වේයන්ගොඩ නිදන් හෑරීමෙන් අන්තිමට ලැබුණු දේ !

0
3


ඊයේ දිනයේදී එහි මතුවුණු ගල් තලාවක් කඩා ගොඩ ගැනීම අද දිනයේ සිදුකෙරුණු අතර පස්වරුවේදී ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි කුඩා කැබලිවලට කඩමින් පරීක්ෂා කළත් කිසිදු ආගන්තුක දෙයක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

ගල් කැබලි ගොඩගැනීමෙන් අනතුරුව කැණීම් කළ ස්ථානය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ ද එම යන්ත්‍රයෙන් කිසිදු දෙයක් පෙන්වා නොමැති බවත් සඳහන්.

මෙම ස්ථානයේ මීට පෙර කණ්ඩායම් කිහිපයක් විසින්ම නිධන් හෑරීම සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් භික්ෂුවක් ඇතුළු 09 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් වාර්තා විය.

ඒ අනුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගයක් අනුව වේයන්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් පසුගිය දින තුනේ මෙම නිධන් කැණීම සිදුකෙරිණි. රාජ්‍ය ආයතන කිහිපයක්ම මීට දායකත්වය දී තිබුණු අතර මෙරට රාජ්‍ය ආයතන දායකත්වයෙන් නිධන් හෑරීමක් සිදුකෙරුණු පළමු අවස්ථාව මෙය බවත් පැවසේ.

මෙම ස්ථානයෙහි පුරාවස්තු කිසිවක් නොමැති බවත් මෙහි කැණීම් කරන්නේ මිත්‍යා මතයක් අනුව බවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණවලින් පසු ප්‍රකාශ කර තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ස්කෑන් පරීක්ෂාවක් සිදුකර මෙහි යම්කිසිවක් ඇතැයි පැවසීම හේතුවෙන් මෙම කැණීම් සිදුකර ඇති බවත් වාර්තා වී තිබිණි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here