28 . කටුපිල / Flueggea leucopyrus / Katupila සංස්කෘතයෙන් ශරපුංඛා ලෙසින් හදුන්වන…

0
6


28 . කටුපිල / Flueggea leucopyrus / Katupila

සංස්කෘතයෙන් ශරපුංඛා ලෙසින් හදුන්වන කටුපිල ශාකයට ඉංග්‍රීසියෙන් Water caltrop , Purple Tephrosia ලෙසටත් දෙමළෙන් කමුක්කි , වේලායි , පෙරිමැටේල් ලෙසට නාමකරණය වී ඇත.

කටුපිල ශාකය Euphorbiaceae කුලයට අයත් වන අතර 4 – 5 mක් පමණ වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කටු සහිත කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ සුදු පාටින් යුක්තය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්ර රවුම් හැඩැති අතර මල් කොළ පැහැයට හුරු කහ පාටයි. ගසේ කක්ෂවල මල් කලඹ සේ හට ගන්නා අතර කුඩා ගෙඩි කොළ පැහැතිය ඉඳුන විට සුදු පැහැයක් ගනී. කටුපිල වර්ග කීපයක්ම ලංකාවෙ දක්නට ලැබෙන අතර බොහොවිට ප්‍රාදේශීය සාධක මත ශාකයේ යම් යම් ලක්ෂණ වෙනස් වන්නට තියෙන ඉඩ ප්‍රමාණයද වැඩිවෙයි. කටුපිල බොහො සෙයින්ම ශුශ්ක පරිසරයට ප්‍රිය ශාකයක් විදිහට හැදින්වෙයි.

කටුපිල ශාකයේ කොළ පොතු මුල් සහ පංචාගයම එකවර වුවත් ඔසු සඳහා භාවිතා කල හැකි බව සදහන් වෙයි. කටුපිල ශාකයේ ගුණ කර්ම වන්නේ රස – කෂාය , තික්ත ගුණ – ලඝු , රූක්ෂ , තීක්ෂණ වීර්යය – උෂ්ණ විපාක – කටුක ලෙසටයි.

කටුපිල බඩවැලේ සෑදෙන ඕනෑම රෝගයකට ප්රත්යක්ෂ ඖෂධයක් සේම පිළිකා සඳහා කටුපිල කොළවලින් සාදා ගන්නා කැඳද ඉතාම ගුණදායක බවක් සදහන් වෙයි. ස්ත්රින්ගේ ගර්භාෂයේ හටගන්නා ගෙඩි දියකර හැරීමේ ශක්තියක් කටුපිලවල ඇති බවද කියවෙන අතර දත්කැක්කුම යටිපතුලේ හට ගන්නා කටුපිළිකා කුඩා දරුවන්ගේ රතගාය පිලීහාවේ සහ අක්මාවේ හට ගන්නා රෝග සදහාත් කටුපිල භාවිතා කරයි. මී විෂ සර්ප විෂ කැස්ස ඇදුම අණ්ඩ වෘද්ධිය රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්රතිකාර කිරීමට බහුලව කටුපිල යොදා ගනී.

* කටුපිල කොළ ගස් කරල්හැබ කොළ එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ නිමෙන්නට හැර මී පැණි අනුපාත වශයෙන් යොදා උදේට පානය කිරීම බඩවැලේ සෑදෙන ගෙඩි වණ තුවාල ලප සඳහා ප්රත්යක්ෂ ප්රතිකාරයකි.

* කටුපිල කොළ මෙන් අඩක් කංසා කොළ ගෙන චූර්ණය කර හෝ මී කිරි සමග මුල් චූර්ණය දීම රක්ත අර්ශස් රෝගයට ප්රතිකාරයකි.

* යටිපතුලේ් හට ගන්නා පිළිකාවන්ට කටුපිල ගසේ පංචාංගය කහ සහ ලුණු සමග කොට මලවා බැඳීම සිදු කරයි.

* කටුපිල කොළ පොතු දිවුල් ලාටු කුකුරුමාන් කොළ පොතු සහ ලණු දමා කොටා බැඳීමෙන් කටුපිලිකය සුව වෙයි.

* කටුපිල මුල කංසා සමග අබරා මෝරු සමග බීමෙන් අක්මා රෝග සදහා මනා ඖෂධයකි.

* කටුපිල විශබීජ නාශක සහ රුධිරය පිරිසිදු කරන ගුණයන්ගෙන්ද යුක්තයි.

පිලිකාවට කටුපිල භාවිතය ඉපැරැණි වෙද පොත්වල මෙසේ එක් ආකාරයකින් තියෙන බව ගලිගමුවේ අරන්දර පාරම්පරික වෙදැදුරු ඒ.ඒ සුමතිපාල මහතා පෙන්වයි. කිරි වැදිච්ච කටුපිල කොල හතරක් එදිනෙදා ආහාරයට ගන්න මුකුනුවැන්න ගොටුකොල සාරණ කංකුන් වගේ මැල්ලුමකට මිශ්‍ර කරලා කෑමට ගැනීම තුලින් කවදාවත් පිලිකාවකට ඉඩක් නොමැති බවයි. තවද ඕනෑම පිලිකා රෝගියෙක්ට කටුපිල තම්බා බීම සුදුසු බවත් ඉතා හොද ගුණයක් ඒතුළින් ලැබෙනවා යන්නත් කියවෙයි…

කටුපිල ශාකයේ උප විශේෂ වශයෙන් ප්‍රභේද කිහිපයකි. රතු පිල , සුදු පිල , කටු පිල වශයෙන් ඒ ප්‍රබේදයන්‍ ය…

භාවිතයට පෙර මාර්ගෝපදේශ ලබා ගත යුතුය …

ඉපැරැණි හෙළ වෙදකම සමුහයේ හා අන්තර්ජාලීය ලිපි මතින් සැකසුනු ලිපියකි..

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here