114 . පතෝල / Trichosanthes cucumerina / Pathola සුදීර්‍ඝ , ශ්වේතරාජ ආදී …

0
5


114 . පතෝල / Trichosanthes
cucumerina / Pathola

සුදීර්‍ඝ , ශ්වේතරාජ ආදී නාමයන් පතෝල වැලට පර්‍යාය නාමයන් වෙයි. ඉංග්‍රීසි නාමය sanke gourd ලෙසින්ද දෙමළෙන් පුඩලං කියාද සංස්කෘතයෙන් ගෘහ කුලක නමින්ද ආයුර්වේදයේදී කෝශාතකී යන නාමයන්ගෙන් හදුන්වනු ලබන්නේ පතෝල වැලයි. අග්නි දිග ආසියාවේ ඉන්දියාව , ලංකාවේද , ඕස්ට්‍රේලියාව , අප්‍රිකාව සහ ශාන්තිකර සාගරයට අයත් රටවලත් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙත් හොඳින් වවන අතර එහෙත් යුරෝපා දී රටවල මෙය ප්‍රයෝජනවත් දෙයක් ලෙස නොසැලකෙන බව සදහන් වෙයි.

පතෝල වැල් ආකාරයෙන් ගසක හෝ අධාරයක එතී වැඩෙන අතර සිහින් බුවකින් යුක්තය. පත්‍ර දන්තාකාරව ඒකාන්තරව පිහිටන අතර 4.5 cm ක් පමණ දික් වෙයි. පුෂ්ප කහ පැහැතිව ද්විලිංගික වෙයි. ඵලය සර්‍පයන් බඳු දිගු කරල්ය. කොළ පාට දිගු කරල් මත සුදු පැහැති පුල්ලි දැකිය හැකිය. ඵලය විශාලත්වයෙන් අනුව බීජ ආවරණය වී ඇත්තේ කෙඳි සහිත ලා කොළ පාට තෙත සහිත ආවරයකිනි. ආහාර පිණිස ගනු ලබන්නේ ළපටි පතෝල කරල්ය. පතොල ලතාව CUCERBITACEAE නම් උද්භිත කුලයට අයත් වෙයි.

ප්‍රධාන වශයෙන් පතෝල වර්ග 3ක් දක්නට ලැබෙන අතර තින්නවේලි පතෝල , කොට්ට පතෝල හා T . A 2 පතෝල වන්නේ එම වර්ගයි. එයින් ( 1 ) තින්නවේලි පතෝලවල කරල් 4/3m ක් පමණ දික්ව මාංසල ගතියෙන් යුක්තව වැඩෙයි. කරල් කොල හා අලු පැහැති වන අතර කරල් මෝරන විට සුදු පැහැති ඉරි ඇතිවෙයි. (2) කොට්ට පතෝල කරල් අඩි 1/2 ක් පමණ දික්වෙයි. සුදු පැහැති හා කොල පැහැති ලෙසට කොට්ට පතෝල දැකිය හැකිය. එසේම ( 3 ) T.A 2 ලෙසට දැක්වෙන පතෝල කරල් මීටරයක් පමණ දික්ව අලු සුදු පැහැති වෙයි. කරල් මෝරන විට තද කොල පැහැති ඉරි ඇතිවෙයි.

පතෝලවල ගුණ කර්ම වන්නේ රස – මධුරහා තික්ත ගුණ – ලඝු , ස්නිග්ධ වීර්‍ය – ශීත විපාක – මධුර ලෙසිනි. එහි දෝෂ කර්ම ලෙසට වා , පිත් සාමකයි. ළපටි කරල් රෝචන දීපන පාදන අනුලෝමවන වෙයි. මේරූ කරල් රේවනය. බීජ කෘමීග්නය. රක්ත ශෝධන ගුණ ඇති නිසා රක්ත සංවහන ව්‍යුහය , රක්ත විකාර වලදී යෙදිය හැක.

පතෝල පිලිබඳව ආයුර්වේදය විස්තර කරන්නේ ස්වාභාවික ප්රති ජීවක ශක්තියෙන් යුතු ඕනෑම රෝගයකදී ආහාරයට ගත හැකි රෝග ගණනාවකට සුව සලසන වටිනා ඔසුවක් බවටයි…. වාතය සහ පිත සමනය කිරීමටත් රුධිරයේ විෂ ද්රව්ය ඉවත් කිරීමට ශරීරයේ අභ්යන්තර ඉදිමුම් අඩු කිරීමට හා උණ , දියවැඩියාව , තරබාරුව පාලනයට පතෝල ගුණදායක වන අතර ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් කරමින් මල බද්ධය දුරු කිරීමට හෘදයට හිතකර , ශීත ගුණැති ආහාරයකි. අම්ලපිත්ත , කහ උණ රෝගවලට එරෙහිව ප්රතිචාර දක්වයි. මේරූ කරලේ ඇට උදරයේ පණුවන් නැසීමේ ශක්තියෙන් යුක්තයි.
පතෝල ශාකයේ පස්පංගුව දියවැඩියා පාලනය සඳහා යොදා ගැනෙන අතර එමගින් අග්න්යාශයේ ඉන්සියුලින නිපදවීමේ හැකියාව වැඩි කරනවා. ඩෙංගු , මැලේරියාව වැනි වසංගත රෝග පාලනයට පතෝල ගුණදායකයි. ඩෙංගු සුවකිරීම සඳහා ශාකයේ පස් පංගුව වෙනත් පැළෑටි සමග යොදා ගැනෙන බව සඳහන්වනවා.

