හරීන්ගේ වලියට හේතුව බිලී සිංදු කියන්න ඉඩ නොදීම ලු ?

0
16


හරීන් ඔතන ඔය වලිය දාගත්තු හේතුව ගැනත් යමක් අපට ආරංචි වුණා. කතාව මෙහෙමයි ….

හරීන් ප්‍රනාන්දු කට්ටියක් එක්ක CH & FC ක්‍රීඩා සමාජයේ තිබුණු සාදයකට ගිහින් තියෙනවා. ඔහු සෑහෙන පදමකට බීමත්ව ඉඳලා තියෙන්නෙ. ඔන්න ඔය වෙලාවේ හරීන්ගෙ කලින් බිරිඳ ඔය සාදයට එනවා හරීන් දැකලා. බීමතින් හිටපු හරීන්ට පරණ බිරිඳට ඇහෙන්න සිංදුවක් කියන්න ඕනෙ වෙලා. ඒ වෙලාවේ සාදයට සංගීතය සපයමින් ඉඳලා තියෙන්නෙ බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ ටූෆෝටිටූ සංගීත කණ්ඩායම ලු. හරීන් ගිහින් බිලී ප්‍රනාන්දුගෙන් මයික් එක්ක ඉල්ලලා තමන්ට සිංදුවක් කියන්න ඕනෙ කියලා. නමුත් හරීන් ඉඳපු තත්වය අනුව ඔහුට කොහෙත්ම සිංදු කියන්න දෙන්න බැරි නිසා බිලී ඉතාම නිවැරදි ආකාරයට බොහෝම කාරුණිකව හරීන්ගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා එතැනින් අයින් වෙන්න කියලා හරීන්ගෙන් කාරුණිකව ඉල්ලුවා කියලායි ආරංචි.

ඉතින් ඕකට මළ පැනලා තමයි හරීන් ප්‍රනාන්දු අර වීඩියෝ එකේ පෙනෙන විදියට කුණුහරුප වපුරමින් කෑගහන්න පටන් අරන් තියෙන්නෙ. සංගීත කණ්ඩායමේ නායකයාට බැන බැන හරීන් දාපු ඒ සංදර්ශනයට ප්‍රතිචාරයක් හැටියට තමයි වටේ ඉඳපු අය හූ කියලා තියෙන්නෙ.

ඒ අනුව ඉතින් හරීන්ට මෙතැනදී හම්බ වුණු “හූ”ව නම් කිසිම දේශපාලන ප්‍රශ්නයක් නිසා ලැබිච්චි එකක් නෙවෙයි හරීන් ඩෝප් පිට ඉල්ලාගෙන කාපු එකක් කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ.

ප. ලි. –

මෙම පුවත අප වෙත ලැබුණු තහවුරු නොකළ ආරංචිමාර්ග අනුව පළ කළ පුවතකි. මෙයින් කිසියම් හෝ පාර්ශ්වයකට අගතියක් සිදුව ඇතැයි සිතන්නේ නම් ඔවුන්ගේ “පිළිතුරු දීමේ අයිතියට” ගරු කරමින් ඔවුන් එවන ඕනෑම පිළිතුරක් සම්පූර්ණයෙන්ම පළ කර දීමට අපි බැඳී සිටින්නෙමු.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here