“මේ ආණ්ඩුව බලයට ආපු ගමන් වසන්ත සමරසිංහ මැතිතුමා මැදිහත් වෙලා, ජනාධිපති ලේකම් කාර්යාලයේ පාවිච්චි කරපු වාහන කියලා වාහන ගෙනල්ලා පෙන්නලා වාහන සංදර්ශනයක් පවත්වලා මේ වාහන ආයෙ පාවිච්චි කරන්නෑ, ඉන්ධන භාවිතය බොහොම අඩු වාහන තමා පාවිච්චි කරන්නෙ කියලා ලොකූ මුසාවාදයක් රටට ඉදිරිපත් කළා. දැන් මං අහන්න කැමතියි වසන්ත සමරසිංහ ඇමතිතුමා පාවිච්චි කරන වාහනේ මොකක්ද ? හරිනි අමරසූරිය අගමැතිතුමිය නම් ඩබල් කැබ් එකේ යනවා. වසන්ත සමරසිංහ ඇමතිතුමා අද රෙදි ඇඳගෙනද ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් පාවිච්චි කරන්නෙ ?”
චන්දිම ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වසන්ත සමරසිංහ මහතා භාවිතා කරන වාහනය කුමක්දැයි පසුගිය සතියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ද ප්‍රශ්න කෙරුණු අතර ඒ මහතා එහිදී තමන් ජීප් රථයක් භාවිතා කරන බව පැවසූ නමුත් නිශ්චිතව එහි වර්ගයක් පැවසුවේ නැත.
RN
Sri News Media