සඟවා ගෙන සිටින සහල් තොග සොයා විමර්ශන ඇරඹේ!

0
18


ඒ අනුව පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව ඊයේ (08) සිටම ආරම්භ කෙරුණ අතර එම සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන්නේ.

ජනාධිපතිවරයාගේ එම නියෝගය අනුව අද සිට දින 10 ක් දෛනිකව සහල් මෝල් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරනු ලැබේ.
මෙම ක්‍රියාවලියට අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලිය, නිව්රත්න, නිපුන, ලක් සහල්, මේනක, හිරු, ජයවික්‍රම සහ වීහේන යන ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන 8 පරික්ෂාවට ලක්කිරීමට නියමිත බව සඳහන්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේද ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන 5ක් අධීක්ෂණය කිරීමට නියමිත අතර ඉරේෂා, ලයනල්, WHG, නවෝද්‍යා සහ සනූජා සහල් නිෂ්පාදන ආයතන ඒ අතර වෙයි.

පාරිභෝගික අධිකාරිය විසින් ගෙන යන විමර්ශනය යටතේ වී තොග මිලදී ගැනීම, දෛනික නිෂ්පාදනය, සහල් තොග නිකුත් කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමට නියමිතයි.

උපරිම සිල්ලර මිලකට යටත්ව ඊයේ සිට සහල් නිකුත් කිරීමට පසුගිය 07වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී මහ සහල් මෝල් හිමියන් එකඟතාවකට පැමිණි අතර ඒ අනුව නාඩු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 230 කි.
සුදු කැකුළු කිලෝ ග්‍රෑමයක් රු.220 කට අලෙවි කළ යුතු වන අතර ආනයනික නාඩු කිලෝවක මිල, රුපියල් 220 ක් ලෙස නියම වී ඇත.

සම්බා කිලෝවක් සඳහා උපරිම මිල ලෙස රු.240ක් දක්වා තිබේ. කීරි සම්බා කිලෝවක මිල, රුපියල් 260කි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here