112 . කිරාත / Swertia chirata / Kiratha කිරාම , කිරාතන , කිරියත් ලෙසට පර්&#x200…

0
15


112 . කිරාත / Swertia chirata / Kiratha

කිරාම , කිරාතන , කිරියත් ලෙසට පර්‍යාය නාමයන්ගෙන් හදුන්වනු ලබන්නේ කිරාත පැළෑටියයි. ඉංග්‍රීසියෙන් Chiretta නමින්ද දෙමළෙන් නීලාවෙම්බු කියාද සංස්කෘතයෙන්
කිරාත , කිරාතක , කිරියත් , භුනිම්භ යනුවෙන් කිරාත ශාකය හදුන්වා ඇත. කිරාත ශාකය ලංකාවේ දක්නට නොමැති ශාකයක් වන අතර ඉන්දියාවේ හමුවන ශාකයක් සේ සදහන් වෙයි.

ලංකාවේ බොහෝ විට හීං බිංකොහොඹ ශාකය කිරාත , කිරාත තික්ත ලෙසට ප්‍රාදේශීය වශයෙන් හදුන්වනු ලබයි. එසේ හැදින්වීම වැරදි සහගත බව අනිවාර්යයෙන්ම මතකයේ තබාගැනීම කල යුතුය. කිරාත ශාකයේ උද්භිත නාමය වන්නේ Swertia chirata ලෙසිනි. Swertia ප්‍රබේද 20කට වඩා හමුවන බව සදහන් වෙයි. හීං බිංකොහොඹ ශාකයේ උද්භිත නාමය වන්නේ Andrographis paniculata වන අතර ඒ වර්ගය අපි කිරාත කියා හදුන්වනු ලබන අතර එය වැරදි භාවිතයකි. බිංකොහොඹ ශාකය Munronia pinnata ලෙසට උද්භිත නාමය දැක්වෙයි. මේ ශාක කිහිපය යම් යම් අවස්ථාවල ආදේශක ලෙසට ගැනීම නිසා මේ ශාකවල නාමයන් අදවන විට පැටලිලි ස්වභාවයෙන් යුක්ත බවක් දැකිය හැකිය. එනිසා ශාකයක නියම විස්තර අවශ්‍ය නම් සිංහල නාමයන්ගෙන් නොව උද්භිත නාමයෙන් සෙවීම සත්‍යය දැනගන්නට මනා පිටුවහලක් බව කිව යුතුය.

කිරාත ශාකය උසින් අඩියක් පමණ උසට වැඩෙන කුඩා අතු විහිදී ගිය කුඩා පැළැටියකි. උෂ්ණ කලාපීය ඝන වනාන්තර වල පමණක් සුලබව දක්නට ලැබෙන අතර සරුවට වැඩෙන ශාක අඩි 2 – 3 ක් දක්වා උසට වැවෙන අවස්ථාවන් දැකිය හැකි බව සඳහන් වෙයි. මෙහි මල් ලා දම් පැහැති වන අතර පෙති 5කින් යුතු අතර පෙති 4 ක් පිහිටන අවස්ථාවන්ද ඇති බව කියවෙයි. මල් ද්වී ලිංගික වේ. අගලක් හො දෙකක් පමණ දිගැති සිහින් කරල් හටගන්නා අතර එහි බීජ කිහිපයක් දැකිය හැකිය. ව්‍යාප්තිය බීජ මගින් සිදුවන අතර හැම දේශගුණික කලාපයකම හටනොගන්නා දුර්ලබ ගනයේ ශාකයක් සේ කිරාත ශාකය ගැන සදහන් වෙයි. මෙම ශාකය ලංකාවේ කිසිම ස්ථානයකින් වාර්ථා නොවුනු ශාකයකි. කොළ පැහැති පැලෑටිය හොදින් වියලුණු පසු තද කොල පැහැතිය. මිරිස් පැලයට සමාන ස්වරූපයෙන් යුක්තයි. කිරාත Geatianaceae උද්භිත කුලයේ ශාකයකි.

කිරාත ශාකයේ දෝෂ කර්ම වන්නේ කළු පිත්ත ශාමක බව වන අතර එහි ගුණ කර්ම සේ
රස – තික්ක ගුණ -ලඝු , රූක්ෂ වීර්‍ය්‍ය – ශීත විපාක – කටුක ලෙසට සදහන් වෙයි.

කිරාත ශාකය ඖෂධීය ශාකයක් සේ ගැනෙන අවස්ථාවන් දැකිය හැකිය. තුවාල සුව කිරීමට. පිපාසය නැති කරයි. කුස ගිණි ඇති කරයි. රක්ත ශෝධනයි. ස්වසන රෝග සදහා භාවිතා වේ. කුෂ්ඨ රෝග සහ චර්ම රෝග සඳහා භාවිතා වේ. ශරීර බලය වැඩි කරයි. සිරුරේ දාහය නැති කරයි. ස්ත්‍රින්ගේ රෝග සඳහා භාවිතා කරයි. ප්‍රතිශක්තිකරණය ඇති කරයි.

🤔🤔🤔 ඉන්දියාවේ හැදෙන නියම කිරාත ( Swertia chirata ) ශාකයේ විස්තරයකි මේ දැක්වූයේ එසේ නොමැතිව ලංකාවේ කිරාත කියා හදුන්වනු ලබන හීං බිංකොහොඹ , වල් බිංකොහොඹ , කාල මේඝ නම් Andrographis paniculata නම් ශාකය පිලිබඳව නොවේය 🙏🙏🙏

අපේ ඔසු පැල සමූහයේ හා ඔසු පැල දෙපාර්තමේන්තුව දකුණු පලාත් නිල වෙබ් අඩවියේ තොරතුරු මතින් සැකසුනකි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here