ලංකාවේ මැරතන් ක්‍රීඩකයින් මැකෝවා ගියේම නැද්ද?

0
28


ශ්‍රී ලංකාවෙන් මැරතන් තරගයකට පිටත් කර යවන ලද ක්‍රීඩකයෙක්,ක්‍රීඩිකාවක් සහ පුහුණුකරුවෙක් නැවත ආපසු හරවා එවනවා.ඊට බල පෑ හේතු අප ඉතාමත් පැහැදිළිව,වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා සිඳු වූ බව ද පෙන්වා දෙනවා.එරට ආගමන විගමන නීතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පැහැදිළිව අන්තර්ජාලය හරහා සොයා ගැනීමට හැකියාව තිබියදී එරටින් සංවිධායකයින් එවන ලද ලිපියක “ඔන් ඇරයිවල් වීසා“ ලබා දෙන බව සඳහන්ව තිබීම නිසා මේ ක්‍රීඩකයා,ක්‍රීඩිකාව සහ පුහුණුකරු එම තරගයට පිටත් කර යවනවා.

මේ කරුණ පමණක්ම වුව අදාළ වගකීම් විරහිත කාරණය පිළිබඳව පරීක්ෂණයක් කිරීමට ප්‍රමාණවත් වුවත්,එයින් ක්‍රීඩකයා,ක්‍රීඩිකාව මුහුණ දුන් අපහසුව ඇරෙන්න වැරදි තීරණය ගත් අයට කිසිඳු ප්‍රශ්න කිරීමක්,දඬුවම් කිරීමක් නැහැ.

ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට සිඳු වූ දේ
වගකිමෙන් තොරව රටකට එරට ආගමන විගමන නීතිය උල්ළංඝණය කර ඇතුල්වීමට හැදූ බවයි එම සංචාරයට සහභාගි වූ තිදෙනා මැකාවෝ පරිපාලනය විසින් සළකන්නේ.ඒ අනුව ඔවුන් ප්‍රවාහනය කළ සිංගප්පූරු ගුවන් සේවයටම වැරදි අන්දමට මැකාවෝ රාජ්‍යයට ඇතුල්වීමට උත්සාහ කළ තිදෙනා ශ්‍රී ලංකාවට යැවීමට භාර දෙනවා.
එතැන් පටන් ඔවුන්ට සපත්තු පැළදීමට පවා අවස්ථාව නොඳුන් අවස්ථා වාර්තා වෙනවා.ඔවුන්ගේ ගුවන් ටිකට් පත්,පාස්පෝට් මෙන්ම ජංගම දුරකතන පවා අහිමි කරනවා.(සුළු වේලාවකට පමණක් ඔවුන්ගේ අධික්ෂණය යටතේ දුරකතනය භාවිතා කිරීමට අවසර ලැබෙනවා)ඒවා නැවත ලංකාවට එන තෙක් මැකාවෝ හී සිට සිංගප්පූරුවට එන තෙක් ද,එතැන් පටන් ශ්‍රී ලංකාවට එන තෙක් ද ගුවන් සේවය යටතේ තිබෙන අතර මොවුන් ශ්‍රී ලංකාවට භාර දෙන තෙක්ම යහපත් සැළකිල්ලක් වෙනුවට නිදහසට හිරිහැර වෙන ආකාරයෙන් කටයුතු කර තිබෙනවා.ඊට හේතුව ඔවුන් මැකාවා රාජ්‍යයට අනීතික විදිහට ඇතුල් වීමට තැත් කළ පිරිසක් හැටියට සැළකීමයි.

ගුවන් සේවයට වූ හානිය
මේ අනීතිකව ඇතුල් වීම සඳහා පිරිසක් රැඟෙන ඒමේ වරද පැටවෙන්නේ ගුවන් සේවයටයි.ඔවුන්ට විශාල මුදලක් දඩ වශයෙන් ගෙවන්නට සිඳු වෙන්න බොහෝ විට ඉඩ තිබෙනවා.එය ලංකාව පැත්තෙන් සිඳු නොවිය යුතු දෙයක්.ගුවන් සේවය පැත්තෙන් මේ ප්‍රශ්නය බලන විට ඔවුන් වැරදි ආකාරයට ගුවන් මඟීන් රැඟෙන ගොස්,මැකාවා වෙත ඇතුල් කිරිමට උත්සාහ කිරීමේ චෝදනාවට ලක් වෙනවා.ඔවුන් දඩ මුදලකට යටත් වීමේ අවධානමේ සිටින්නේ ඒ නිසයි.

