11 . දැල් බටු / උඩහලු – Passiflora foetida / Dhel Batu කොළ පැහැති දැල් වියමනකට …

0
6


11 . දැල් බටු / උඩහලු – Passiflora foetida / Dhel Batu

කොළ පැහැති දැල් වියමනකට මැදිව හැදෙන වැඩෙන දැල් බටු , වනයක ඇවිදිනවිට පිපාසය නිවාගන්නට උපකාරිවන අපූරු රසවත් පලතුරක්. එය කුඩා ප්රමාණයක වැල් දොඩම් ගෙඩියක් වැනියි. රසත් එවැනියි. ගෙඩිය ඇතුළතත්, ශාකයේ මලත්, පෙනුමින්, ඊට සමානවන අතර ප්රමාණය පිං පොං පන්දුවක් තරම යි. ශාකය අයත් වන්නේ වැල් දොඩම් කුලයටම යි. (Passifloraceae) දැල්බටු මෙන්ම උඩහලු, පඩවැල්, පිලිවැහි, නළල් බටු, බළල් පහුරු, බූටා වැල් ආදි වශයෙන් නොයෙක් පෙදෙස්වල විවිධ නම්වලින් හැඳින්වෙනවා.

විකිපීඩියාව පවසන්නේ මෙය අමෙරිකාවට ආවේණික ශාකයක්ව තිබී පසුව ආසියාව අප්‍රිකාව හා තවත් නොයෙක් රටවලට පැතිර ගිය බවයි. wild water melon, love- in – a- mist , running pop , bush passion fruit , red fruit passion flower වැනි නම් ගණනාවකින් රට රටවල හැඳින්වෙනවා.

ශාකයේ සියලු කොටස් ඖෂධිය ගුණයෙන් යුතු අතර ආයුර්වේද වෙදකමෙහි බොහෝ රෝගවලට ප්රතිකාර සඳහා දැල් බටු කොළ හා මුල් යොදා ගන්නවා. උණ, පෙණහළු රෝග, දියවැඩියාව, අර්ශස්, ඉදිමුම්, උදරාබාධ, රක්තවාත, අපස්මාරය වලිප්පුව, ලිංගිකව බෝවන රෝග, ආර්තව අක්රමිකතා, පක්ෂාඝාතය, මෙන්ම කාන්තා දරු ගැබ් විෂයයෙහිද මේ ඖෂධ ප්රතිචාර දක්වනවා. මේ බෙහෙත් වට්ටෝරුවල දැල්බටු ශාකය, දේවදාලි, වැල් රඹුටන් යන නම්වලින්ද හඳුන්වා දී තිබෙනවා. දැල්බටු දලු කොළ ආහාරයටත් ගන්නවා. එය වැඩි වශයෙන් ආහාරයට ගත් කල සිරුරට සයනයිඩ් එක්වන බවක් බ්රසීලයේ පර්යේෂණයකදී සොයා ගත් බව සඳහන්. එසේම අමු ගෙඩි වලද සයනයිඩ් අඩංගු හෙයින් දැල්බටු ගෙඩි අමුවෙන් කෑම අහිතකර බව සඳහන් වනවා.

ඉදුණු ගෙඩි කහපාටයි. ආහාරයට ඉතා හිතකරයි. වෙනත් ස්වාභාවික පලතුරක් මෙන් වටිනා පෝෂක වලින් පොහොසත් වන අතර, B, C විටමින් බහුලව අඩංගුයි, දාහය නිවාලන්නක්, ප්රති ඔක්සිකාරකයක් හා ප්රති ශක්තිකරණ වර්ධකයක් සේ ක්රියාත්මක වනවා.ශාකයේ ඇති වාසි අත්කර ගැනීමට ආහාරයට ගත හැකියි. නොයෙක් රටවල දැල්බටු ඖෂධයක් සේ යොදා ගැනෙනවා. වියට්නාමයේ නින්ද නොයාමේ අපහසුතා සඳහා මෙහි වියළි කොළ වලින් තේ පානයක් සකසා ගන්නවා. ශාක පත්ර කැස්සට මෙන් ම සිරුර කැසීමට ද ගුණදායක සේ සැළකෙනවා. ළපටි කොළ පපුවේ කැස්ස හා ක්ෂය රෝගයට ප්රතිකාර සඳහා යොදා ගන්නවා. ඇතැම් රටවල පණු රෝග මැඬලිම සඳහා ශාකය තැම්බූ දිය පානය කරනවා. පාචනය, මල බද්ධය වැනි ජීර්ණ පද්ධතිය අශ්රිත රෝග නිවාරණයටත් දැල් බටු සහායවනවා. මෙහි විෂනාශක ගුණ ඇති අතර සර්ප දෂ්ටනවල විස දුරුවීමටත් එම තුවාල සුවකිරීමටත් උපකාරි කර ගන්නවා. ගැබ්බර කාන්තාවන්ට හිතකර ඖෂධයක් සේ ද එය යොදා ගැනෙනවා.

දැල්බටුවලින් අත් බෙහෙත්…

*දියවැඩියාවට – ශාකය තැම්බු දිය පානය කිරීම
* සෙංගමාලයට – සම්පූර්ණ ශාකයම කැද සාදා බීම සුදුසුයි.
*මල බද්ධයට – අරළු බුළු නෙල්ලි කලං බාගය බැගින් ගෙන චූර්ණ කර දැල්බටු කෂාය සමග පානය කිරීම
*ලේ අර්ශසට – දැල් බටු ශාකයේ මොට්ටු , මල් , ගෙඩි , මුල් ඉවත්කර මඳ අව්වේ වියළා තබාගෙන ටික ටික තම්බා දවසට තුන්වරක් බැගින් පානය කිරීම .

ප්‍රාදේශීය වශයෙන් භාවිතා වන නම් …

* පඩවැල් නමින් බහුතරයක් ප්‍රදේශයන් හදුන්වනු ලබයි
* දැල්බටු – නාවලපිටිය , නුවර , ගල්නෑව , කුරුණෑගල
* උඩහලු – ඇහැලියගොඩ , රත්නපුර , කෑගල්ල , දැදිගම
* වෙන්සලි – කොලොන්න
* බළල් පහුරු – අනුරාධපුරය
* බූල්පැශන් – පාදුක්ක
* මලබටු – කලුතර
* අලිහොඩ/හොඩ – මාතලේ /විල්ගමුව , පොළොන්නරුව
* බූටා – ඌව වෙල්ලස්ස
* උක්ගහල්ලා/උග්ගහලු – බණ්ඩාරවෙල
* බඩල්ගෙඩි – මහියංගණය
* බැදි පැෂන් – අම්පාර
* පිලිවැහි – මාතර ඌරුබොක්ක
* දැල්හොඩ – උඩුදුම්බර
* වැල් මොට්ටු – වැල්ලවාය , ඌව ,
* සීනි මුස්න – හම්බන්තොට
* බිම්පුහුල් – ඇල්පිටිය , අම්බලන්ගොඩ

ඔසු භාවිතයට පෙර දැනුමැතියෙකුගෙන් විමසා බලන්න … ඔසු තුරු සමූහය හා සාර බූමී හා අන්තර්ජාලයෙන් තොරතුරු ගෙන සැකසුනකි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here