හිටපු ඇමතිවරුන්ට බාලගිරිදෝශයද?

0
2


රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. නිල නිවාසවලින් මෙතෙක් භාරදී ඇත්තේ නිවාස 14ක් පමණක් බවටද වාර්තා වේ,

එවක සිටී අමාත්‍යවරුන් 28දෙනෙක්ට නිල නිවාස නිකුත් කර ඇති බව සඳහන් වේ.

නිල නිවාස භාරදීමේදී ඒවායේ හිඟ විදුලි බිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බව අමාත්‍යාංශය සඳහන් කළේය. සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here