මේ තත්ත්වය මත සිංගප්පූරු ගුවන් සේවයට විශාල දඩයක් ගෙවීමට හැකි විය හැකි බව ශ්‍රී ලංකා ගුවන් සේවයට සම්බන්ධ නිලධාරියෙකුගෙන් විමසූ විට දැන ගන්නට ලැබුණා.සිංගප්පූරු ගුවන් සේවය ඒ සිඳු වූ හානිය,ශ්‍රී ලංකාවේ සංචාරයට එක් වූ තිදෙනාට කිසිඳු ආකාරයකින් පහසුවක් නොපෙන්වීමට හේතු වි තිබෙනවා.අපරාදකරුවන් රැඟෙන එන ආකාරයට නැවත ශ්‍රි ලංකාවට රැඟෙන විත් මේ තිදෙනා යොමු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි.මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් සහ තරගවලට යන ක්‍රීඩා කණ්ඩායම්වලට සිංගප්පුර් ගුවන් සේවයෙන් පෙර තිබුණු සැළකිල්ල නොපෙනී යන්නට ඉඩ තිබෙනවා.ඒ නිසා මේ නොසැළකිල්ල නිසා රටේ විශාල පදාසයක් ආවරණය වන පරිදි හානි වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද පරීක්ෂණවලදී තැබූ සටහන් බොහෝ විට ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු වෙන්නට ඉඩ තිබෙනවා.ඒ තත්ත්වය අනුව ගුවන් හමුදා සෙබළෙක් වූ ක්‍රීඩකයාටත්,යුද හමුදාවේ සෙබළියක් වූ ක්‍රීඩිකාවටත් ගැටළු මතු වෙන්නද ඉඩ තිබෙනවා.නිවැරදිභාවය ඔප්පු කරන්න සාක්ෂි ඔවුන් අත ඇතත්,සමහර විට එහි නිවැරදිභාවය විමසා බලන්නට කැඳවීමක් ද සිඳු විය හැකියි.එවැනි බරපතල තත්ත්වයන් කොපමණ තිබුණත්,කෙළින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැඟෙන එන දැක ගැනීමට ගුවන් තොටුපළට ඔවුන් අමාරුවේ දැමූ ඔලිම්පික් කමිටුවේ තීරණය ගත් නිලධාරීන් හෝ ඔවුන්ගේ නියෝජිතයෙක් පැමිණ තිබුණේ නැහැ.
එසේ නීතිමය වශයෙන් මෙන්ම මානුෂීය වශයෙන් ද මේ ගැටළුව ගැන සාකච්ඡා කිරීමට සිංගප්පුරු ගුවන් සමාගම් නියෝජිතයන් හා කතා කර ඇත්ත තත්ත්වය පහදන්නට නීතිඥයෙකු සහ තවත් නීතිඥයෙකු ගුවන් තොටුපළට යැවීමට ජාතික ඔලිම්පික් කමිටුවට කටයුතු කළ හැකිව තිබුණා.තමන්ට එල්ල වෙන හොර චෝදනාවලට නීතිමය සහය ලබා ගන්නා පිරිස් විදේශ තරගාවලියකට ගොස් වැරදිකරුවන් සේ නැවත හරවා එවන්නේ තමන්ගේ නොසැළකිල්ල නිසා බව සිතා ඒ ආකාරයට හෝ මොවුන් වෙනුවෙන් නීතිමය ආධාර ලබා දෙන්න තිබුණා.
ඉන් අනතුරුව හොඳ සැප නින්දේ සිටියා මිස මේ තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැඟෙන එන මොහොතේ හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට තිබුණා.ජාතික ඔලිම්පික් කමිටුව අඩුම තරමේ මේ මුදල් වියදම් කිරිමේ සිට සංචාරයට යාම දක්වා කරන දැනුවත්වීම් සභාපතිට නොදන්වා තීරණය කර තිබෙනවා.එසේ දැනුවත් කරානම් ඉතාම මෑත ඉතිහාසයේ දිනක ඔලිම්පික් කමිටු සභාපතිවරයාම මැකාවා වෙත ඇතුල් වීමට ඔන් ඇරයිවල් වීසා වලින් අවසර නොදීම නිසා ආපසු හැරී එන්නට සිඳුව තිබෙනවා.
එවැනි තත්ත්වයක් තිබියදී සොයා නොබලා යවන ලද මේ සංචාරයෙන් අද වන විට මේ තත්ත්වයට මුහුණ දුන් තිදෙනා විශාල පීඩාවකට ලක්ව තිබෙනවා.එහි වැදගත්ම තත්ත්වය සමහර විට තමන්ට සිංගප්පූරු ගුවන් සේවයේ ගමන් යාමට නොහැකි ලෙස සහ දැඩි නීති මත අවසර ගැනීමට විය හැකි තත්ත්වයක්,මේ තිදෙනාට පමණක් හෝ රටේ ක්‍රීඩා සංගම් සියල්ලටම වුවත් අත් විය හැකියි.එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිරපරාදේ යාමටත්,පැමිණිල්ලේ ස්වභාවය අනුව වින්දිතයින් සේ නම් කරන්නත් ඉඩ තිබෙනවා.
තව දුරටත් නිමා නොවුණු ප්‍රශ්නගත තත්ත්වය යටතේ මේ ක්‍රීඩකයාට,ක්‍රීඩිකාවට සහ පුහුණුකරුට අගතියක් සිදු වෙන්නට ඉඩ තිබෙනවා.රටේ සමස්ත ක්‍රීඩා සංගම් නොසළකා හිටින්නට තරම් වරදක් සිංගප්පූරු ගුවන් සේවය මත පැට වුණු චෝදනාවේ ප්‍රතිපලයක් හැටියටත් සිඳු වන්නටත් බඩ තිබෙනවා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here