මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එකතු වුණ විමත් දින්සර දියත් කළ සුපිරි ඉණිමට නිසි ගෞරවය ලබා දෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.ඒ නිසා බංගලාදේශය සමඟ පැවති තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් ලබමින් ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයට සිය කාණ්ඩයේ පළමු වැන්නා ලෙස පිවිසීමේ අවස්ථාව උදා විය.
දින්සර ලකුණ
ගෙවුණු තරග දෙකේම ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ සාරුජාන් ෂන්මුගනාදන් ලකණු 4 ට දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පූවරුව 15 ක් විය.එතැන සිට අවසාන ක්‍රීඩකයා ලෙස දැවී යන තෙක්ම කඩුල්ලේ සිටිමින් දින්සර දියත් කළ ඉණිම හේතුවෙන් ශ්‍රී ලංකා ලකුණු පූවරුව 228 දක්වා ඉහළට එසැවිණි.ඉන් ලකුණු 106 ක් ම ශ්‍රී ලංකාවට හිමි වූයේ දින්සරගේ පිත්තෙන්ය.
ඒ වෙනුවෙන් හොඳම සබඳතාවය වාර්තා කරන්නට දින්සරට සහය වූ නායක විහස් තෙව්මික (22) හත්වන කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවයක් ගොඩ නැඟුවේය.ලකුණු 20 ක් රැස් කළ විරාන් චමුදිත සමඟ හයවන කඩුල්ලට ලකුණු 46 ක සබඳතාවයකට දායක වූ දින්සර ලක්වින් අබේසිංහ (21) සමඟ 4 වන කඩුල්ලට ලකුණු 40 ක් එකතු කරන්නට සමත් විණි.
කඩුලු බිඳ වැටෙන්නට නොදී අනෙක් අන්තයේ පිතිකරුද මෙහෙයවමින් පරිණත පිතිකරුවෙකුගේ වගකීම ඉටු කරමින් ක්‍රමවත්ව සිය ඉණිම ගොඩ නැඟු දින්සර සිය අර්ධ ශතකයට ලබා ගන්නට පන්දු 91 වැය කළේය.ඔහුගේ දෙවන ලකුණු 50 සඳහා ගත කළේ පන්දු 37 ක් පමණි.ලකුණු 106 ක් ලබා ගැනීම සඳහා ඔහු මුහුණ දී තිබුණේ පන්දු 132 ට පමණි.ඉතාම සැළසුම් ඉණිමක් ගොඩ නැඟූ ඔහු ලකුණු තිස් ගණන්වල අග භාගයේද ඇතැම් විට සිටියේ ලකුණු ලබා ගැනීමේ වේගය 50 අඩුවෙන් පවත්වා ගනිමින්යකඩුලු දැවෙන්නට නොදී රැක ගැනීම අවසාන භාගයේ ලකුණු වේගය වැඩි කර ගැනීමට යොදා ගනිමින් ඔහු සිය සැළසුම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලැබිය හැකි ලකුණු පූවරුවක් නිර්මාණය කිරීම දක්වා පෙරට ගෙන ආවේය.
පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායමේ කැපී පෙණුන පන්දු යවන්නා වූයේ අල් ෆාහඩ් ය.ඔහු ලකුණු 50 ශ්‍රී ලංකා කඩුලු 4 ක් ම ඩැහැ ගැනීමට සමත් වූ අතර,රිසාන් හොසාන් ලකුණු 40 ට කඩුලු 3 ක් බඳි දැමීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ හැකියාව
ලකුණු 228 ක් රැක ගැනීම පහසු නැත.බංගලාදේශය මීට පෙර සහභාගි වූ තරග දෙකේදීම ශ්‍රී ලංකාව මෙන්ම පහසු ජයග්‍රහණ අත් කරගෙන සිටීම නිසා බංගලාදේශ පිතිකරුවන් පාලනය පහසු නැත.සිතු සේ ම ආරම්භක කඩුල්ල වෙනුවෙන් අවශ්‍යය ලකුණු වේගය සමඟ ලකුණු 32 ක සබඳතාවයක් ඇති විය.එය බිඳ වැටුණේ පුලින පෙරේරා කෙළින්ම කඩුල්ලට පන්දුව එල්ල කිරීම නිසා දුවද්දී දැවී යාමෙන්ය.
ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය පන්දු යැවීමට පැමිණි මුල් මොහොතේ සිටම බංගලාදේශ පිතිකරුවන්ට ආක්රමණික ස්වරූපය වෙනස් කරන්නට සිදු විය.එසේම කුගදාස් මතුලන්ගේ මාලිංගානුරූපී පන්දු ඉදිරියේද ලකුණු ලබා ගැනීමට පහසු නොවිණි.විශේෂයෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රදර්ශනය කළ පන්දු රැකීම පැසසුම් සහගතය,උදාරය.
මේ සියල්ල බංගලාදේශයට එරෙහිව සංවිධානාත්මකව කණ්ඩායමක් හැටියට දියත් කරද්දි මෙල්ල නොවී ඉවසිමෙන් ක්‍රියා කළ ආරම්භක පිිතිකරු කලාම් සිද්දිකි පන්දු 134 න් ලකුණු 95 ක් ලබමින් බංගලාදේශය ජයග්‍රහණය පෙනෙන මානයටම ගෙන ආවේය.විශේෂයෙන් සිව්වන කඩුල්ල වෙනුවෙන් කලාම් සමඟ ඩෙබාසිස් ඩෙබා (31) සමඟ සිව්වන කඩුල්ලට එකතු කළ ලකුණු 74 ක සබඳතාවය තරගයේ වාසිදායක පැත්ත බංගලාදේශය පැත්තට හරවන මෙවලමක් විය.
ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ඉහළින් තිබුණත් කලාම් සිද්දික් දවා ගැනීමට නිව්ටන් රංජිත්කුමාර්ට ලැබුණු උඩ පන්දුව ගිලිහී නොයන්නට ශ්‍රී ලංකාවට මීට බඩා වැඩි ලකුණු ගණනකින් ජය ගන්නට ලැබෙනවා නිසැකය.එසේම ෆරීඩ් හසන් සහ සාමිඋන් බසීර් ලබා ගත් කෙටි ලකුණු ප්‍රමාණය අඩු කර ගැනීම ගැන අවධානය යොමු කළානම් ද එහෙත් ලකුණු පරතෙරය අඩු වන්නට තිබිණ.
පන්දු යැවීමේදී නායක විහස් තෙව්මික ලකුණු 37 ට කඩුලු 3 ක් ලබා ගත් අතර කුගදාස් සතු වූයේ එක කඩුල්ලක් වුව ද ඔහු පන්දු ඕවර් 8.3 දී ලකුණු 29 ක් පමණක් ලබා දෙමින් කළ පන්දු යැවීම බංගලාදේශයට විශාල පීඩනයක් එල්ල කරන්නට සමත් විය.
තරගයේ ලකුණු පූවරුවට පිසිසෙන්න.→ https://es.pn/3ZbbHr6
Sri News Media