“ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඔලිම්පික් කරා සියලුම ක්‍රීඩාව රැගෙන යාමේ සැළසුම් 2025 ජනවාරි මාසේ මුල් සතියේම ආරම්භ කරනවා. රටේ ක්‍රීඩාව එකතැන පල් වෙන්න දෙන්න බැහැ. ක්‍රීඩා සංගම් තුළ තිබෙන ප්‍රශ්ණ අපි කඩිනමින් නිරාකරණය කරනවා. “
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මෙසේ පැවසුවේ කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේ පැවති ජාතික දුණු විදිමේ සූරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග බෙදා දීමට එක්වෙමින්ය.
ඔබලා වගේම ක්‍රීඩකයෙක් විදියට ඔතන ඉදගෙන මමත් මේ වගේ කතා අහලා තියෙනවා. අපි ඒ කතාවන් යථාර්තයක් බවට පත් කරමු. ක්‍රීඩාවේ පුනරුද යුගය ආරම්භ කරන්න සූදානම් වෙමු. දුනු විදීමේ ක්‍රීඩාව වගේම අපේ රටේ තිබෙන සියළුම ක්‍රීඩා ජාත්‍යතර ජයග්‍රහණ කරා රැගෙන යාමේ වගකීම් අප සතුව තිබෙනවා. 2028 අපි ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් කරමු. ලස්සන රටක් පොහොසත් රටක් තේමාව ක්‍රීඩාව තුළින් යතාර්ථයක් බවට පත් කිරීමට අපි එකට එකතු වෙමු. යනුවෙන්ද අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් පැවසීය.
ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කල මෙම ශූරතාවලිය කොලොන්නාව උමගුලිය ක්‍රීඩාංගණයේ දින 03 ක් පැවැත්වූ අතර, මේ සදහා ක්‍රීඩා සමාජ දහයක් නියෝජනය කරමින් ඉසව් 29 කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 311 දෙනෙක් සහභාගී විය.
ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සභාපති නිශාන්ත හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.
Sri News Media