හැම පුරවැසියෙක්ම ඡන්දය පාවිච්චි කරන්න – ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයෙන් ඉල්ලීමක්!

0
24


පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් ඉතාම සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමිවන බවයි දේවගැතිතුමන් සඳහන් කළේ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (13) ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එසේම මෙවර මහමැතිවරණයේ දී තම නියෝජිතයන් තෝරා ගැනීමේ දී චෝදනා රහිත,පළපුරුදු පරිණත අය සේම උගත් බුද්ධිමත් තරුණ පරපුර දෙස ද අවධානය යොමු කරන ලෙසත් වි⁣ශේෂයෙන් කාන්තා නියෝජනය ගැන අවධානය යොමු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

නොසලකා හැරීමට ලක් වී ඇති ජනතාව ගැන, ප්‍රතිසංධානය ගැන, පරිසරය ගැන ගැඹුරින් සලකා බලන අය මෙවර පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ද ජනතාව අවධානය යොමු කළ යුතු බව එහිදී ක්‍රිෂෝර් ගාන්ධි කුමාර් දේවගැතිතුමා පැවසූහ.

මෙහි දී ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් සුජිත සිවඥානගම් පියතුමා ද එම මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරක රැල්ස්ටන් වයමන් මහතා ද ලංකා සභාවේ කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමා ද අදහස් දැක්වූහ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here