හදිසියේම බූස්ස බන්ධනාගාරයෙන් හමු වූ දේ!

0
56


හදිසි සෝදිසි කිරීමකදී, බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකතන තුනක් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙන බව සඳහන් වේ.

විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂා කිරීම් සිදුව ඇති අතර , සීසීටීවී දර්ශන අනුව බන්ධනාගාරයේ විශේෂ මැදිරියේ සී කොටසේ අංක 69 සිර මැදිරියේ හා අංක 74 සිර මැදිරියේ තිබී ඒවා හමුව ඇත.

ඒ අනුව ජංගම දුරකතන තුනක්,  හෑන්ඩ් ෆ්‍රී එකක්,  චාජරයක් හා ඩේටා කේබලයක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය සදහන් කළ බව පැවසේ .



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here