීම සිදුකරයි.
• අමු අනෝදා ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය.
• පාකින්සම් රෝගී තත්ව අවස්ථා වලදී අනෝදා මුල් තම්බා බීමට ලබාදෙයි.
• අනෝදා මල් කැස්සට, පීනසට තම්බා ලබාදෙයි.
• නින්ද නොයන කුඩා දරුවන්ට අනෝදා මල් තම්බපු වතුර බීමට ලබා දුන් විට හොඳින් නින්ද යයි.
• හිසකෙස් වල උකුණන් සිටින අයට අනෝදා ඇට කුඩුකර හිසකෙස් ගැල්වීම හා අනෝදා කොළ ඉස්ම හිස ගැල්වීම සුදුසුයි.
• අනෝදා කොළ සහ පොතු තම්බාගත් වතුර තුවාල සේදීමට යොදාගනියි.
• අනෝදා පොතු වතුර සමඟ මිශ්‍ර කර අඹරා තැබීමෙන් ලේ ගලන තුවාල සුවකරගත හැකියි.
• අනෝදා කොළ තම්බපු වතුර බඩවැල් වල සිටින පණුවන් මර්ධනය කිරීම සඳහාත්, අධි රුධිර පීඩනය ඇති අවස්ථා වලදීත් බිමට ලබා දෙයි.

ආයුර්වේද වශයෙන් අනෝදා වල ගුණ :-

• පිත සමනය කරයි. වාත, කප වැඩි වශයෙන් පවතින රෝග සඳහා අනෝදා ලබාදීම නුසුදුසු වේ.
• ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
• ප්‍රදාහ නාශක ගුණය පවතියි.
• විදුරුමසින් ලේ ගලන අවස්ථා වලදී ආහාරයට ගැනීම ගුණදායකයි.
• දැවිල්ල, පිපාසය, වමනය පමණක් නොව මුත්‍රාශයේ ගල් සෑදීම වළක්වයි.
• වමනය පිට වීමට අවශ්‍ය අවස්ථා වලදී අනෝදා ඇට ලබාදුන් විට වමනය පිටවෙයි. එම නිසා අනෝදා මදය ආහාරයට ගත්තද අනෝදා ඇට ආහාරයට නුසුදුසු වේ.

කොතෙක් ගුණදායක වුවත් කටු අනෝදා දිගින් දිගට අධි ප්‍රමාණවලින් ගැනීම නම් හිතකර නැහැ . එමගින් ස්නායු දුබලතා වැනි අපහසුතා ඇතිවිය හැකියි .

අනෝදාවල ඇතුලත් රසායනික ගුණ අතර බීජවල Muricatalicin , acetogenin (polyketide) muricatin A , muricatin B , Murihexol (I) , acetogenin , donhexocin (II) annonacin A හා annonacin අඩංගු වේ.

ඔසු පැල දෙපාර්තමේන්තුව ද. පලාත් පිටුවේ හා ඉපැරණි හෙළ වෙදකම සමුහයෙන් හා අන්තර්ජාලයෙන් තොරතුරු ගෙන සැකසුනකි …

ඔසු භාවිතයන් පිලිබඳව දැනුමැතිව සිදුකල යුතුය …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here