රසිඳු දෙවන තරගයෙන් පරාජය වෙයි

0
26


ඉන්දියාවේ ගුවහති හි පැවත්වෙන YONEX-SUNRISE Guwahati Masters 2024 බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන රසිඳු හෙන්දහේවා තමන් සහභාගි වූ මූලික තරගය වූ ඉන්දියාවේ ආදිත්‍යා ගුප්තා සමඟ වූ තරගය ලකුණු 21-6 ක් සහ 22-20 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.එහෙත් රසිඳුට සිය දෙවන තරගයේදි,

තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්වල හත්වන තැන සිටින චෙම් ජූන් වෙයි හමුවේ පරාජය වෙන්නට සිඳු වුණා.
පළමු තරගය නිමා කරන්නට රසිඳුට විනාඩි 40 ක් ගත වුව ද,දෙවන තරගයේදි මැලේසියාවේ චෙම් ජුන් සමඟ විනාඩි 58 ක් තරගයේ තීරණය වෙනුවෙන් සටන් වඳින්නට සිඳු වුණා.චෙම් ජුන් ට ජය අත් වූ එම තරගයේ ලකුණු තත්ත්වය 17-21,21-13 සහ 21-14 ක් ලෙස වාර්තා වුණා.
රසිඳු වැඩි කාලයක් මැලේසියාවේ පුහුණුවීම්වල නිරත වෙන ක්‍රීඩකයෙක්.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here