046. ආරාමදූසක ජාතකය – Sri News

0
47

පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුවණයන්ට වැඩ භාරදීමෙන් නැති කරදර ඇතිවෙනවා. ඒ වගේම බොහෝ පාඩු සිදුවෙනවා. විසඳ ගන්ට බැරි ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අනුවණයන්ගේ කටයුතු නිසාමයි.ආරාමදූසක ජාතකය

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයේ චරිකාවේ වඩිද්දී එක්තරා ගමකට වැඩියා. ඒ ගමේ සිටිය ප්‍රධානියෙක් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට තමන්ගේ උයනේ වඩා හිඳුවා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දානය පූජා කළා. ඊට පස්සේ ඔහු භික්ෂූන්ට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, ඔබවහන්සේලා නිදහසේ මේ උයනේ ඇවිද බලන්ට.”

භික්ෂූන් වහන්සේලා නැගිට උයනේ ගස්වැල් බල බලා ගියා. ගස් කොළං නැති මිදුලක් දැකපු භික්ෂූන් වහන්සේලා ඔහුගෙන් ඒ ගැන විමසුවා.

“උපාසකය… මේ උයනේ අනිත් හැම තැනම හොඳ සිනිදු හෙවන තියෙනවා. අතන විතරක් මොකෝ ගස් කොළං මොකවත් නැත්තේ….?”

“අනේ ස්වාමීනී… මේ උයනේ ගස් හිටුවන කාලේ. මං ගමේ කොලු ගැටයෙක් වැඩට ගත්තා. මං ඒ ළමයාට හොඳට බලලා හිට ගස්වලට වතුර දමන්ට කිව්වා. එතකොට මේ කොළුවා සිටවපු පැළ උදුර උදුර මුල් තෙමිලද බලනවා. බල බලා වතුර දාන්ට පටන් ගත්තා. ඒ නිසා ඒ පැළ ඔක්කොම මැරිලා ගියා. ඒකයි ඔතන මිදුල වගේ වුනේ….”

එතකොට භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව බැහැදැක මේ කාරණය කියා සිටියා.

“මහණෙනි… ඔය ගම් දරුවා උයන විනාශ කළේ මේ ආත්මයේ විතරක් නොවෙයි. කලින් ආත්මෙකත් උයනක් විනාශ කළා…” කියලා ඒ යටගිය කථාව මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. දවසක් බරණැස් නුවර නැකත් වෙලාව දැනුම් දුන්නා. ඒ නැකත් වෙලාවට බෙර ගහනවා. සක් පිඹිනවා. සීනු නාද කරනවා. එතකොට නගරවාසීන් උත්සවවලට එහෙ මෙහෙ යනවා.ආරාමදූසක ජාතකය.ආරාමදූසක ජාතකය

ඒ දවස්වල රජ්ජුරුවන්ගේ උයනේ බොහෝ වඳුරෝ සිටියා. උයන්පල්ලා මෙහෙම සිතුවා.

‘නැකත ලබලා වගෙයි. ඔය හැමතැනම බෙර සද්දෙ ඇහෙන්නේ… මාත් නැකත් කෙලියට යන්ට ඕනෑ’ කියලා උයනේ ඉන්න ප්‍රධාන වඳුරාට කතා කළා.

“සගය…. වඳුරු නායකය…. මේ උයන තොපටත් මහෝපකාරයි… තොපත් මෙහි මල් දළු ගෙඩි කනවා නොවැ. ඇහුනා නේද මහා බෙර සද්දේ…. නැකත ලබලා…! නගරයේ නැකත් කෙළි පටන් අරන්… මාත් එහෙ යන්ට ඕනා…. ඉතින් මා එනකම් මේ උයනේ අතන අළුතින් සිටවාපු පැළවලට වතුර දමන්ට පුළුවන්ද…?”

“ඔව්… ඔව්… මං වතුර දමන්නම්….” කියලා නායක වඳුරා පිළිතුරු දුන්නා. එතකොට උයන්පල්ලා වතුර වත් කරන භාජනයි, වතුර ගේන දිය ලබ්බයි වඳුරාට දුන්නා. එතකොට වඳුරෝ ඔක්කොම වැඬේට එකතු වුනා. වතුර ලබ්බෙන් වතුර ගෙනත් ගෙනත් පැළ වලට දමන්ට පටන් ගත්තා. නායක වඳුරා මෙහෙම කිව්වා.

“හා… හා…. බලාගෙනයි….! වතුර නාස්ති කරන්ට එපා….! තොපි ඉස්සෙල්ලා පැළ ගලව ගලවා මුල් තෙමිලාද බලාපල්ලා…. මුල ගැඹුරට ගිය පැළවලට ටිකාක් වැඩිපුර වතුර දැම්මාම ඇති…”
එතකොට එතනින් නුවණැති මිනිසෙක් යමින් සිටියා. ඔහුට පැළවලට වතුර දමමින් සිටින වඳුරන්ව දකින්ට ලැබුනා.

“අනේ වඳුරනේ…. මොකදෑ මේ යස අගේට හිටවපු පැළ උදුර උදුර මුල්වල ප්‍රමාණය බල බල වතුර දමන්නේ….?”

“අපට අපේ නායක වඳුරා උපදෙස් දුන්නේ මෙහෙම තමයි…” කියලා වඳුරන් පිළිතුරු දුන්නා. එය ඇසූ ඔහු “අනේ අඥානයන් යහපත කරනවා කියලා අයහපතමයි කරන්නේ” කියලා මේ ගාථාව පැවසුවා.

මෙසේ මහණෙනි, ඒ නුවණැති පුරුෂයා නායක වඳුරාගේ මෝඩ ක්‍රියාවට සරදම් කොට නික්ම ගියා. එදා නායක වඳුරා වෙලා උයනේ පැළ උදුරපු කෙනාම මෙදා ගමේ කොළුවෙක් වෙලා ඒ වැඩේ ම කළා. එදා නුවණැති පුරුෂයා වෙලා හිටියේ මමයි” කියලා මේ ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here