වසරේ දක්ෂතම ක්‍රීඩක කිරුළු රාජසිංහයේ ඉන්දුරංගට සහ වික්‍රමශීලාවේ හර්ෂණීට

0
31


ජාතික ක්‍රීඩාවේ අනාගතය සකස් කරන සරු බිම හැටියට ගත හැකි ඩීඑස්අයි ජාතික වොලිබෝල් සූරතාවලිය 2024 වසරට නිමාවට පත් වුණේ මෙම තරගාවලිය හරහා තෝරා ගන්නට යෙදුණ වසරේ දක්ෂතම ක්‍රීඩිකාව වීමේ භාග්‍යය අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩිකාවක වන ගිරිඋල්ල වික්‍රමශිලා විද්‍යාලයේ හර්ෂනී නිසංසලාට හිමි වෙමින්.ඇය 17 න් පහළ ක්‍රීඩිකාවක ලෙස ඒ ආකාරයට ඇගයීමට ලක්වීම විශේෂ සිදුවීමක් වුණා.වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා වීමේ භාග්‍යය උදා කර ගත්තේ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ අවුරුදු 19 න් පහළ කාණ්ඩය නියෝජනය කළ ඉන්දුරංග දිසානායකයි.

නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයට වාර්තාගත ජයග්‍රහණ හයක් උරුම කරමින්.නොවැම්බර් 29 සහ 30 යන දෙදින තුළ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දි පැවති මෙම තරගාවලියේ පළමු දිනය නිමා වන විටත් සූරතා පහක් ජයගෙන සිටි නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලය,නොවැම්බර් 30 වන දින එම ජයග්‍රහණ පහට අවුරුදු 17 න් පහළ බාලක සූරතාවයත් එකතු කර ගන්නට සමත් වුණා.

නොවැම්බර් 30 වන දා පැවති තරගවලදී ධම්මිස්සරය අවුරුදු 17 න් පහළ බාලක සූරතාවය දිනා ගනිද්දි එම වයස් කාණ්ඩයේ සූරියන් වීමේ භාග්‍යය වික්‍රමශිලා විද්‍යාලය විසින් හිමි කර ගනු ලැබුවා.අවුරුදු 19 න් පහළ බාලිකා සූරතාවය හිමි වුණේ හුංගම විජයබා ජාතික පාසලටයි.බාලක සූරතාවය රුවන්වැල්ල රාජසිංහය සතු වුණා.

http://www.sportwaynews.com



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here