ලංවිම බෝනස් : රංජන් ජයලාල්ගේ ඉල්ලීම ඉවතට !

0
14


මේ වසරේදීත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට බෝනස් දීමනා නොගෙවීමට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බැවින් සේවකයින්ට බෝනස් ගෙවීමට හැකියාවක් නොමැති බවටයි එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ.

දෙසැම්බර් 10 වනදාට පෙර විදුලි සේවකයින්ට බෝනස් දීමනා ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පසුගියදා ලංවිම සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණු අතර එම ඉල්ලීම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here