වෙනසක් කරන්න ආපු අයත් ණය ගන්නවා. ගමට කන්න දෙන්නේ සල්ලි අච්චු ගහල – අනුරාධ ජයරත්න

0
35


මේ ආකාරයටම ඉදිරියටත් කටයුතු කළහොත් යළිත් රට ආර්ථික වශයෙන් කඩාවැටී බරපතළ අර්බුදයකට ගමන් කරන බවයි ජයරත්න මහතා සඳහන් කරන්නේ.

යළිත් මේ රට කඩා වැටුණහොත් රටේ පෝලිම් යුගයක් ඇතිවීම අනිවාර්යයක් වන බවත් රට එතැනට වැටෙන්නට පෙර ආරක්ෂා කර ගැනීමට නම් නොවැම්බර් 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරයක් පාර්ලිමේන්තු යවා ගෞරවනීය විපක්ෂයක් වෙනුවෙන් ශක්තිය එක්කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

‘නොවැම්බර් 14 ජන්දය ඉවරවෙලා, ඊට පහුවදා අනුර දිසානායකගේ ආණ්ඩුව වට්ටන්න තරම් අපි කුහක නෑ. යම් විදිහකට රට වැටුණොත් ඒ කඩා වැටෙන්නේ සමස්ත රට බව මතක තබාගත යුතුයි ඔබට මතක ඇති 2022 දී රට වැටුණු ආකාරය. එහිදී 69 ලක්ෂය කියා හෝ 54 ලක්ෂය කියා වෙනසක් තිබුනේ නෑ. නිල්, කොළ, රතු භේදයක් තිබුනෙත් නෑ. අපි සේරටම පෝලිම් වල ඉන්න වුණා. ඒ නිසා මේ රට නැවත කඩාගෙන වැටුණොත් රට ආයෙත් පෝලිම් යුගයකට යනවා. එතනට රට වැටෙන්න කියන කුහක දේශපාලනයේ අපි නෑ. නමුත් අනුර දිසානායක ජනාධිපතිව මේ ගෙවුණු දින හතලිස් ගණනක කාලය තුළ සියල්ල දින 24ක් යන තැන බිලියන 60ක ණය ගත්තා. දින 41 වෙනකොට තවත් බිලියන 100ක් අච්චු ගහන්න අනුමැතිය දීලා. දින 41ක් තුළ බිලියන 160ක ණය ගන්නවා නම්, වෙනසක් කරන්න කියා පැමිණි අනුර දිසානායක පාලනය මේ රට ඉදිරියට ගෙනියන්න හදන්නේ මෙහෙම නම් ඉදිරියේදී බරපතල ගැටලුවකට මුහුණදෙනවා.

නොවැම්බර් මාසය වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ තුන්වන සමාලෝචනය සිදුකළ යුතුයි. එය තවමත් නෑ. ඒ නිසයි අපි කියන්නේ, අපි ඉදිරිපත්වෙන්නේ හෙට ආණ්ඩුව ගෙදර යවන්න නෙවෙයි. නමුත් ඔබේ කතිරය හෙට රටේ අනාගතය තීරණය කරනවා. මේ රට අදටත් තියෙන්නේ දැඩි සත්කාර ඒකකයේ. රට මෝචරියට යවනවද,සාමාන්‍ය වාට්ටුවට යවනවද කියන දේ තීරණය වෙන්නේ ඔබේ කතිරයෙන්.

එදා ඔවුන් කිව්වා අනුර ජනාධිපති වුණාට පස්සේ අඩු මිලට බිත්තර දෙනවා කියලා. එදා පැවති බිත්තර මිලෙන් රුපියල් 8ක් ඇමතිගේ සාක්කුවට යනවා කිව්වා. ඒ කාලේම තමයි අනුර ජනාධිපති වුණා, බිත්තරේ මිලත් එක පාරට අඩු වුණා. ඒ පාර එක කෙළියයි, අනුර ආවා, බිත්තරේ මිල බැස්සා, ඒ කොමිස් නොයන නිසා කියලත් කිව්වා. හැබැයි සතියක් යන තැන ආපසු බිත්තරේ මිල ඉහළ ගියා. දැන් වෙච්ච දේ අහන්න වෙන්නේ කිකිලිගෙන් තමයි. තෙල් මිල ගැන ඔවුන් මොකක්ද එදා කිව්වේ. ඔවුන් කිව්වා තෙල් ලීටරයකින් කංචන විජේසේකර ඇමතිතුමාගේ සාක්කුවට රුපියල් 120ක් යනවා කියලා. අද අපිට අහන්න වෙනවා ඒ කියපු රුපියල් 120 ගන්නේ නුර දිසානායක ද කියලා. ඒ නිසා තවදුරටත් මේ වගේ බොරුවලට ජනතාව රැවටුණොත් මේ රට තමයි කඩා වැටෙන්නේ. අපේ රටේ මතවාද හදන්න හරි ලේසියි. දැන් අර සුදුරෙදි හොරා කියලා කුරුල්ලෙක් හිටියට ඒ කුරුල්ලා සුදුරෙදි හොරකමේ යනවා නෙවෙයි. නමුත් කතාව හදන්නේ එහෙමයි….. ඔබතුමන්ලා ලියලා තියාගන්න නැවත මේ රට තවත් අවුරුදු එකහාමාරකින් බලය භාරගන්න වෙන්නේ අපේ කණ්ඩායමටයි. ඒ වෙනුවෙන් ඉදිරි මැතිවරණයේදී වැටුණු රට ගොඩගෙන අත්දැකීම් ඇති ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරය සිටින ගෞරවනීය විපක්ෂයක් සඳහා නොවැම්බර් 14 වනදා ඔබේ ශක්තිය එකතු කරන්න.” යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියි.

අනුරාධ ජයරත්න මහතා මෙම අදහස් දක්වා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ගලගෙදර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here