උගන්ඩාවේ සල්ලි හංගපු කථාව කිවේ බොරුවට බව මාළිමාව පිලිඅරගෙන..
මෙ ගන්න ණය වලට කරන දේ හෙළි කළ යුතුයි.
රනිල් ඩොලර් බිලියන 18 ණය කැපුවා . අනුර කෝටි 50,000 ණය අළුතින් ගත්තා
හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධයකින් යුතුව කරනගෙන ගිය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනත් ආකාරයකින් කරන්නට ගොස් වත්මන් ජනාධිපති සහ රජය අමාරුවේ වැටී ඇති බවත්, ණය ගැනීම හැර වෙනත් කිසිම දෙයක් වත්මන් රජය කර නැති බවත් හිටපු අමාත්‍ය මනූෂ නානායකකර පවසයි.
බලය ලබා ගැනීමට බොරු කියූ ප්‍රථම දේශපාලන පක්ෂය බවට ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයට එකතුවෙන බවත්, ආණ්ඩුවේ නොහැකියාව හඳුනාගත් පිරිස් මේවන විටත් සිලින්ඩරය ලකුණ වටා එකතුවෙමින් සිටිනා බැවින් ජනාධිපතිවරණයේදී ලබාගත් 42% රැක ගැනීම ආණ්ඩුවට අභියෝගයක්ව ඇති බවත් ඔහු පැවසීය.
හිටපු අමාත්‍යවරයා මේ බව පැවසූවේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Sri News Media