රගර් ලීග් තරගාවලියේ කෝඩුකාරයින් වූ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සිය පළමු පෙළ තරග සහභාගීත්වයේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණා.ඒ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලකුණු 24 – 21 ලෙස පරාජයට පත් කරමින්.
මේ තරගයේදී මේ තරගාවලියේ ඒ කාණ්ඩයේ කෝඩුකාරයින් ලෙස ශ්‍රී ලයන්ස් මුල් තරගවලදී තරගයේ දෙවන භාගයේදී වඩාත් දුර්වල වෙන ආකාරයක් දකින්නටත් තිබුණත්,මේ තරගයේදී එය කණපිට හරවා ගෙන තිබුණා.පළමු අර්ධය ලකුණු 10 – 7 ක් ලෙස ඉදිරියෙන් සිටින ශ්‍රී ලයන්ස් දෙවන අර්ධයේදී තවත් ලකුණු 15 ක් ලබා ගන්නේ සීඑච් කණ්ඩායමට ලකුණු 14 ක් පමණක් ලබා ගැනීමට ඉඩ සළස්වමින්.
සමස්ත තරගයේදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය උත්සාහක දිණුම් තුනක් වාර්තා කරනවා.චානක චන්දිමාල්,කවීශ ඉඳුරංග සහ මොහොමඩ් නිශ්රාන් එම උත්සාහක දිණුම් තුනේ හිමිකාරීත්වය දරනවා.ඉන් දෙකක ප්රවර්ථන සාර්ථක ලෙස අවසන් කරමින් සහ නිදහස් පහරක ඉලක්කය සාර්ථක කර දෙමින් කෙවින් ඩික්සන් ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ දැමීමට දායක වෙනවා.
අංජුල හෙට්ටිආරච්චි,චමත් කොඩිකාරගේ සහ නිසල් චමුදිත සීඑච් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් තුනක් වාර්තා කරද්දී එම අවස්ථා තුනේදීම නිවැරදි ඉලක්කය ලබා ගනිමින් සාර්ථක ප්රවර්ථන තුනකට දායකත්වය ලබා දෙන්නට ජනිත් චන්දිමාල්ට හැකි වෙනවා.
අනේක විධ විරෝධතා මැද පළමු පෙළ තරගාවලියට ශ්‍රී ලයන්ස් උසස්වීම වෙනුවෙන් නොව ඔවුන් උසස් කළ යුතුය යන මතයේ අප පළමු මොහොතේ සිටම පෙනී සිටියා.නම් දැරූ චලන රූප මාධ්‍ය වෙත බොහෝ විට ක්‍රීඩාවේ ඇති වන ආකර්ශනය මත ක්‍රීඩාව,ක්‍රීඩකයා,ක්‍රීඩා පරිපාලකයා සහ ක්‍රීඩා සමාජ යොමු වන්නට ලොබ බඳින වටපිටාවක,මතයක් සහ සැළසුමක් ලෙස ශ්‍රී ලයන්ස් පළමු පෙළට රැඟෙන ආ යුතුය යන අදහස තර්කයක් ලෙස ගොඩ නඟන්නට මුල් වීමේ ආස්වාදය සමහර විට මේ තත්ත්වයන් ශ්‍රී ලයන්ස් නොදන්නා විය හැකි වුව ද අපට මතක තිබෙනවා.
එය නිශ්චිත ජාතික පරිපාලන රටාවක පැමිණිය යුතු ගමණක් බවත්,කුමන හෝ ගැටවවක් සියලු ක්‍රීඩා සමාජ එම ක්‍රීඩාවේ පරිපාලනය විසින් එහි ව්‍යවස්තාවට අනුව දෙනු ලබන තීරණවලින් පමණක් විසඳිය යුතු බවත් රගර් සම්බන්ධයෙන් පවතින සියලු ගැටළු සම්බන්ධයෙන් අපේ මතය වුණා.එසේම දෙවන පෙළ රගර් කණ්ඩායමක් පළමු පෙළට,පළමු පෙළ කණ්ඩායමක් දෙවන පෙළටත් යන ආකාරයට,පළමු පෙළ කණ්ඩායම් අටක සටනක් ලෙස පවත්වා ගෙන යා යුතු බවත්,එහී දී පළමු පෙළ අහිමි වීම වළක්වා ගන්නට එම කණ්ඩායම් ද,දෙවන පෙළ තත්ත්වය පළමු පෙළට උසස් කර ගැනීම සඳහා දෙවන පෙළ කණ්ඩායම් ද වඩාත් හොඳින් ක්‍රීඩා කරනු ඇති බව ද අප පෙන්වා දුන්නා.ඒ අනුව පළමු පෙළ සහ දෙවන පෙළ තරගාවලි දෙකේම ක්‍රීඩාවේ ශක්තිමත් භාවය සහ ගුණාත්මක භාවය උසස් වෙන බවත් අප අදහසක් හැටියට ඉදිරිපත් කළා.
Sri News Media