සහල ඒකාධිකාරයන්ට වැඩ වරදියිද?

0
27


ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සහල් සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය ගැන පැහැදිලි කරමිනි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සහල් සංචිත සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලැබුණු වාර්තාව හා පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද සමීක්ෂණ අනුව තොරතුරු දෙකක් වාර්තා වී ඇති හෙයින් දෙපාර්ශවයම සමඟ කරන ලද සාකච්ජාවට අනුව සහල් හිඟයක් ඇතිවීමේ හැකියාව පැවතීම නිසා විවෘතව සහල් ආනයනයට පියවර ගත් බව ජනාධිපතිවරයා පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලද වාර්තාව අනුව රට තුළ සහල් සංචිත ප්‍රමාණවත් ලෙස පැවතුණත් පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද සමීක්ෂණ අනුව සහල් හිඟයක් ඇතිවන බවට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව සතොස හරහා ආනයනයට යම් කාලයක් ගතවෙන හෙයින් එළඹෙන දෙසැම්බර් 20 වැනිදා තෙක් විවෘත ආනයනකකරුවන්ට ඒ සඳහා අවස්ථාව දුන බවත් දෙසැම්බර් 20 වැනිදා වන විට සතොස වෙත සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ලැබීමට නියමිත බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

පවතින තත්ත්වය අනුව වෙළෙඳපොළ හැසිරීම දෙස බලා එය තුලනය කරගැනීමට කටයුතු කරන නමුත් ඉදිරියේදී දෙතුන් දෙනෙකුට සීමා වී තිබෙන සහල් ඒකාධිකාරියට නිසි පිළිතුරු දෙන බවයි ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

තවදුරටත් එම වෙළෙඳ ඒකාධිකාරයන්ට යට විය නොහැකි නමුත් ඔවුන්ට සතුව මේ මොහොතේ හයියක් පවතින්නේ රජය සතුව ඔවුන් පාලනයට මෙවලමක් නොමැති නිසා වන හෙයින් එය වැලැක්වීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න බවත් ඊට යම් කාලයක් ගතවෙනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here