2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ !

0
25


2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද (නොවැම්බර් 14) පෙරවරු 07.00 ට ආරම්භ විය.

අද පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ආසන 225න් 196ක් සඳහා මන්ත්‍රීවරුන් මෙම ඡන්ද විමසීමෙන් තෝරා පත්කර ගනු ලබන අතර සෙසු ආසන 29 සඳහා මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කරගනු ලැබේ.

මෙවර මහමැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 8,361 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචිව සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354 කි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here