හොංකොං සය සාමාජික තරගාවලියේ සූරාතවය සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙනුවෙන් තරග වැදුණු ආකාරය කතා කිරීම වැදගත් වෙනවා.විශේෂයෙන්ම කණ්ඩායම් තරගයකදී වැඩ කරන්න ඕනි සමූහයක් විදිහට.එසේම එවැනි තරගාවලියකට යන විට තරගය විසින් නිර්මාණය කරන මොහොත ඉල්ලා සිටින මොහොත අනුව නියෝජනය වෙනස් විය හැකියි.ඒ සඳහා සුදුසු,නිවැරදිම සහ ශක්තිමත් ආදේශණ අප සතුව තිබිය යුතුයි.සය සාමාජික තරගයේදී අප දුටුවේ එයයි.
ශ්‍රී ලංකාව තරගාවලියේ දී කැපී පෙණුනේ පන්දු යැවිම පදනම් කරගෙනයි.සඳුන් වීරක්කොඩි,ලහිරු සමරකෝන්,ලහිරු මධුශංක පිත්තෙන් අවශ්‍යය ඉලක්කයට රැඟෙන ගියත් ශ්‍රී ලංකාව වැඩිපුරම අවධානය දිනා ගත්තේ තමන්ගේ ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමේ සැළසුමෙන් යුතුව පන්දු යවන කණ්ඩායමක් සහ තමන්ගේ පිතිකරණයෙන් ආවරණය කළ හැකි මට්ටමට ප්‍රතිවාදි කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය සීමා කළ හැකි කණ්ඩායමක් හැටියටයි ශ්‍රී ලංකාව කැපී පෙණුනේ.ප්‍රතිවාදි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 100 ඉක්මවා ගියේ එකම එක අවස්ථාවකදී පමණක් වන අතර එම අවස්ථාව නිර්මාණය වුණේ බංගලාදේශය දෙවන වර අවසාන පූර්ව තරගයේදී හමු වූ විටයි.
අවසාන තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම ශ්‍රී ලංකාව සතු වුණේ එම ක්‍රීඩකයින් පන්දු යැවීමෙන් කරන ලද දස්කම් මුල් තැන තබා ගෙනයි.ධනංජය ලක්ෂාන් පළමු තරගයේ දී මෙන්ම අවසාන තරගයේදී ත් තරගයේ වීරයා වුණේ පන්දු යැවිම සළකායි.එසේම තරගාවලියේ වීරයා වුණ තරිඳු රත්නායක තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වුණා.ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට පාදක වූ පන්දු යැවීමේ කුසලතාවයේ ද ඉහළින්ම කැපී පෙණුන ක්‍රීඩකයා වුණේ තරිඳුයි.එයත් පිත්තෙන් ඔහුට පන්දුවට මුහුණ දෙන්න ලැබුණු අවස්ථාවන් හී දි රැස් කර ලකුණු ප්‍රමාණයත් අනුව තරිඳු තරගාවලියේ වීරයා සම්මානයට සුදුසු වුණා.
මීට ඉහත කියූ ආකාරයට මොහොතට සුදුසු නියෝජනය කළ හැකි මට්ටමේ සංයුතියක් ශ්‍රී ලංකාවට තිබුණා.තරග දෙක බැඟීන් තරිඳු සහ ලහිරු සමරකෝන් පන්දු ඕවර් දෙකේ අවස්ථාව ලබා ගත් අතර එක් තරගයක එම අවස්ථාව හිමි වුණේ ධනංජය ලක්ෂාන්ටයි.එසේම තනුක දාබරේ මදක් මන්දගාමී වන විට අවසාන පූර්ව සහ අවසාන තරග වෙනුවෙන් නිමේෂ් විමුක්ති කැඳවීමට හැකි වුණා.ඔහු ඉතාමත් හොඳින් තමන්ට ලැබුණු මොහොත කණ්ඩායම වෙනුවෙන් වැය කළා.පන්දු යැවීමට සහ පහරදීමට මෙන්ම පන්දු රැකීමේදීත් නිමේෂ් විමුක්ති සය සාමාජික ක්‍රීඩකයෙකු සතුව තිබිය යුතු තුන් ඉරියව් දක්ෂතා හොඳින් ප්‍රදර්ශනය කළා.
මේ මොහොත තවත් වැදගත් වන්නේ තේරීම් කමිටුව සහ වත්මන් පුහුණුකරු භූමිකාවන් ද සළකා බලන විටය.තේරුම් කමිටුවේ හොංකොං සය සාමාජික තරගාවලියේ පළමු වරට ශ්‍රී ලංකාව සූරතාව දිනා ගත් මොහොතේ නායකයා වූ ඉන්දික ද සේරම් මෙන්ම තරගාවලයකදී වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයෙක් වන දිල්රුවන් පෙරේරා ද ඇත.ජාතික කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු තිළින කණ්ඩම්බිද වරෙක මෙහි වැඩිම ලකුණු එකතුව ලැබූ ක්‍රීඩකයා විය.උපුල් චන්දන වරෙක වැඩිම කඩුලුලාභියා වී ඇත.වැඩිම දස්කම් දැක් වු අවස්ථාවක් (කඩුලු හෝ ලකුණු) ඉන්දික ද සේරම් ගේ නායකත්වයෙන් කුසලානය ගෙනෙන අවස්ථාවේ නොවිණි.එහෙත් කණ්ඩායමක් හැටියට ඒ මොහොතේ හොඳටම දස්කම් දක්වමින් ඔවුන් කුසලානය ගෙන ආවේය.මෙවරද තරිඳු වැඩිම කඩුලු ලබා ගැනීමට වඩා කල්පනා කළ යුත්තේ කණ්ඩායමක් හැටියට හොඳටම කිරීමය.ඒ සඳහා නොපසුබස්නා වීර්යෙන්,හොඳ මානසික විශ්වාසයකින් කටයුතු කිරීමය.
අවශ්‍යය මොහොතට අවශ්‍යය දේ කිරීමේ හැකියාව සහ කණ්ඩායමක් වශයෙන් කුමන ආකාරයකට අනු පිළිවෙල වෙනස් වුව ද,කවුරුන් යෙදෙව්වද කටයුතු කිරීමට ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණු හැකියාව සහ පෙළගැස්මත් සැළසුමත් තිබුණේනම්, ආසියානු නෙට්බෝල් කිරුළ ද සිංගප්පූරුවට නොදී ලංකාවට තබා ගන්නට තිබිණි.නෙට්බෝල් ලංකාවේ පරිපාලනයක් නැත.එහෙත් ආසියාවේම සභාපති ලංකාවේය.කණ්ඩායමට බලපාන්නේ රටේ නෙට්බෝල් කෙසේ සැළසුම් සකස් කරන්නේ ද යන්නය.ඒ සඳහා වූ නෙට්බෝලමය සූදානම සහ කියවීමේ අඩුව ප්‍රබල සටනකින් පසුව අපට සූරතාවය අහිමි වීමට බලපෑවේය යන්න අවබෝධ කර ගැනීම වැදගත්ය.සිංගප්පූරුවම උදාහරණයකට ගත් විට ඔවුන් තරගයෙන් තරගයට ඇති කරන ලද බලපෑම ඒ තරගයට හෝ තරගය පැවත්මට සාපේක්ෂ එකක් විය.ඔවුන් ශ්‍රී ලංකාව සමඟ තරග වැදුණේ ඊට වෙනස් ආකාරයකින්ය.නැත්නම් ඒ මොහොතට ගැලපෙන අයුරෙන්ය.
Sri News Media