පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස වලින් 27 ක් යළි රජයට පවරා ගෙන ඇති බව සඳහන් වේ.
තවත් එක් නිල නිවසක් පමණක් රජයට පවරා ගැනීමට ඇති බවත් , ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රැඳී සිටි නිල නිවස බවත් වාර්තා වේ.
එම නිවසට අදාළව ගෙවිය යුතු කුලී ගාස්තු අඩුපාඩුවක් මත නිවස රජයට පවරා ගැනීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ, එම කටයුතු කඩිනමින් අවසන් කර අදාළ නිල නිවස ද, රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.
Sri News Media