20 . ත්‍රෛලෝක විජය පත්‍ර ( කංසා ශාකය ) Kansa කංසා පැලෑටිය cannabi…

0
5


20 . ත්‍රෛලෝක විජය පත්‍ර ( කංසා ශාකය ) Kansa

කංසා පැලෑටිය cannabinaceae යන භංගා කුලයට අයත්ය. Cannabis sativa (indica)යන උද්භිත විද්යාත්මක නාමයෙන් සදහන් වන මෙම ශාකය මධ්යම ආසියාවේ ඉරාක , ඉරාන , මිසර , පර්සියා , ඇමරිකා , දකුණු යුරෝපයේ , අප්රිකා වැනි රට වලද ලංකාවේ ඌව , බිං තැන්න වැනි ප්‍රදේශ වල සරුවට වැවෙන නමුත් වැවීමට නීතියේන්ම තහනම් වූ ශාකයකි කංසා ශාකය.

මෙහි කොළ , බීජ , හා නිර්යාස ඔසු පිනිස ගන්නා අතර ස්ත්‍රි , පුරුෂ ලෙස ශාක ප්‍රභේද දෙකකි. ස්ත්‍රි ගසක ලාටු වැනි නිර්යාස වලින් වට වී ඇත.මල් හා බීජ සමග නෙලා ගත් ඒවා ගංජා ලෙසද ගසේ පිපිරී ඇති තැන් වලින් හා මල් වලින් මිදී තබෙන ලාටු වැනි කොටස් චරස් ලෙසද හදුන්වයි.

රක්ත සංවහන ව්යුහයේ හා හෘදයේ උත්තේජක ගුණ ඇත. ශෝධනය කර මාත්‍රාවට අනුව ගැනීමෙන් ගුණ ලැබේ. රක්ත ස්ථම්භක ගුනය මෙහි ඇත. ණාඩි ව්යුහයේ වාත වේදනා නසන සුලුය. හිසරදය , අර්ධාවභේදය සදහා ගුණ වන අතර නිද්‍රාජනක ගුණය නිසා නින්ද නොයන රෝගීන්ටද යෙදිය හැකිය. ආක්ෂේප , අපතානක , ධනුස්ථම්භ ආදී දරුණු වාත රෝග වලදී යෙදිය හැක.

* ස්වසන ව්යුහයේ රෝග වන කක්කල් කැස්ස , ඇදුම රෝගය , සදහා මෙහි පත්‍ර දූමය ආඝ්‍රාණය කරවිය හැක. මුත්‍රා ව්යුහයේ මුත්‍රාපෙරීමද වැඩි කරයි. ප්‍රජනන ව්යුහයේ ශුක්‍ර ස්ථම්භනය කරයි. ගර්භාෂ සංකොචනය කරයි.
සමේ ආලේප කර විට වේදනාව නැති වෙයි.
ඉස්සොරි , උකුනන් වද කිරීමට පැරැණ්නෝ මෙම පත්‍ර යොදා ගෙන ඇත. මහලු වයසේ ප්‍රයෝග කිරීමෙන් ශරීරයේ වාත වේදනා පහ වී ගොස් සුව නින්දක් ලැබේ.

ආයූර්වේද වෛද්ය උපදෙස් මත ශෝධනය කළ කංසා අල්ප මාත්රාවෙන් භාවිත කිරිමෙන් තිලොවම ජය ගත හැකි බව සංහිතා ගන්ථයන්හී සදහන්ය. එබැවින් මේ ශාකයට ත්‍රෛලෝක විජය පත්‍ර යන නාමය ලැබී ඇත. එහෙත් ශෝධනය නොකරන ලද කංසා පත්‍ර අධික මාත්රාවෙන් ගත් විට අඩ පැයක් ගත වූ විට විෂ ලක්ෂණ පහල කරයි. එවිට කරකැවිල්ල , නිකරුනේ ප්‍රලාප දෙඩවීම , නිකරුනේ සිනාසීම , අසම්භන්ද වචන කීම , ස්පර්ශය නොදැනීම , නිදිමත , ක්ලාන්තය , ශරීරයේ දුර්වලතාද ද්විතීය අවස්ථාවේදී දැඩි නින්දට වැටී ස්වාස අවරෝධ වී මරණය පවා සිදු විය හැක. එම නිසා නිරන්තරයෙන් වැරදි භාවිතයෙන් තොරව ආයුර්වේද වෛද්ය උපදෙස් මත පමණක් යොදා ගත යුතු බව හොදින් මතක තබා ගන්න.

ශෝධිත කංසා නිරන්තරයෙන් දේශිය ගුලි , කල්ක , මෝදක ආදියෙහි අඩංගු කොට ඇත.
ඖෂධ පිණිස සේම කංසා වෙනත් නිෂ්පාදන වර්ග සදහාද යොදා ගනී. එනම් ඉන්ධන , රෙදි පිළි ,කඩදාසි , දැව , ආහාර , ප්ලාස්ටික් වැනි භාණ්ඩ නිපද වීම , තෙල් සිද ගැනීම ආදියයි.

මෙම වටිනා පැලෑටිය විධිමත් ලෙස පරිභෝජනය කරන්නේ නම් හේන් පිටින් විනාශ කිරීමට අවශ්ය නොවේ.

වෛද්ය ඒ.නිලූකා ප්රියදර්ශනී (14288)
(ගාල්ල ජයසිංහ ආයුර්වේද විද්යාලයෙ ආචාර්ය)

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here