හොර ඩොලර් නෝට්ටු සමග ගණකාධිකාරීවරයකු මිරිස්සේදී අත්අඩංගුවට !

0
26


ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 28ක් සමග වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටළීමකදී ය.

විදෙස් සංචාරකයින් සමග ගනුදෙනු කිරීමේදී එම ව්‍යාජ ඩොලර් නෝට්ටු තමන් වෙත ලැබී ඇති බවයි ගාල්ල ප්‍රදේශයේ පදිංචි, 60 හැවිරිදි අයෙකු වන එම ගණකාධිකාරීවරයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත ඔහු විදෙස් ජාතිකයකු සමග එක්ව හොර ඩොලර් නෝට්ටු ජාවාරමක නිරත වූයේදැයි තවදුරටත් විමර්ශන සිදුකිරීමට තීරණය කර ඇති අතර ඔහුගේ නිවසට පොලීසිය ගොස් පරීක්ෂා කළත් සැකකටයුතු කිසිවක් හමුවී නොමැති බව සඳහන්.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here