* උණ සැදුනු විට කොත්තමල්ලී සමග පතෝල කරල් යුෂ පානය කිරීම සහනයක් වන අතර මීපැණි සමග පතෝල යුෂ පානය කිරීමද ගුණදායකය.
* මල බද්ධයට හා ලේ පිරිසිදු වීමට පතෝල කරල් යුෂ තේ හැඳි දෙක බැගින් උදෑසන පානය කිරීම ඔසුවක් වෙයි.
* වමනයට පතෝල යුෂ කෝප්ප බාගයක් මීපැණි තේ හැන්දක් එක්කර බීම සහනයකි.
* මුත්‍රා දැවිල්ලට පතෝල වැල් කෑල්ලක් ගෙන කුඩාවට කපා රැයක් වතුරේ දමා පෙරා උදේට වතුර කෝප්ප දෙකක් පානය කිරීම ඔසුවකි.
* දියවැඩියාවට පතෝල ශාකයේ පස්පංගුව කෂායකර බීම ඔසුවකි.
* කුෂ්ටවලට පතෝල අඹරා දවසට දෙවරක් ගෑමෙන් කුෂ්ඨ සුවවෙයි.
* ඉස්සොරි වලට පතෝල යුෂවලින් හිස් කබල සම්බාහනය කර සෝදා හැරීම ඔසුවකි.
* ඇලොපේසියා බීටා (හිසේ තැන් තැන්වල කෙස් නැතිවීම) රෝගයට කෙස් නැති ප්රදේශයේ පතෝල යුෂ තවරා සම්බාහනය කිරීම ගුණදායකයි.

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පතෝල සියලූම රෝගවලට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක්‌ ඇති කරන ආහාරයකි. පතෝල කෙඳි සහිත ආහාරයක් නිසා ආහාර ජීරණයට මෙන්ම ශරීරයේ අභ්‍යන්තරය සිසිල් කරවන්නටද සමත් වෙයි. පතෝල මළබද්ධයටද ගුණදායක වන අතර කහ උණ රෝගයටත් දියවැඩියාවටත් ගුණදායක එළවළුවක් බව සදහන් වෙයි. හදවතේ විඩාව අඩු කරවීමටත් රුධිර පීඩනය සමනය කිරීමටත් පතෝල උපකාරී වෙයි. මෙසේ ඖෂධීය ගුණයන් රාශියක් පතෝල තුල අන්තර්ගත බව මෙයින් කියවෙයි.

පතෝල ව්‍යංජනයක් ලෙසට මෙන්ම සලාදයක් ලෙසට අමුවෙන්ද ආහාර පිණිස භාවිතා කරනු දැකිය හැකිය. ප්‍රාදේශීය වශයෙන් කැද හා සුප් සෑදීමේදීද පතෝල එක් කරනුයේ ප්‍රතිශක්ති හා ප්‍රතීජීවක ගුණ සහිත නිසාමයි.

පතෝල කරල් කැල්සියම් , පොටෑසියම් , මැග්නීසියම් , පොස්පරස් , විටමින් බී 6 , කෙඳි ඇතුළු තවත් පෝෂකවලින් යුක්තයි. එහි ග්රෑම් 100 කින් 95 කම ඇත්තේ ඖෂධීය ජලයයි. ග්‍රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 55ක් වෙයි. පතෝලවල රසායනික ගුණ අතර අමු පතෝලා වල ජලය 95% ක්ද , වියලි පතෝල වල 2.2 % ක් ඊතර් දතරල සාරයද , 22% ක් ප්‍රෝටීන්ද , 62.85% විලේය ශාක තත්වද , 10.60% ක් කාණ්ඩ සූත්‍ර ද , 5.6% භෂ්ම ද අඩංගු වේ.

ඉපැරණි හෙළ වෙදකම හා අපේ ඔසු පැල සමූහයන්ගේ මෙන්ම දකුණු පලාත් ඔසු පැල දෙපාර්තමේන්තුව පිටුවේ තොරතුරු හා ආචාර්ය මංජුලා පල්ලේබැද්ද මියගේ ලිපියක හා අන්තර්ජාලයෙන්ද තොරතුරු එක්කොට සැකසුන ලිපියකි.

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …






Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here